ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ කලාවට සම්බන්ධ වීම සහ ඒ පිළිබඳව අතීතය දැනගැනීමට අත්වැලක්

Lead Image.jpg

Gamilaraay/Bigambul and Yorta Yorta artist Arkeria Rose Armstrong Credit: Arkeria Rose

ඇබෝරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් ඔවුන්ගේ සංස්කෘතික කතාන්දර, අධ්‍යාත්මික විශ්වාසයන් සහ භූමිය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම ලබා දීම සඳහා කලාව මාධ්‍යයක් ලෙස භාවිතා කර තිබේ.


Key Points
  • ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ කලා කෘති විවිධාකාර වන අතර එය "තිත් පින්තාරු" කිරීමට පමණක් සීමා නොවේ.
  • කලාව යනු සංස්කෘතික කතාන්දර, අධ්‍යාත්මික විශ්වාසයන් සහ දැනුම පරම්පරාගතව පැවත එන මාධ්‍යයක් වූ අතර එය අද දක්වාම පවතී.
  • මෙම කලා කෘති කලාකරුවන්ට තම භුමිය හා සම්බන්ධ බවක් දැනීමට උපකාරී වේ.
  • විවිධ සංකේත, ඒවා භාවිතා කරන කලාකරුවන්ගේ අර්ථ නිරූපණයන් මත රඳා පවතී.
ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ කලා කෘති ලොව පැරණිතම ඒවා අතර පොහොසත් ඉතිහාසයකට හිමිකම් කියයි.

ඔවුන්ගේ පැරණිතම පාෂාණ සිතුවම් වසර 17,500කට වඩා පැරණි වේ.

මෙම කලා කෘති අත්‍යවශ්‍ය මාධ්‍යයක් ලෙස භාවිත වී ඇති අතර එමඟින් ඇබෝරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් ඔවුන්ගේ සංස්කෘතික කථා, අධ්‍යාත්මික විශ්වාසයන් සහ භූමිය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම අඛණ්ඩව සම්ප්‍රේෂණය කර ඇත.

ස්වදේශික කලාව ඉතාමත් පොහොසත් වන අතර ඒවායෙහි පුළුල් පරාසයක ශෛලීන් සහ ශිල්පීය ක්‍රම ඇතුළත් වේ.

ඒ සෑම කල කෘතියක්ම පළමු ජාතීන්ගේ ජනතාවගේ භුමිය, සංස්කෘතිය සහ ප්‍රජාව වෙත ගැඹුරින් මුල් බැස පවතී.

කෙසේ වෙතත්, බොහෝ විට පුද්ගලයින්ට ස්වදේශිකයින්ගේ කලාව පිළිබඳ වැරදි වැටහීම් ඇති බව, Wiradyuri ජනයාගේ Koori සහ ‘fresh water’ කාන්තාවක වන Maria Watson-Trudgett පැහැදිලි කරයි.

Maria ස්වදේශික ප්‍රජාවේ උපදේශකවරියක් වන අතර ඇය ඇබෝරිජිනල් සංස්කෘතිය බෙදාහදා ගැනීමට දැඩි උනන්දුවක් දක්වන කලාකාරියකි.
MWT with artworks.JPG
Maria Watson-Trudgett is a First Nations consultant, a self-taught artist, and a storyteller Credit: Maria Watson-Trudgett Credit: Courtesy of Richmond Fellowship Queensland, 2019
Dot painting හෙවත් "තිත් පින්තාරු" කිරීම සාම්ප්‍රදායික වන බවත් එය ස්වදේශික චිත්‍ර කලාවේ එකම සැබෑ ස්වරූපය බවත් ඇතැම් පිරිස පූර්ව නිගමනයකට එළඹ තිබේ.

නමුත් එය එසේ නොවන බවත් එය වැරදි චින්තනයක් වන බවත් Maria කියා සිටී.

සාම්ප්‍රදායික කලාවේ වැඩි වශයෙන් මෙවලම් මත හඳුනාගැනීම සඳහා ලකුණු තැබීම, උත්සවය සහ භූමදාන ස්ථාන සලකුණු කිරීම සඳහා ගස්වල කැටයම් කිරීම හෝ උත්සව සඳහා ශරීර පින්තාරු කිරීම දක්නට ලැබේ.

"තිත් පින්තාරු" කිරීම, 1970 ගණන්වල Alice Springs හි වයඹ දෙසින් පිහිටි කුඩා ස්වදේශික ප්‍රජවකගෙන් Papunya සිට බටහිර කාන්තාර කලා ව්‍යාපාරය සමග පැමිණි බව Maria කියා සිටී.

