ඔස්ට්‍රේලියාවේ ක්‍රමිකව ඉහළ යන ජීවන වියදම නිසා ඔස්ට්‍රේලියානුවාසීන්ට තම ගෙදර දොරේ වියදම් අවම කරගැනීම පිණිස අවධානය යොමු කිරීමට සිදුවී තිබෙනවා.
විශේෂයෙන්ම විදුලිය හා ගෑස් බිල්පත් පසුගිය සමයේදී විශාල වශයෙන් ඉහළ යාමත් සමග එම අවශ්‍යතාව සෑම නිවැසියෙක්ටම ඉතා තදින් දැනී තිබෙනවා.
බලශක්ති පිරිවැය අඩු කිරීමට පහසුම ක්‍රමයක් වන්නේ බලශක්ති දීමනා සංසන්දනය කිරීමයි.
රජයට අයත් නිදහස් සහ ස්වාධීන බලශක්ති මිල සංසන්දන මෙවලම් සහ වෙබ් අඩවි ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මකයි.
ඔබට හොඳම සහ ලාභම බලශක්ති දීමනාව සොයා ගැනීමට මෙම වෙබ් අඩවි සහ මෙවලම් උපකාර කරනවා.
ඔබ ජීවත් වන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සියලුම බලශක්ති සිල්ලර වෙළෙන්දන් වෙතින් සිදුකරන බලශක්ති පිරිනැමීම් ඔවුන් සසඳා අඩුම සහ උපරිම ප්‍රතිලාභ ඇති බලශක්ති දීමනාව ඒ හරහා ඔබට යෝජනා කරනවා.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මෙම සේවාවන් භාවිතා කිරීමට ඔබට අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකයක්, smart ජංගම දුරකතනයක් හෝ tablet එකක් වැනි උපාංගයකට ප්‍රවේශය තිබිය යුතු අතර ඔබගේ මෑත බලශක්ති බිල්පතක් සහ ඔබේ නිවස පිළිබඳ තොරතුරු අවශ්‍ය වෙනවා.
මෙම සංසන්දනය කිරීම සඳහා ගත වන්නේ විනාඩි 10 ත් 15 ත් අතර කාලයක් වන අතර පරිශීලකයින්ට සාමාන්‍යයෙන් ඔවුන්ගේ බලශක්ති පිරිවැය මත ඩොලර් සිය ගණනක් ඉතිරි කර ගත හැකියි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවලට අදාළ බලශක්ති දීමනා සංසන්දනය කිරීමේ වෙබ් අඩවි
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයට හා ටෙරිටරියට අදාළ බලශක්ති දීමනා සංසන්දනය කිරීමේ වෙබ් අඩවි මෙසේයි:
නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, දකුණු ඔස්ට්‍රේලියා හා ටස්මේනියා ප්‍රාන්තවල ජනතාවට මෙන්ම ACT හි ජනතාවට www.energymadeeasy.gov.au වෙබ් අඩියට ගොස් බලශක්ති දීමනා සංසන්දනය කර තමන්ට වැඩි ලාභදායී සේවා සපයන්නෙකු සොයාගත හැකියි.
වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට නම් ඒ සඳහා www.compare.energy.vic.gov.au යන වෙබ් අඩවියට යා යුතුයි.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවාසීන්ට www.wa.gov.au යන බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ නිල වෙබ් අඩවියට ගොස් household electricity pricing යන්න search කර සංසන්දනාත්මක වෙබ් පිටුවට පිවිසිය හැකියි.
Northern Territory වාසීන්ට නම් www.powerwater.com.au වෙබ් අඩවියේ choosing a power retailer යන වෙබ් පිටුවට ගොස් තමන්ට වැඩි ලාභදායී බලශක්ති සේවා සපයන්නෙකු සොයාගත හැකියි.
ඔබේ බලශක්ති බිල නිර්මාණය වෙන්නේ මෙහෙමයි
ඔබේ බලශක්ති බිල්පත සෑදී ඇත්තේ ඔබ පරිභෝජනය කරන බලශක්ති ප්‍රමාණය ඊට අදාළ ඒකකයකට ඇති මිලෙන් ගුණ කිරීමෙනි.
ඔබ ඔබේ විදුලිය භාවිතා කරන දවසේ වේලාව සහ ඔබ සිටින කොන්ත්‍රාත්තුවේ වර්ගය අනුව විදුලිය ඒකකයක මිල වෙනස් විය හැකියි.
බලශක්ති සැපයුමට සම්බන්ධ විවිධ සංරචකවල පිරිවැය පිළිබඳව සෑම ප්‍රාන්තයක්ම සහ ටෙරිටරියක්ම තමන්ගේම තීරණ ගන්නා බැවින් එය ඔබ ජීවත් වන ස්ථානය අනුවද වෙනස් විය හැකියි.
දෛනික සැපයුම් ගාස්තුවක් (ඇතැම් විට සේවා ගාස්තුවක් හෝ ස්ථාවර ගාස්තුවක් ලෙස මෙය හැඳින්වෙනවා) සහ භාවිත ගාස්තුවක් (පරිභෝජනය හෝ විචල්‍ය ගාස්තුවක්) ලෙස ඔබේ ගෑස් සහ විදුලි ගාස්තුවට කොටස් 2ක් තිබෙනවා.
මෙම දෛනික සැපයුම් ගාස්තුව ඔබ උපකරණ කිසිවක් භාවිතා නොකළත් ඔබේ නිවසට විදුලිය හෝ ගෑස් ලබා ගැනීමේ පිරිවැය ලෙස දැක්වෙනවා, එය ඔබේ බිල්පතේ මුළු මුදල ලෙස හෝ දිනකට ශත වලින් දිස්වෙනවා.
භාවිත හෙවත් පරිභෝජන ගාස්තුව යනු ඔබ භාවිත කරන විදුලිය හෝ ගෑස්වල මිල වන අතර ඔබේ බිල්පත්වල විදුලිය සඳහා කිලෝවොට් පැයකට (c/kWh) ශතවලින් හෝ ගෑස් සඳහා මෙගාජූල් එකකට (c/MJ) ශතවලින් දිස්වෙනවා.
ඇතැම් බිල්පත්වල භාවිත හෙවත් පරිභෝජන ගාස්තු එකකට වඩා පෙන්විය හැකියි. උදාහරණයක් ලෙස, බලශක්තිය භාවිත කළ විවිධ කාල සීමාවන් සඳහා විවිධ භාවිත ගාස්තු තිබිය හැකි අතර ඒවා සාමාන්‍යයෙන් peak, shoulder සහ off-peak කාල සීමාවන් ලෙස හැඳින්වෙනවා.