ගණිකාවකට අතවර කල බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තු සාමාජිකයකුටත් චෝදනා : මාර්තු 25 SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

Parliament House - Sydney NSW

Parliament House - Sydney NSW Source: flicker /sv1ambo

මාර්තු මස 25 වන දා බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ


Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් ඉවත් කෙරුණු ඇතැම් ප්‍රදේශවාසීන් නැවතත් සිය වාසස්ථාන කරා
  • ගණිකාවකට අතවර කල බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තු සාමාජිකයකුටත් චෝදනා
  • News Corp පිළිබඳව කියූ දේ වැරදියි ඕස්ට්‍රේලියානු අගමැති සමාව අයදී
  • ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඡන්ද 22කින් සම්මත වෙයි
  • ගිනි අවි බලපත් දැඩි කරන ලෙස ඇමරිකා ජනපතිගෙන් ඉල්ලීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් ඉවත් කෙරුණු ඇතැම් ප්‍රදේශවාසීන් නැවතත් සිය වාසස්ථාන වෙත යයි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළ තීරයට වන්නට පිහිටි එක් ප්‍රදේශයක වැසියන් හට සිය වාසස්ථාන වෙත නැවත යාමට ප්‍රාන්ත බලධාරීන් අවසර ලබාදී තිබේ. කෙසේ නමුත් ප්‍රාන්ත හදිසි සේවා සඳහන් කොට සිටින්නේ ගංගා වල පවතින ඉහල ජාල මට්ටම මීළඟ සති අන්තය දක්වාවත් පවතිනු ඇති බවයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Kempsey සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන් හි ජනතාවට එම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ආරක්ෂා සහිත වන බවට නිවේදනය කොට තිබේ.

කෙසේ නමුත් Macintyre, Gwydir, Clarence , Hawkesbury, Nepean සහ Colo යන ගංගා ආශ්‍රිත ප්‍රදේශ සම්බන්ධයෙන් හදිසි සේවා දැඩි අවධානයකින් පසු වන අතර එම අවදානම් සහිත ප්‍රදේශයන්හි 60,000ක පමණ පිරිසක් සඳහා හදිසි තත්වයකදී එම ප්‍රදේශයෙන් ඉවත් වීමට සුදානම් වන ලෙස දැනුම් දී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ගංවතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරල තීරයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය සඳුදා දින සිට අතුරුදන් ව සිටි 38 හැවිරිදි පුද්ගලයකුගේ මළසිරුර ඊයේ දිනයේදී ක්වීන්ස්ලන්ත සහන කණ්ඩායම් මගින් සොයාගෙන ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයඹ දිග සිඩ්නි හි Glenorie ප්‍රදේශයේදීද පකිස්ථාන සංක්‍රමණික පුද්ගලයකු ගංවතුරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

25 හැවිරිදි මෙමෙ පකිස්ථාන ජාතිකයා සිය නව රැකියාව සඳහා ගමන් කරමින් සිටින අතරතුර මෙලෙස ගංවතුරට හසු වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ගණිකාවකට අතවර කල බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තු සාමාජිකයකුටත් චෝදනා

නිව් සවුත් වේල්ස් හි කම්කරු පක්ෂ පාර්ලිමේන්තු සාමාජිකා Trish Doyle ඊයේ පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ ප්‍රාන්ත පාර්ලිමේන්තු සාමාජිකයකු විසින් ගණිකාවක අතවරයට ලක් කොට ඇති බවට තමන් සතුව සාක්ෂි පවතින බවයි. නමුත් එම පාර්ලිමේන්තු සාමාජිකයාගේ නම හලි කිරීමක් ඇය එම අවස්ථාවේදී සිදු කොට නොමැත.

මීට ප්‍රතිචාර වශයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ජාතික පක්ෂ පාර්ලිමේන්තු සාමාජික Michael Johnsen ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනය කරන්නේ තමන් බවට සඳහන් කොට තිබේ.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් පොලිසිය සමග සාකච්චා කල අතර පොලිස් පරීක්ෂණ සඳහා සම්පුර්ණ සහාය දක්වන බවයි.

එමෙන්ම මෙම පරීක්ෂණ ඔස්සේ තමන් නිර්දෝෂී බවට හඳුනාගන්න බවට දැඩි විශ්වාසයක් පවතින බවද Michael Johnsen පවසයි.

මේ වනවිට ඔහු පාර්ලිමේන්තු ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

News Corp පිළිබඳව කියූ දේ වැරදියි ඕස්ට්‍රේලියානු අගමැති සමාව අයදී

ප්‍රවුත්ති සාකච්චාවක් අතරතුර News Corporation මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් තමන් සිදු කල ප්‍රකාශය නිවැරදි නොවන අතර ඒ සම්බන්ධයෙන් සමාව අයදින බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පවසයි.

