Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජපානය සහ බ්‍රිතාන්‍යය ආර්ථික අර්බුධයක. ඕස්ට්‍රේලියාවටත් ආර්ථික අවපාතයක අවධානමක්.

Businessman grabs the head concept with business chart on scoreboard

Businessman grabs the head concept with business chart on scoreboard Source: Moment RF / Witthaya Prasongsin/Getty Images

ලෝකයේ තුන්වන විශාලම ආර්ථිකය වෙලා තිබ්බ ජපානයට තව දුරටත් එම ස්ථානය අහිමි වී තිබේ. එසේම එක්සත් රාජධානියත් ආර්ථික අර්බුධයකට මුහුණ දී තිබේ. මේ තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයත් යම් අවධානමකට ලක්වී ඇතිබව වාර්තා වේ.ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට ආර්ථික අර්බුධයකට මුහුණ දෙන්න සිදුවේවිද යන්න සම්බන්ධයෙන් අපි අද විශේෂාංගයෙන් සොයා බලමු.


මේ සතියේ නිකුත් උන අලුත්ම වාර්තා පෙන්වා දෙන පරිදි ජපානය සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකම පසුගිය වසරේ අවසාන භාගයේදී ආර්ථික අර්බුධයකට මුහුණ දී තිබේ. එක දිගට කාර්තු දෙකක් ආර්ථික වර්ධනය ඍණ අගයන් පෙන්නුම් කළහොත් නියයත්මකව එය ආර්ථික අවපාතයක් ලෙස හැඳින්වේ. පසුගිය වසරේ අවසාන කාර්තුවේ එක්සත් රාජධානිය සහ ජපානය පිලිවෙලින් 0.3 සහ 0.4 වශයෙන් දල දේශීය නිෂ්පාදිතයේ හැකිලීමක් පෙන්නුම් කර ඇත. ඊට පෙර සැප්තැම්බර් කාර්තුවේද මෙම රටවල් දෙකම ආර්ථිකයේ හැකිලීමක් වාර්තා කර තිබේ. මේ නිසා මෙම රටවල් දෙකම ආර්ථික අවපාතයක සිටින බව තහවුරු කර ඇත.

මෙම ආර්ථික හැකිලීමත් සමග ජපානය තුන්වන විශාලතම ආර්ථිකය යන ස්ථානයෙන් ඉවත් තිබේ. ජර්මනිය ජපානය පසුකර මෙම ස්ථානයට ලඟා වී . අනෙක් අතට එක්ස්සත් රාජධානිය කිසිදු ආර්ථික වර්ධනයක් පෙන්නුම් නොකර ගතකරන දීර්ඝතම කාල වකවානුව ගතකරන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවත් මෙවැනි ආර්ථික අවපාතයකට යාම ගැන යම් බියක් ඇතිවී ඇත. මේගැන පුළුල් අවබෝදයක් ලබා ගැනීම සඳහා ජපානය සහ එක්සත් රාජධානියට මේ තත්වය ඇති උනේ කෙසේද යන්න සොයා බැලීම වැදගත්.

යම් රටක දල දේශීය නිෂ්පාදිතය අඩුවීම ආර්ථික අවපාතයක් ලෙස හැඳින්වේ. මෙහිදී ආර්ථික වටිනාකමකින් යුත් ක්‍රියාකාරකම් අඩුවීම දැක ගත හැක. මෙහිදී රැකියා අඩුවීම, එක පුද්ගල ආදායම අඩුවීම සහ ජීවන තත්වයේ සිදුවන පහත වැටීම් සාමාන්‍ය ජනතාවට අත්විදීමට සිදුවේ.

Luke Hartigan, කියන්නේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පාසලේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සහ ඕස්ට්‍රේලියානු සංචිත බැංකුවේ (RBA) හිටපු ආර්ථික විද්‍යාඥයෙක්. ඔහු පවසන පරිදිනම් ජපානය සහ එක්සත් රාජධානියේ මෙම ආර්ථික කඩා වැටීම ඕස්ට්‍රේලියානු ආර්ථිකයට එතරම් බල නොපානු ඇත.මෙහිදී මෙම රටවල් දෙකටම දිගු කාලයක් තිස්සේ බලපාන ආර්ථික ගැටළු පවතින බව ඔහු පවසා සිටී. විශේෂයෙන්ම එක්සත් රාජධානිය Brexit අවස්ථාවෙන් පසු මේ ආකාරයෙන් ආර්ථිකමය වශයෙන් පසුබා සිටින බව ඔහු පෙන්වා දේ.