කලාකරුවන් විවිධ පුවරු මත Acrylic paints හෙවත් "ඇක්‍රිලික් තීන්ත" භාවිතයෙන් ඔවුන්ගේ සාම්ප්‍රදායික කථා නිරූපණය කිරීමට මෙහිදී පටන් ගෙන තිබේ.

Maria පවසන්නේ කලාකරුවන් ඔවුන්ගේ කථා සහ ඔවුන්ගේ සංස්කෘතීන් ප්‍රකාශ කිරීමට භාවිතා කරන ස්වදේශික කලාවේ බොහෝ මෝස්තර පවතින බවයි.

ස්වදේශිකන්ගේ චිත්‍ර යනු, ඕස්ට්‍රේලියාවේ ස්වදේශික පුද්ගලයෙකු ඔවුන්ගේ රට සහ සංස්කෘතියට සම්බන්ධ කරන, සහ... සංවේදී සම්බන්ධතාවයක් සහ අයිතිවාසිකමක් නිර්මාණය කරන ඕනෑම දෙයක් පින්තාරු කිරීම වශයෙන් දැක්වේ.

සංස්කෘතිය බෙදාගැනීම

Maria පූර්ණ කාලීන විශ්ව විද්‍යාල අධ්‍යයනවල ආතතියෙන් මිදීමට මාර්ගයක් වශයෙන් 2009 හි චිත්‍ර ඇඳීම ආරම්භ කොට තිබේ.

කෙසේ වෙතත්, කලාව යනු "මනස නිශ්චල කිරීමට" වඩා වැඩි යමක් බව ඇයට දැනී තිබේ.

ඇය කියා සිටින්නේ මෙය තම කතාව වෙනත් පුද්ගලයින් සමඟ බෙදා ගැනීම සහ තම සංස්කෘතිය ජීවමානව තබා ගැනීම වන බවයි.

එමෙන්ම එය තමාගේ ස්වදේශික සංස්කෘතියට,භුමියට, පැරණි මිනිසුන්ට සහ පවුලේ අය සමඟ රටේ හැදී වැඩෙන විට ඉගෙන ගත් දැනුමට සම්බන්ධ වීමට සහාය වන බවත් Maria කියා සිටී.

Gamilaraay/Bigambul සහ Yorta Yorta චිත්‍ර ශිල්පිනියක වන Arkeria Rose Armstrong, ඇගේ ආච්චිලා සහ සීයලා විසින් බෙදාගත් කථා ආදරයෙන් සිහිපත් කරයි.

Gamilaraay elder කෙනෙකු වූ ගේ මිත්තණිය කලාපයේ සිටින වැලි පින්තාරු කරන්නියක් වේ.

ඇය භුමියේ හිඳගෙන විවිධ කතා කීම සිදු කරන බව Arkeria පවසයි.

පරම්පරාගතව පැවත එන මෙම කථාවලට සතුන්, තරු සහ රටෙහි මැවීම සහ ඇගේ ආච්චිගේ අත්දැකීම් ඇතුළත් වේ.

මෙම සෑම කතාවකටම ඊට අවේනික ඉගැන්වීම් ඇතුළත් වූ බව ඇය පවසයි.
IMG_0580.jpg
Art has always been part of Arkeria Rose Armstrong’s life. Credit Arkeria Rose Armstrong
මිත්තනිය ඇගේ ගමන සහ ඇගේ කථා කලා කෘති හරහා නිරූපණය කරයි.

මේ හේතුවෙන් ඇය අපට පවසන බොහෝ සංකේත සහ රූප ඒ ආකාරයෙන් බෙදා ගන්නා බවත් Arkeria කියා සිටී.

කලාව රටවල් දෙකක බද්ධ කිරීමක් වශයෙන් Arkeria පවසයි.

ඇය ඇගේ ආච්චි විසින් ලබා දුන් සංකේත සහ රූප වලින් ආශ්වාදයක් ලබා ගන්නා අතරතුර ඇගේ ශිල්පීය ක්‍රම සඳහා කලාකරුවෙකු වන ඇගේ සීයාගේ බලපෑමද පවතී.

සංස්කෘතිය අකණ්ඩව පවත්වාගෙන යාමට, ඔබ සංස්කෘතිය බෙදාහදා ගත යුතු අතර, ඔබ සංස්කෘතිය පුහුණු කළ යුතු වේ.

අපගේ ඊළඟ පරම්පරාව සමඟ බෙදා ගැනීම යනු, ඔවුන් සමග සංවාද සිදු කිරීම වන බවත් ඇය කියා සිටී.