පසුගිය දින කිහිපය තුල දැඩි සාකච්චාවකට බඳුන් වූ, පාර්ලිමේන්තු මන්දිරය තුල කාන්තාවන්ට සිදු වන අසාධාරණය පිළිබඳව සිදු කල ප්‍රවුත්ති සාකච්චාවක් අතරතුර News Corporation මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් Scott Morrison කියා සිටියේ එම සංස්ථාව තුලද කාන්තාවන්ගේ වැසිකිළිය තුලදී කාන්තාවකට හිරි හැර සිදුව ඇති බවට පැමිණිලි පවතින බවයි.

නමුත් පසුව එලෙස කසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවට News Corporation ස්ථිර කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මෙලෙස සමාව ඉල්ලා තිබේ.

මේ සිදු වීම පිළිබඳව අදහස් දක්වන අතරතුර Scott Morrison, Radio 2GB වෙත කියා සිටියේ, පාර්ලිමේන්තු මන්දිරය තුල කාන්තාවන් සඳහා වන ආරක්ෂාව තහවුරු කිරීමට දැඩි ලෙස කටයුතු සිදු කරන බවයි.

නමුත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ මෙමෙ ක්‍රියාව හෙළ දකිමින් කම්කරු පක්ෂ සාමාජිකා Tanya Plibersek සඳහන් කරන්නේ , කාන්තාවක පැමිණිලි කොට ඇති බවට ප්‍රසිද්ධියේ සඳහන් කිරීමේ ඔස්සේ මෙවැනි ගැටළු සම්බන්ධයෙන් කාන්තාවන් ඉදිරියට ඒම වලකන බවයි.

ඔස්ට්‍රේලියනුවන්ට කොරෝනා එන්නත් ලබාදීම සාර්ථකව

මේ වනවිට ඕස්ට්‍රේලියානුවන් 358,000කට කොරෝනා එන්නත් ලබාදී ඇති බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි. එමෙන්ම ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදිත AstraZeneca එන්නත් තොග මගින් පවතින සැපයුම තවත් ඉහල දැමිය හැකි බවද ඔහු පෙන්වා දේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ පසුගිය සඳුදා (22) දින පුද්ගලයින් 30,000කට සහ අඟහරුවාදා (23) දින පුද්ගලයින් 46,000කටත් කොරෝනා එන්නත ලබාදීම සිදු කල බවයි.

මේ අනුව ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත ලබාගන්නා පිරිස දිනෙන් දින ඉහල යන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය .

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඡන්ද 22කින් සම්මත වෙයි

බ්‍රිතාන්‍යය , ජර්මනිය ඇතුළු රටවල් 6 අනුග්‍රාහකත්වයෙන් යුතුව ඉදිරිපත් කල ශ්‍රී ලංකාවේ සංහිදියාව වගවීම් සහ මානව හිමිකම් ප්‍රවර්යධනය සඳහා වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වෙයි. මෙය එම 46 වැනි සැසිවාරයේදී සම්මත වූ අතර යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කොට ඇති අතර රටවල් ශ්‍රී ලංකාවට පක්ෂව සහ යෝජනාවට විරුද්ධව රටවල් 11ක් සිය ඡන්දය ප්‍රකාශ කොට තිබේ. එම යෝජනාවට සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි රටවල් ගණන 14ක්.

කෙසේ නමුත් මෙලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ ජිනීවා යෝජනාව හරහා ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්භාදක පැනවිය නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කොට සිටී. එමෙන්ම මීළඟ ජිනීවා සමුළුවේදී මෙමෙ යෝජනාවලිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමටද ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බව ද ඔහු පවසයි.

ගිනි අවි බලපත් දැඩි කරන ලෙස ඇමරිකා ජනපතිගෙන් ඉල්ලීමක්

ඇමරිකාව තුල රයිෆල් තහනම් කරන ලෙස සහ ගිනි අවි හිමිකරුවන්ට පවතින බලපත් දැඩි කරන ලෙස ඇමරිකානු ජනාධිපති Joe Biden කොන්ගස් මණ්ඩලයෙන් ඉල්ලයි.

Colorado හි Boulder ප්‍රදේශයේ වෙළඳපලකදී, තුවක්කුකරුවකු පුද්ගලයින් 10 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමත් සමග ඇමරිකානු ජනපතිවරයාගේ මෙම ඉල්ලීම සිදුව තිබේ.

කෙසේ නමුත් මීට වඩා මධ්‍යස්ත ප්‍රකාශයක් සිදු කරමින් රිපබ්ලිකන් සෙනෙට් සුලුතර නායක Mitch McConnell සඳහන් කොට සිටින්නේ මෙවැනි පුද්ගලයින් හට විවිධ මානසික බලපෑම් සහ ගැටළු පවතින අතර ඒ පිළිබඳවද අවධානය යොමු කලයුතු බවයි. ඒ හේතුවෙන් පවතින ගටුව සම්බන්ධයෙන් ඉක්මනින් නිසි තීරණයකට එළඹිය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now