Bulk billing සහිත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කරන්න ලේබර් රජයෙන් අලුත් සැලසුමක්

Australian Prime Minister Anthony Albanese holds a Medicare Card with his name on it

All Australians need to access the urgent care clinics is a Medicare card. Source: AAP / Joel Carrett

ඕස්ට්‍රේලියාවේ bulk billing සේවාව සහිත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණය අඩුවන බවට පසුගිය කාලයේ තොරතුරු වාර්තා උනා. කෙසේ උවත් මේ සඳහා පිලියමක් ලෙස අලුතින් වෛද්‍ය මධ්‍යස්ථාන 50ක් ඔස්ට්‍රේලියාව පුරා ඉදිකරන්න ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

සෑම ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයක් සහ ටෙරිටරියක් සඳහාම බලපාන පරිදි නව හදිසි වෛද්‍ය සේවා සපයන වෛද්‍ය මද්‍යස්ථාන 50ක් ඉදිකිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය බලාපොරොත්තු වනවා. මේ සඳහා ඩොලර් මිලියන 644ක මුදලක් වැයවන බවටද ඇස්තමේන්තු කරනවා. මෙම ව්‍යාපෘතිය හරහා බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට තම නිවසට ආසන්නයෙන් bulk billing සේවාව සපයන වෛද්‍ය මධ්‍යස්ථානයක් සොයාගැනීමට හැකියාව ලැබෙනවා.

රජය සිය පළමු ධුර කාලය තුළ හදිසි සත්කාර සායන 87 ක් විවෘත කිරීමටද කටයුතු කර තිබෙනවා. මෙම නව හදිසි සත්කාර සායන 50ක ප්‍රමාණය ඉදිවීමෙන් පසුව සෑම ඕස්ට්‍රේලියානුවන් 5දෙනෙකුගෙන් 4 දෙනෙකුම මෙම සයනයක සිට විනාඩි 20ක පමණ දුරින් ජීවත්වනු ඇති බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

නව සායන 50 න් 14 ක් NSW ප්‍රන්තයේද, 12 ක් වික්ටෝරියා ප්‍රන්තයේද, 10 ක් ක්වීන්ස්ලන්තයේ ද, 6 ක් බටහිර ඕස්ට්‍රේලියාවේ ද, 3 බැගින් දකුණු ඕස්ට්‍රේලියාවේ සහ Tasmania හි ද, ACT සහ Northern Territory හි එක සායනයක් බැගින්ද ඉදිකිරීමට අපේක්ෂා කරනවා.

කුඩා තුවාල, කැපුම් තුවාල, අස්ථි බිඳීම්, පිළිස්සුම්, බ්රොන්කයිටිස්, කුෂ්ඨ, ගැස්ට්‍රයිටිස් ,ගර්භනී කාලයේ පළමු මාස තුනේ ලේ ගැලීම මෙන්ම කන, නාසය, උගුර සහ අක්ෂි ආසාදන වැනි සුළු තුවාල සඳහා ප්‍රතිකාර ලබාදීමට මේ හරහා බලාපොරොත්තු වනවා.

මේ වනවිට මෙම සායන හරහා මිලියන 1.2ක් පමණ වන පිරිසක් ප්‍රතිකාර ලබා ඇති අතර ඉන් තුනෙන් එකක් පමණ වයස අවුරුදු 15ට අඩු පිරිස් බව වාර්තා රජය පවසා සිටිනවා.

කෙසේ උවත් මෙම සායන අලුතින් ඉදිකිරීම පිළිබඳව The Royal Australian College of GPs ආයතනය ප්‍රශ්න කර සිටිනවා. මේ සඳහා දරන වියදමට සාපේක්ෂව එය ප්‍රතිපලදායකද යන කාරණය පිළිබඳව ඔවුන් ප්‍රශ්න කර සිටිනවා. මීට අමතරව සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේ පවතින ශ්‍රම හිඟය හේතුවෙන් මෙම නව මධ්‍යස්ථාන සඳහා සේවකයින් සොයාගැනීමටද අපහසු වනු ඇති බව ඔවුන් පවසා සිටිනවා.

පවතින පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වල සේවා පුළුල් කිරීමට අරමුදල් සැපයීම හරහා මීට වඩා ඵලදායී සේවාවක් ලබා ගත හැකි වන බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.

එක් එක් ප්‍රාන්තවල මෙම නව වෛද්‍ය මධ්‍යස්ථාන ඉදිවන ප්‍රදේශ පහත දැක්වේ.

NSW: Bathurst, Bega, Burwood, Chatswood, Dee Why, Green Valley and surrounds, Maitland, Marrickville, Nowra, Rouse Hill, Shellharbour, Terrigal, Tweed Valley, Windsor

Victoria: Bayside, Clifton Hill, Coburg, Diamond Creek and surrounds, Lilydale, Pakenham, Somerville, Stonnington, Sunshine, Torquay, Warrnambool, Warragul

Queensland: Brisbane, Buderim, Burpengary, Cairns, Caloundra, Capalaba, Carindale, Gladstone, Greenslopes and surrounds, Mackay

Western Australia: Bateman, Ellenbrook, Geraldton, Mirrabooka, Mundaring, Yanchep

South Australia: East Adelaide, Victor Harbour, Whyalla

Tasmania: Burnie, Kingston, Sorell

ACT: Woden Valley

Northern Territory: Darwin

සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කොට ඇත්තේ SBS News වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු මත පදනම්ව බව කරුණාවෙන් සලකන්න.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now