Key Points
- ඔබේ නිවසේ තිබෙන ප්‍රතිචක්‍රීකරණ බඳුනට කිසිවිටෙක ඇඳුම් දැමීම සිදු නොකරන්න
- ඇතැම් ප්‍රධාන සිල්ලර වෙළෙන්ඳන් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ඕනෑම තත්වයක තිබෙන ඇඳුම් භාර ගැනීම සිදු කරයි
- දුර්වල තත්ත්වයේ ඇඳුම් පරිත්‍යාග කිරීමෙන් පුණ්‍යායතන සඳහා සහ පරිසරයට අමතර පිරිවැයක් දැරීමට සිදු වේ
The Australian Fashion Council හෙවත් "ඕස්ට්‍රේලියානු විලාසිතා කවුන්සිලය" වාර්තා කරන්නේ සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානුවන් වසරකට නව ඇඳුම් පැළඳුම් කොටස් 56 ක් පමණ මිලදී ගන්නා බවයි.
අපගේ ඇඳුම්වල විලාසිතා ඉක්මනින් කල් ඉකුත් විය හැකි අතර ඇඳුම් වලට ඉක්මනින් හානි සිදු විය හැක, නමුත් අප ඒවා වගකීමෙන් බැහැර කළ යුතු වේ.
මේ සඳහා කසළ ලෙස ඒවා බැහැර කරනු වෙනුවට පරිත්‍යාග කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම අපට සිදු කල හැක.
ඔබේ ප්‍රතිචක්‍රීකරණ බඳුන ඉවතලන ඇඳුම් සඳහා පිළිතුර නොවේ
Planet Ark හි ප්‍රධාන විධායක නිලධාරී Rebecca Gilling කියා සිටින්නේ, ඇඳුම්, සපත්තු, රෙදි, ඇඳ ඇතිරිලි, තුවා හෝ වෙනත් රෙදිපිළි ඔබේ ප්‍රතිචක්‍රීකරණ බඳුනට නොදැමීම "ස්වර්ණමය රීතිය" වන බවයි.
ප්‍රතිචක්‍රීකරණ බඳුනට රෙදිපිළි දැමූ විට එම පද්ධති හරහා රෙදිපිළි ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වීම මත ඒවා එම යන්ත්‍ර වලට පවා හැටලුවක් විය හැක.
කෙසේ නමුත් ඇතැම් ව්‍යාපාර යම් ගාස්තුවක් මත ඔබේ අනවශ්‍ය ඇඳුම් රැගෙන ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට හෝ නැවත භාවිත කිරීමට කටයුතු කරයි.

ඔබේ ඇඳුම් 'Op shop' එකකට පරිත්‍යාග කරන්න
ඕස්ට්‍රේලියානුවන් අනවශ්‍ය ඇඳුම් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වයි.
'Op shop' ලෙස හඳුන්වන පුණ්‍යායතනයක් සඳහා හෝ ඔබේ ප්‍රදේශයේ තිබෙන 'Charity bin' එකකට ඔබේ අනවශ්‍ය ඇඳුම් පැළඳුම් දැමීමට ඔබට කිසිදු මුදලක් වැය නොවේ.
ඕස්ට්‍රේලියාව පුරා Op shops සඳහා පරිත්‍යාග කරන ලද ඇඳුම් විකිණීමෙන්, ඔවුන් අවශ්‍යතා සහිත පිරිසට ඩොලර් බිලියනයක පමණ ආදායමක් උපයා ගනී.
කෙසේ නමුත්, තම අභිප්‍රාය යහපත් වුවත් තමන් පරිත්‍යාග කරන ඇඳුම් පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.
Rebecca කියා සිටින්නේ අපි වෙනත් අයකුට ඇඳිය නොහැකි හෝ වැඩිපුර ගෙවී ගිය මෙන්ම යල් පැන ගිය ඇඳුම් පුණ්‍යායතන වෙත ලබාදීම නුසුදුසු බවයි.
එවැනි දේ කුණු වශයෙන් බැහැර කිරීමට ඔවුනට අවසානයේ සිදු වන අතර එම පුණ්‍යායතන වලට ඒ සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදු වේ.
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පුණ්‍යායතන මගින් තම ආයතන වලට ලැබෙන භාවිත කල නොහැකි ඇඳුම් ඉවත දැමීම සඳහා වසරකට ඩොලර් මිලියන 13ක් පමණ වැය කරයි.
Charitable Recycling Australia හි ප්‍රධාන විධායක නිලධාරී Omer Soker කියා සිටින්නේ තමා ලබාදෙන ඇඳුම් වල ගුණාත්මක බව බැලීම සඳහා සරල ක්‍රමයක් පවතින බවයි.
Omer එම ක්‍රමය වශයෙන් පවසන්නේ ඔබ ඔබේ ඇඳුම එම තත්වයේ තිබියදී යහළුවකුට දෙනවාද යන්න සිතා බැලිය යුතු අතර, එසේ නොකරන්නේ නම් ඒවා පුණ්‍යායතන සඳහාත් ලබා නොදෙන ලෙසයි.
ඔබට ඔස්ට්‍රේලියාව පුරා තිබෙන පුණ්‍යායතන සාප්පු ලැයිස්තුවක් Charitable Recycling Australia ඔස්සේ ලබාගත හැක.
ඒවා පහත පරිදි වේ:
- Salvos
- Vinnies
- Australian Red Cross
- Save the Children
- Lifeline
- Anglicare
- Brotherhood of St Laurence
ඔබ කරන සෑම පරිත්‍යාගයකදීම ඔබ වළක්වන කාබන් විමෝචනය ගණනය කිරීමට මෙවලමක් ‘reuse impact’ වශයෙන් එම වෙබ් අඩවියේ අන්තර්ගත වේ.

ප්‍රතිචක්‍රීකරණය සඳහා ඔබේ ඇඳුම් ලබාදෙන්න
ඔබේ ඇඳුම් 'මිතුරන්ට දෙනවද නැද්ද යන පරීක්ෂණය' සමත් නොවන්නේ නම්, ඇතැම් ප්‍රධාන ඇඳුම් සිල්ලර වෙළෙන්දන් සිදු කරන ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් වෙත ඔබට අනවශ්‍ය ඇඳුම් ලබාදිය හැක.
Rebecca කියා සිටින්නේ H&M හි ඇතැම් වෙළඳසල් වල ඕනෑම තත්ත්වයක තිබෙන සියලුම වර්ගයේ ඇඳුම් සහ රෙදිපිළි නොමිලේ ප්‍රතිචක්‍රීකරණය කරන වැඩසටහන් තිබෙන බවයි.
ඒ හා සමානව, Zara විසින් තෝරාගත් වෙළඳසැල්වල නොමිලේ රෙදිපිළි එකතු කිරීමේ වැඩසටහනක් පවතී.
Uniqlo සතුව ඕනෑම තත්වයක ඔවුන්ගේම සන්නාම සහිත ඇඳුම් සඳහා නොමිලේ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් පවතී.
එමෙන්ම Patagonia හිද, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පරණ සහ හානියට පත් ඇඳුම් store credit සඳහා ආපසු ලබා දිය හැක.
මෙවැනි සේවා සපයන වෙළඳසල් සොයාගැනීම සඳහා recyclingnearyou.com.au වෙත පිවිසෙන්න.
ඔබගේ ප්‍රාදේශීය සභාව මගින් ද ඇඳුම් පුණ්‍යායතන සඳහා ලබාදීමේ පහසුකම් ලබාදී තිබිය හැක.
Planet Earth NSW, Victoria සහ Queensland මගින් ක්‍රීඩා සපත්තු පරිත්‍යාග පිළිගැනීම සිදු කරයි.
ඔවුන් ලාභ නොලබන සංවිධානයක් වන අතර, ඔවුන් ලොව පුරා අවශ්‍යතා ඇති පිරිසට හොඳ තත්ත්වයේ නැවත භාවිතා කරන ලද ක්‍රීඩා සපත්තු සැපයීම සිදු කරයි.
ඇඳුම් එකිනෙකා සමග හුවමාරු කිරීමේ වැඩසටහනකට සහභාගී වන්න
The Clothing Exchange විසින් සත්කාරකත්වය සපයන Clothes-swapping හෙවත් ඇඳුම් එකිනෙකා සමග හුවමාරු කිරීමේ වැඩසටහන් මේ වනවිට පැතිරෙමින් තිබේ.
තමා මිලදීගත් ඇඳුම් තමාට ඇඳීමට නොහැකි පිරිසට මෙම ඇඳුම් හුවමාරු කිරීමේ වැඩසටහන අපුරු අවස්තාවක් වන බව City of Sydney හි Councillor Adam Worling කියා සිටී.
මේ ඔස්සේ ඇඳුම් කසළ ලෙස බැහැර වීම නවතින අතර, යමකු වරක් ආදරය කල ඇඳුමකට තවත් අයකුට ආදරය කිරීමට මෙමගින් ඉඩ ලබාදෙන බවත් Adam කියා සිටී.
ඕස්ට්‍රේලියාව පුරා සිදුවන මෙවැනි ආකාරයේ වැඩසටහන් සඳහා The Clothing Exchange වෙත පිවිසෙන්න.

ආර්ථිකයට සහාය වීම
මුලින්ම අප අපගේ ඇඳුම්වල සමස්ත ජීවන චක්‍රයම සලකා බැලිය යුතු වේ.
Charitable Recycling Australia යනු මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ආයතනයක් වන අතර එමගින් නව ඇඳුම් පැළඳුම් පරිභෝජනය අඩු කිරීම සහ හැකි සෑම විටම ඇඳුම් නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම අරමුණු කරයි.
මෙමගින් යම් නිෂ්පාදනයක් සඳහා හොඳ භාරකරුවකු වීම සම්බන්ධයෙන් අවධානය යොමුවන බව Omer කියා සිටී.
Omer වැඩිදුරටත් කියා සිටින්නේ සැබවින්ම අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම, ඒවා කල් පවතින ඒවා වීම, අලුත්වැඩියා කිරීම සහ ඒවා අත්හැරීමට කාලය පැමිණි විට, ඒවා පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීම සඳහා මෙමගින් පුද්ගලයින්ව යොමු කරන බවයි.