මේ අතර ජපානය තම ජනගහනයෙන් වැඩිපිරිසක් වයසට යාමේ අර්බුධයක එනම් Aging Population Crisis එකක සිටී. මේ නිසා දේශීය ආර්ථිකයේ සේවා සහ නිෂ්පාදන අඩු වී ඇත. ඔවුන්ගේ නව දරු උපත් සංඛ්‍යාව අඩුවෙමින් පවතී. එසේම ඔවුන්ට නිසි ආගමන විගමන සැලැස්මක් ඇත්තේ නොපවතී. මෙනිසා ඔවුන්ගේ ආර්ථිකය ඉතා කුඩාවී ඇති බව Luke Hartigan පවසා සිටී.

නමුත් ඕස්ට්‍රේලියාවේ තත්වය මීට වඩා වෙනස්. ඔස්ට්‍රේලියාවට මෙවැනි ගැටළුවක් නැ. මේ නිසා ජපානයට අත්වී ඇති ඉරණමට සමාන ඉරණමක් අත්වීමෙන් ඔස්ට්‍රේලියාව ගැලවී ඇතිබව AMP ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ ආයෝජන උපාය මාර්ග ප්‍රධානියා වන Shane Oliver වසා සිටී.

ලොව පුරා සිදුවෙමින් පවතින දැවැන්ත පොලී අනුපාත ඉහල දැමීම් සැලකිල්ලට ගත විට බ්‍රිතාන්‍යය සහ ජපානය මෙම තත්වයට පත්වීම පුදුමයට කරුණක් නොවන බව ඔලිවර් කියා සිටී. එය ඕස්ට්‍රේලියාවට බලපෑම් ඇති කිරීමට ඉඩක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Screenshot (28).png

එක්සත් රාජධානිය සහ ජපාන ආර්ථිකයන් පසුගිය කාලයේම ඉතා දුර්වල මට්ටමක පැවතුන අතර එක්සත් රාජධානිය රුසියානු යුක්රේන උද්ධය නිසා විශාල වශයෙන් බලශක්ති අර්බුධයකට මුහුණ දී ඇත. මෙය එක්සත් රාජධානියේ ආර්ථික කඩා වැටීමට මූලික හේතුවක් බව Oliver වැඩිදුරටත් පවසා සිටී. මෙහිදී ජපාන ආර්ථිකය ඕස්ට්‍රේලියානු ආර්ථිකය හා යම් පමණකට බැදී තිබුනද ඕස්ට්‍රේලියාවේ අපනයන සඳහා එය විශාල බලපෑමක් නොවනු ඇතිබව Shane Oliver ගේ මතය වී තිබේ.

දැන් අපි බලමු ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට යාමේ අවධානම කෙසේද?

ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට යාමේ 40% ක අවධානමක
Shane Oliver

පොලී අනුපාත වැඩිවීමත් සමග ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට යනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය විය. කෙසේ උවත් මේ වනතෙක් එසේ වී නොමැති බව ඔහු පෙන්වා දී ඇත. බ්‍රිතාන්‍යය සහ ජපානය එකවර ආර්ථික අවපාතයකට ගොදුරු වීම ඕස්ට්‍රේලියානුවන්ට එතරම්ම බලපාන කාරණයක් නොවුනද ඔස්ට්‍රේලියාවට සැලකියයුතු මට්ටමේ අවධානමක් පවතින බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මෙහිදී විශේෂයෙන්ම පොලී අනුපාත වැඩිකිරීමේදී ඔස්ට්‍රේලියාව ඉතාම සැලකිලිමත් විය යුතු බවද එසේ නොවුනහොත් ආර්ථිකය දැඩි අවධානම් තත්වයකට පත්විය හැකිබව ඔහු පෙන්වා දී තිබේ. හිතුවාට වඩා ඕස්ට්‍රේලියානු ආර්ථිකය පොලී අනුපාත වැඩිකිරීමට ප්‍රතිචාර නොදැක් වීම නිසා දිගින් දිගටම පොලී අනුපාත වැඩිකිරීමට සිදුවූ බව ඔහු ඔඅවසා සිටී.

කෙසේ උවත් අනෙකුත් රටවල අත්දැකීම් සලකා බැලීමේදී යම් අවධානමක් පවතින බව අප පිළිගතයුතු අතර අධික ලෙස පොලී අනුපාත වැඩිකිරීම සහ බොහෝ කාලයක් ඉහල පොලී අනුපාත පැතීම නිසා ආර්ථිකයට පවතින අවධානම ත්‍රීව්‍ර කරන බව ඔහු පවසා සිටී.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now