Jetstar ගුවන් සේවයේ සේවකයින් ගේ වැඩ වර්ජනය නිසා දහස් ගණන් ගුවන් මගීන් අසීරුවට පත්වීම හා Jetstar ආයතනයේ ප්‍රතිචාර පිළිබද SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයක්
ජෙට්ස්ටාර් ගුවන් සමාගමේ වෘත්තීය සමිති වැඩ වර්ජනය මගින් මෙරට ආර්ථිකයට හානිකර තත්වයක් ඇතිවන අතර ප්‍රාදේශීය නගරවල ගුවන් මගීන්ට සහ ප්‍රවාහන කටයුතු සඳහා විශාල බලපෑමක් එල්ල විය හැකි බව ජෙට්ස්ටාර් ගුවන් සමාගමේ ප්‍රධානියා පවසයි.
ජෙට්ස්ටාර් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩල වල සේවාමුර වේලාව පිළිබඳ ආරවුලේ කොටසක් ලෙසට ඊයේ දිනයේදී (19 Feb) "ප්‍රවාහන සේවක සංගමයේ" මෙහෙයවීමෙන් වෘතිය ක්‍රියාමාර්ගයක් ආරම්භ වුනු අතර ඒ හේතුවෙන් ගුවන් ගමන් 48 ක් ධාවනය ඇනහිටීමෙන් මගී ප්‍රවාහන කටයුතු කඩාකප්පල් වී ඇතිබව වාර්තා වේ.
ජෙට්ස්ටාර් පවසන්නේ මෙම වෘතිය ක්‍රියාමාර්ගය අද දිනයේත් (20 Feb) ක්‍රියාත්මක අතර ඒ හේතුවෙන් බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන් වෙනත් විකල්ප ගුවන් සේවා වෙත යොමු කෙරුණු බවයි.
ප්‍රවාහන සේවක වෘතිය සමිතිය සේවක ගළලු සම්බන්ද අසත්‍ය පුවත් පතුරුවමින් පවතින බව ජෙට් ස්ටාර් ගුවන් සමාගමෙහි ප්‍රධාන විධායක Gareth Evans පවසා සිටි.






