සාශී පෙරේරා ඕස්ට්‍රේලියානු 'Stand-up Comedy' ක්ෂේත්‍රයේ නැගී එන තරුවක් වන අතර, සංස්කෘතික වෙනස්කම් සහ සංක්‍රමණික අත්දැකීම් වැනි මාතෘකා පිලිබඳ ඇය සිදුකරන ප්‍රහසනය සඳහා ඇය ප්‍රසිද්ධියක් උසුලනවා. මෙල්බර්න් නුවර පැවැත්වෙන උළෙලවල් මෙන්ම යුරෝපයේ පැවැත්වෙන උළෙලවල් සඳහාද ඇය සහභාගී වනවා. මෙහිදී ඇයව විශාල අගයීමකටද ලක්වෙනවා. වෘත්තියෙන් නීතිඥවරියක වූ ඇය මේ වනවිට පූර්ණකාලීනව 'Stand-up Comedian' කෙනෙකු ලෙස කටයුතු කරනවා. ලංකාවේ ඉපදුනු ඇය අදවන විට ජාත්‍යන්තරය ජයගනිමින් සිටිනවා. මේ ගමන් මග ගැන සහ අයගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





