SBS Insight සමඟ සහයෝගීත්වයෙන් SBS Examines ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ කතාබස් කළා. විශ්වාසය සහ සබඳතා වර්ධනය පිළිබඳ ඔවුන්ගේ අදහස් මේ විශේෂාංගයෙන්.
ස්කැන්ලන් පර්යේෂණය ආයතනයේ සංහිඳියා වාර්තාවට අනුව ඕස්ට්‍රේලියානුවන්ට සමස්තයක් වශයෙන්සමාජයට සමීප බවක් දැනීම අඩු වී ඇති බව හෙළි වුණා. සබඳතා ගොඩනැගීම වෙනුවෙන් ප්‍රාදේශීය වශයෙන් කණ්ඩායම් විශාල කාර්යභාරයක් සිදු කරන බව පෙනෙනවා. අසල්වාසීන් සහ අනෙකුත් බිම් මට්ටමේ කණ්ඩායම් මේ සම්බන්ධයෙන් අතිශය වැදගත්.
ඕස්ට්‍රේලියාවේ සමාජ බෙදීයාමේ ප්‍රවණතාවක් පිළිබද මින් පෙර විශේෂාංගයක් ගෙන ආවා. එහි දෙවන කොටසයි මේ. පළමු කොටසෙන් අවධානය යොමු කලේ මෙවැනි සමාජ භේදයක් ඇති වුනෙ කෙසේ ද යන්න පිළිබඳවයි. එහි දී ඉහළ ජීවන වියදම්, අන්තර්ජාතික ගැටුම් සහ ඔස්ට්‍රේලියාවේ දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් අපි කතා කළා.
ලේඛක සහ ප්‍රහසන ශිල්පී සාමි ශා පාකිස්ථානයේ සිට ඕස්ට්‍රේලියාවට එන්නේ 2012 දී. වෙනස් මත ඇති ප්‍රජාව සමඟ ජීවත් වීමටත් ඔවුන්ට ඇහුම්කන් දීමටත් පුරුදු වීම අවශ්‍ය බව ඔහුගේ අදහසයි.
මම ආපු සමාජයේ ගෙදර හැමෝට ම විවිධ මත සහ විශ්වාස තිබුණා. සමහර දේවල් එක් අන්තයකට බර වැඩියි. ඒත් අපි එකට එකතු වෙලා රාත්‍රී ආහාරය ගන්නවා.සාමි ශා
කොටස් දෙකකින් යුත් පොඩ්කාස්ට් විශේෂාංගයක දෙවැන්නයි මේ. වඩාත් එක්සත් රටක් සඳහා ගත හැකි පියවර පිළිබඳවයි මේ වැඩසටහනෙහි අවධානය.





