පළමු මිනිස් සඳ තරණයෙන් දශක 5කට පසු NASA සඳ ගමනේ, ඕස්ට්‍රේලියාවේ CSIRO සහ ANU වෙතින් විශේෂඥ සහාය

FL: NASA SLS Artemis II

NASA's SLS rocket at LC-39B is expected to launch as early as April 1st, 2026. Cape Canaveral, FL. (Michael Cain Jr/Sipa USA) (Photo by Michael Cain Jr./Sipa USA) Source: SIPA USA / Michael Cain Jr/Sipa USA/Michael Cain Jr./Sipa USA

ලොව ප්‍රථම සඳ ගමන 1969 දී සිදු වුණා. ඒ ඓතිහාසික ගමනෙන් පසු පළමු වරට නැවතත් මනුෂ්‍යයා සඳ ගමනකට සූදානමෙන් පසු වනවා. ඒ ඇමරිකානු වේලාවෙන් අප්‍රේල් 1වන දා (ඕස්ට්‍රේලියානු වේලාවෙන් අප්‍රේල් 2වන බ්‍රහස්පතින්දා). දින 10ක මෙහෙයුමකට ගගනගාමීන් සිව් දෙනෙකු අවුරුදු දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ පුහුණු වුණා. ඔවුන් සඳ වටා ගමන් කොට නැවතත් පෘථිවිය බලා එනු ඇති. ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ආයතනය වන CSIRO සහ Australian National University විසින් නාසා සතු Canberra Deep Space Communications Complex සහ අනෙක් ඇන්ටෙනා භාවිතයෙන් යානය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂඥ සහාය ලබා දෙනවා. මෙම මෙහෙයුම ඕස්ට්‍රේලියානුවන්ට ආඩම්බර විය හැකි ගමනක් බව වසරේ ඕස්ට්‍රේලියානුවා සම්මානය දිනූ ගනගනාමී කැතරීන් බෙනෙල් පෙග් පවසා සිටියා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now