සංස්කෘතිය සමග පවතින සම්බන්ධය

Davinder Hart යනු බටහිර ඕස්ට්‍රේලියාවේ Noongar රටෙහි නිරිතදිග කලාපයේ පවුල් මූලයන් සහිත කලාකරුවෙකි.

ඔහු නිව් සවුත් වේල්ස් හි Ngemba Countryහි ඔහුගේ සංස්කෘතිය සමඟ නැවත සම්බන්ධ වීමට පෙර ඇඩිලේඩ් හි සිය ළමා කාලය ගත කොට තිබේ.

Davinder ඔහුගේ මුල් වසරවලදී සැලකිය යුතු අභියෝගවලට මුහුණ දී ඇති අතර ඔහු වයස 16දී පාසල හැර යාම, රැකියාවක් සොයා ගැනීමට අරගල කිරීම වැනි දේ සඳහා මුහුණ දී ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතයටද පෙළඹී තිබේ.

කෙසේ වෙතත්, ඔහුගේ මාමාවරුන්ගේ සහ සහෝදරයන්ගේ සහයෝගය සහ මගපෙන්වීම යටතේ ඔහුගේ ජීවිතය වෙනස් වී ඇති අතර ඔහු ඔහුගේ සංස්කෘතියට නැවත සම්බන්ධ වීම සිදුව තිබේ.

මෙය ඔහුගේ කලා කෘතිවලින් පිළිබිඹු වේ.

භුමිය ගැන කතන්දර කියා දුන් මගේ මාමලා සහ සහෝදරයන් හමුවීමට තරම් මම වාසනාවන්ත වූ බව ඔහු කියා සිටී.

කලාව යනු ඔහුට තම සංස්කෘතියට සම්බන්ධ වීමට මාර්ගයක් පමණක් නොවන අතර තමාව සුවපත් කිරීමටද එය මාර්ගයකි.

තම චිත්‍ර ඇඳීම සිදු කිරීම හේතුවෙන් සැහැල්ලුවෙන් සිටින බවත් Davinder කියා සිටී.
IMG_20231021_143030_105.jpg
Davinder Hart at Saudi Arabia, UN gala dinner, 2023. Credit Davinder Hart
Maria පැහැදිලි කරන්නේ පළමු ජාතීන්ගේ කලාකරුවන් ඔවුන්ගේ කල කෘති විවිධ සංකේත ඇතුළත් කොට ඇති අතර, ඒවායින් සමහරක් ඔවුන්ගේ භුමියට විශේෂිත වූ බවයි.

ඇගේ කළා කෘති වල තිබෙන ගලා යන රේඛා සහ ආදිවාසී සංකේත, ඇගේ මුතුන් මිත්තන් බිමෙහි හැඟීම් සහ සංකේත ඇඳීමේදී සන්නිවේදනය කළ ආකාරය පැහැදිලි කරයි.

ඇතැම් සංකේත විශ්වීය විය හැකි අතර අනෙක් ඒවා විවිධ කලාකරුවන් සඳහා විවිධ අර්ථයන් දරයි.

සංකේත ඒවා භාවිතා කරන කලාකරුවන්ගේ අර්ථ නිරූපණයන් මත රඳා පවතී.

යම් කලා කෘතියක "සංකේත භාවිතය" වෙනත් කලාකරුවෙකුට එකම දෙයක් ලෙස දැනිය නොහැකි විය හැකි බවත් ඇය පවසයි.

Arkeria කියා සිටින්නේ කලා කෘතිවල කියැවෙන කථා ගැන විමසීම විශිෂ්ට ආරම්භයක් ලෙස සැලකිය හැකි බවයි.

එම නිර්මාණය කල පළමු ජාතීන්ගේ පුද්ගලයා කවුද? එම භූමින් මොනවාද සහ ඒවා මොන වගේද? වැනි දේ පිළිබඳව ප්‍රශ්න ඇසීමට පටන් ගත් පසු ඔබට එම පුද්ගලයා දැකීමට සහ දැනීමට පටන් ගන්නා බව ඇය කියා සිටී.

ප්‍රදර්ශන හරහා සහ පෞද්ගලිකව ජනතාව අතර කලා කෘති බෙදාගැනීම තම ප්‍රියතම කාර්යයක් වන බව Arkeria පවසයි.

Davinder පෙන්වා දෙන්නේ සෑම විටම විවුර්තව සිටීම සහ ප්‍රශ්න ඇසීම සිදු කරන ලෙසයි.

එම සංවාදය තුළ අප සම්බන්ධතාවයක් ගොඩනගාගන්න බව ඔහු පෙන්වා දෙයි.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ කලාවට සම්බන්ධ වීම සහ ඒ පිළිබඳව අතීතය දැනගැනීමට අත්වැලක් | SBS Sinhala