Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ සේවකයින් ඛාණ්ඩ කිහිපයකට තම රැකියාව දැන් නම්‍යශීලීව කිරීම සඳහා ඉල්ලීම් කළ හැකියි

More employees can now request flexible working arrangements

More employees can now request flexible working arrangements Source: AAP

රැකියා කටයුතු නම්‍යශීලී ආකාරයෙන් කිරීම සඳහා වන සේවකයෙකුගෙන් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට පෙර සේවා යෝජකයන්ට නව වගකීම් ඇති බවද Fair Work Ombudsman වරයා නිවේදනය කර තිබෙනවා.


2023 ජුනි 06 වනදා සිට ඔස්ට්‍රේලියාවේ සේවකයින් ඛාණ්ඩ කිහිපයකට flexible working arrangements හෙවත් තම රැකියා කටයුතු නම්‍යශීලී ආකාරයෙන් කිරීමට ඉල්ලා සිටීමේ අයිතිය හිමිවුණා.

ඔස්ට්‍රේලියාවේ සේව්‍ය, සේවක හා සේවා ස්ථාන නීති පිළිබඳ නිසි බලධාරියා ලෙස කටයුතු කරන Fair Work Ombudsman වරයා මේ බව නිවේදනය කර තිබෙනවා.

රැකියා කටයුතු නම්‍යශීලී ආකාරයෙන් කිරීමට ඉල්ලා සිටීමේ අයිතිය හිමිවන සේවක ඛාණ්ඩ

ඔස්ට්‍රේලියාවේ තම රැකියා කටයුතු නම්‍යශීලී ආකාරයෙන් කිරීමට ඉල්ලා සිටීමේ අයිතිය පහත සඳහන් සේවක ඛාණ්ඩ වෙත පිරිනමා තිබේ.

  • පවුල් සහ ගෘහස්ථ හිංසනය අත්විඳින සේවකයින්, හෝ ඔවුන්ගේ ආසන්නතම පවුලේ හෝ නිවසේ සාමාජිකයන්ට
  • ගර්භනී සේවකයින්ට

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

සේවා යෝජකයින් අනුගමනය කළ යුතු පියවර

රැකියා කටයුතු නම්‍යශීලී ආකාරයෙන් කිරීම සඳහා වන සේවකයෙකුගෙන් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට පෙර සේවා යෝජකයන්ට නව වගකීම් ඇති බවද Fair Work Ombudsman වරයා නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සේවා යෝජකයන් පහත පියවර අනුගමනය කළ යුතු වෙනවා:

  • සේවකයා සමඟ අදාළ ඉල්ලීම පිළිබඳ සාකච්ඡා කළ යුතුයි
  • සේවකයාගේ තත්වයන්ට අනුගත වීම සඳහා රැකියා කටයුතු සිදු කිරීම පිණිස විකල්ප විධිවිධාන සොයා ගැනීමට සැබෑ උත්සාහයක් ගත යුතුයි
  • සේවකයා සහ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රති විපාක සලකා බැලිය යුතුයි
  • පහත දේ අඩංගු ලිඛිත ප්‍රතිචාරයක් සැපයිය යුතුයි:
    • ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සඳහා සාධාරණ ව්‍යාපාරික හේතු සහ එම හේතු සේවකයාගේ ඉල්ලීමට අදාළ වන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක්
    • සේවකයාගේ තත්වයන්ට අනුගත විය හැකි හෝ කිසිදු වෙනසක් නොමැති බව පවසන සේවායෝජකයා විසින් සිදු කිරීමට කැමති වෙනත් වෙනස්කම්
    • Fair Work කොමිසම වෙත ගැටලුව යොමු කිරීම පිළිබඳ තොරතුරු

ගැටළු විසඳා ගැනීම

සේවා යෝජකයෙකු සහ සේවකයා අදාළ ඉල්ලීම ගැන සාකච්ඡා කර සේවකයාගේ රැකියා විධිවිධානවලට සේවකයා ඉල්ලා සිටි දෙයට වඩා වෙනස් ආකාරයක විධි විධාන සැපයීමට එකඟ වී ඇත්නම්, සේවායෝජකයා එම එකඟ වූ වෙනස්කම් දින 21 ක් ඇතුළත ලිඛිතව තහවුරු කිරීමට අවශ්‍ය වෙනවා.

සේව්‍ය - සේවක පාර්ශවයන්ට සේවා ස්ථාන මට්ටමින් ආරවුල විසඳා ගත නොහැකි නම් Fair Work කොමිසමට ඒවා යොමු කර ඊට අවශ්‍ය නියෝග ලබාගැනීමට හැකියි.

උදාහරණයක් ලෙස, සේවා යෝජකයෙකු සේවකයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ දින 21ක් ඇතුළත අදාළ ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වයි නම් එම ගැටලුව Fair Work කොමිසමට යොමු කළ හැකියි.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now