උසස් අධ්‍යාපන සහ සංක්‍රමණ ක්ෂේත්‍රයන්හි ලොව පිළිගත් සහ ජනප්‍රිය ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයක් වන IELTS ඉංග්‍රීසි පරීක්ෂණයට නව විශේෂාංගයක් එක් කිරීමට IELTS ආයතනය සූදානම් වේ.
IELTS ඉංග්‍රීසි පරීක්ෂණයට මුහුණ දෙන විභාග අපේක්ෂකයින්ට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා මෙය හඳුන්වා දෙන බව ඔවුහු පවසති.
IELTS ඉංග්‍රීසි පරීක්ෂණයට එකතුවන නවතම විශේෂාංගය
මෙම නවතම තීරණය හරහා තමන් පළමු වරට ඉලක්ක කළ ලකුණු ලබා නොගත්තේ නම් IELTS ඉංග්‍රීසි පරීක්ෂණයේ Listening, Reading, Writing සහ Speaking යන කොටස් හතරෙන් එක් කොටසක් සඳහා නැවත පරීක්ෂණයකට පෙනී සිටීමට විභාග අපේක්ෂකයින්ට හැකියාව ලැබේ.
මෙය "One Skill Retake" නමින් හඳුන්වයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
IELTS විභාග අපේක්ෂකයින්ගේ ප්‍රතිචාරවලට සවන් දීමෙන් පසු මෙම One Skill Retake විශේෂාංගය හඳුන්වා දී ඇති බව IELTS, IDP Education හි කළමනාකාර අධ්‍යක්ෂ Warwick Freeland පැවසීය.
නිවැරදි සූදානමක් සහ සහයෝගයක් ඇතිව IELTS විභාග අපේක්ෂකයින්ට පළමු වරටම ඔවුන්ගේ හොඳම ලකුණු ලබා ගැනීමට මේ හරහා සහය ලැබෙන බව ඔහු සඳහන් කළේය.
මෙය ක්‍රියාත්මක වන්නේ කෙදින සිටද?
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල සීමිත IDP IELTS මධ්‍යස්ථානවලදී එළඹෙන නොවැම්බර් මාසයේ සිට මෙම One Skill Retake ලබා ගැනීමට IELTS විභාග අපේක්ෂකයින්ට හැකියාව ලැබෙනු ඇතැයි සඳහන්.
පළමු අදියරේදී, One Skill Retake එකක් තෝරා ගන්නාIELTS විභාග අපේක්ෂකයින්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංක්‍රමණ සහ අධ්‍යයන අරමුණු සඳහා භාවිතා කළ හැකි second Test Report Form හෙවත් දෙවන පරීක්ෂණ වාර්තා පෝරමයක් ලබාදෙනු ඇත.
මේ හා සම්බන්ධ වැඩි විස්තර නොවැම්බර් මස මුලදී නිකුත් කරන බවද ඔවුහු නිවේදනයක් නිකුත් කරමින් පැවසුහ.
මෙලෙස Listening, Reading, Writing සහ Speaking යන කොටස් හතරෙන් එක් කොටසක් සඳහා නැවත පරීක්ෂණයකට මුහුණ දීම සමග IELTS විභාග අපේක්ෂකයින්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපන, සංක්‍රමණ හෝ රැකියා වීසා කටයුතුවලට අවශ්‍ය ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවන් යථා තත්ත්වයට පත් කළ හැකි බවද Warwick Freeland පැහැදිලි කළේය.