ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය හිමිකාරිත්වය ආයතන කිහිපයක් වටා පමණයි කේන්ද්‍රගතව ඇත්තේ. මහා පරිමාණ තාක්ෂණික සමාගම්වල පිබිදීමත් සමඟ ඔබ වෙත සමීප වන පුවත් විස්තරවලට බලපෑමක් එල්ල කළ හැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. සමාජයත් අපේ සිතුම්පැතුම්වලටත් මෙය සෘණාත්මකව බලපාන බවයි විශේෂඥය මතය. මෙවර SBS Examines අවධානය ඔබේ තිරය මත ඔබට පෙන්වන දේ දෙස ඥානාන්විතව විමසුම් ඇසින් බැලීම පිළිබඳවයි.
ඉන්ස්ටාග්‍රෑම් සහ ෆේස්බුක් වැනි ආයතන වලින් මාධ්‍ය ආයතන වෙත යම් පෙළඹවීමක් සිදු කරනවා. ඒ වැඩි පරිශීලක පිරිසක් ලබා ගැනීමට ඉඩ සලසන පරිදි සිරස්තල සහ කතා නිර්මාණයටයි.
ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය මයිකල් නෝටෙල් SBS Examines වෙත 'Learned Helplessness' නම් සංකල්පයක් පිළිබඳ කරුණු මතු කළා.
එනම් ලෝකයේ සිදුවන සමහර සිදුවීම් සම්බන්ධයෙන් අපට කිහිවක් කළ නොහැකි බව නිසා හැඟෙන අසරණභාවයයි.
සමහර ප්‍රශ්න අපට මුකුත් කරන්න බැරි තරම් ලොකුවට දැනෙන්න පුළුවන්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






