ගමනක් යන අතරතුරදි හදිසියේ වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් ඇති වුණොත්, පොදු වැසිකිළියක් හොයා ගන්න එක කොයිතරම් අසීරුද කියන්න අපි හැමෝම දන්නවා. ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක්ට විශේෂයෙන්ම තමන්ටම කියල හිසට සෙවණක් නැති කෙනෙක්ට වැසිකිළි පහසුකමක් කියන්නේ සුඛෝපභෝගී පහසුකමක් වගේ.
පොදු වැසිකිළිය කියන්නේ සරල පහසුකමක් නෙවෙයි. ඒක සමානාත්මතාවය, ගෞරවය සහ මනුෂ්‍යයෙකු ලෙස ඔබට ඇති අයිතිය කියා පාන සලකුණක්
මහජන වැසිකිළි පිළිබඳ දුර්මත, සැලසුම් , ප්‍රතිපත්ති සහ නීතිමය බාධා පිළිබඳ විශේෂඥවරියක ලෙස කටයුතු කරන වෙබර් මහත්මිය SBS Examines වෙත අදහස් දක්වමින් කියා සිටියේ පොදු වැසිකිළි සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ තත්වය අනෙක් බොහෝ රටවලට සාපේක්ෂව හොද මට්ටමක පැවතුනද නීතිමය රාමුවල යම් යම් අඩු පාඩු පවතින බවයි
“ගොඩනැගිලි ඇතුළත වැසිකිළි නියාමනය කරන නීති තියෙනවා. නමුත් ගොඩනැගිල්ලෙන් පිටත, මහජන වැසිකිළි කොච්චර තිබිය යුතුද කියලා කිසිම නීතියක් නැහැ.”මහජන වැසිකිළි පිළිබඳ විශේෂඥ කැතරින් වෙබර්
People with Disability Australia හි ප්‍රතිපත්ති පිළිබඳ ජේෂ්ඨ නිලධාරියෙකු වන ජුලියන් ලොරන්ස් පවසන්නේ ආබාධිත පුද්ගලයින්ට ඔවුන්ගේ දිනයක් සැලසුම් කිරීමට සිදුව ඇත්‍තේ වැසිකිළි පහසුකම් තිබේද යන කාරණය මූලික කොට ගෙන බවයි.
LGBTQI+ ප්‍රජාවන්ට අයත් පුද්ගලයින්ද පොදු වැසිකිළි පිළිබඳ ගැටලුවට දිනපතා මුහිණ දෙනවා.
මෙවර SBS Examines මගින් පොදු වැසිකිලි පහසුකම් වල ඇති හිඟය පිළිබඳ විමසා බැලෙනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






