‘Pay It Forward’ වැඩසටහන ඔස්ට්‍රේලියාවේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සූදානම් වන ජාත්‍යන්තර සිසුන්ට, ක්ෂේත්‍රයේ පළමු රැකියාව සොයාගැනීම, වෘත්තීය මඟපෙන්වීම ලබාගැනීම සහ අවශ්‍ය වුර්තීය සබඳතා ගොඩනගාගැනීම සඳහා නොමිලේ උපදේශණ සේවා (Mentoring) ලබාදෙන වැඩසටහනක්. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සහ එයින් ජාත්‍යන්තර සිසුන්ට ලැබෙන ප්‍රායෝගික ප්‍රතිලාභ පිළිබඳව, ‘Pay It Forward’ වැඩසටහනේ උපදේශණ වරියක් වන හිමාලි ඩි සිල්වා SBS සිංහල සමඟ දැක්වූ අදහස් වලට සවන් දෙන්න.
මෙම සාකච්ඡාව සඳහා සම්පත් දායකත්වය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රමාණ සමීක්ෂකවරියක (Quantity Surveyor)ලෙස සහ ‘Pay It Forward’ වැඩසටහනේ උපදේශක වරියක ලෙස කටයුතු කරන හිමාලි ඩි සිල්වා විසිනි.
මේ පිලිබඳ වැඩිදුර තොරතුරු Pay It Forward වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.
මූලාශ්‍රය: www.studentsummit.com.au
සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු






