ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනෙක් නින්ද හා සම්බන්ද ගැටලුවලට මුහුණදෙන බව හෙළිවේ

2025-02-04_19-17-59.jpg

The average Australian isn't getting enough sleep, according to a new survey. Source: Getty / Klaus Vedfelt

බොහෝ ඕස්ට්‍රේලියානුවන් අවශ්‍ය ප්‍රමාණයට තම නින්ද ලබාගැනීම සිදු නොකරන බව නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබ දිනකට කෙතරම් කාලයක් නිදා ගත යුතුද? එසේම ගුණාත්මක සුවපහසු නින්දක් ලබාගැනීමට ඔබට කළහැකි දෑ මොනවාද ?


සෑම ඕස්ට්‍රේලියානුවන් හතර දෙනෙකුගෙන්ම තිදෙනෙක් සුවපහසු රාත්‍රී නින්දක් ලබාගැනීමට නොහැකි තත්වයක පසුවන බව Finder වෙබ් අඩවිය විසින් 1010ක පමණ පිරිසක් සහභාගී කරවාගෙන පැවැත්වූ සමීක්ෂණයක් හරහා හෙළිවී තිබෙනවා. මේ අනුව ඔස්ට්‍රේලියාව තුල මිලියන 14.8ක් පමණ වැඩිහිටි පිරිසක් නිසියාකාර රාත්‍රී නින්දක් නොලබනවා.

66%ක පමණ පිරිසකට අවම වශයෙන් එක් නින්ද හා සම්බන්ද ගැටලුවකට මුහුණ පාන බවත් 48%ක ප්‍රමාණයක් අවම වශයෙන් නින්ද හා සම්බන්ද ගැටළු දෙකකට මුහුණ පාන බවත් Australian Institute of Health and Welfare ආයතනය විසින් 2016 වසරේදී ඕස්ට්‍රේලියානුවන් යොදා සිදුකල සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

2025-02-04_19-21-56.jpg
Only 29 per cent of Australians recorded not having any sleep issues during the night. Source: SBS News
ඔබට දිනකට කෙතරම් නින්දක් අවශ්‍යයද?

සාමාන්‍ය නිරෝගී වැඩිහිටියකුට දිනකට පැය 7ත් 9ත් අතර නින්දක් ලබාගතයුතු බව නින්ද හා සම්බද පර්යේෂකයකු සහ Central Queensland විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන Alexandra Shriane පවසා සිටිනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු නින්දක් ලැබීම විවිද සෞඛ්‍ය ගැටළු සඳහා හේතුවක් විය හැකි බවද Alexandra Shriane පවසා සිටිනවා.

කෙසේ උවත් ළමුන්ට වැඩිහිටියන්ට වඩා වැඩි වෙලාවක් නිදාගත යුතු වනවා. කුඩා ළමුන් දිනකට පැය 11ත් 14ත් අතර කාලයක නින්දක් ලබාගත යුතු වනවා. මෙය ඔවුන්ගේ වර්ධනයට මූලික වශයෙන් බලපාන කරුණක් වනවා. තරුණ වයසේ පසුවන පිරිස් දිනකට පය 8ත් 10ත් අතර කාලයක් නිදාගත යුතු වනවා. වයස අවුරුදු 65 ට වැඩි පිරිස් සඳහා පැය 7ත් 8ත් අතර නින්දක් ලබා ගැනීම ප්‍රමාණවත් බව Australian Institute of Health and Welfare ආයතනය පවසා සිටිනවා.

මෙහිදී නින්දේ ගුණාත්මක භාවය පිළිබඳව අවධානය යොමු කිරීමද ඉඔතාමත් වැදගත් වනවා. අවශ්‍ය පය ගණනක් නින්දක් ලබාගැනීමෙන් පසුවද ඔබට නිතර වෙහෙසකර බවක් දැනේනම් හෝ දිවා කාලයේ අවදියෙන් සිටීමට අපහසු තත්වයක් පවතීනම් ඔබ ලබාගන්න නින්දේ ගුණාත්මක භාවය සම්බන්දයෙන් ගැටළු පැවතිය හැකි බව Alexandra Shriane පවසා සිටිනවා

සුවපහසු නින්දක් ලබාගැනීමට සිදුකලයුතු දේ මොනවද?

  • සෑම දිනකම එකම වේලාවක නින්දට ගොස් දළ වශයෙන් එකම වේලාවක අවදි වන්න
  • දිවා කාලයේ නිදා නොගැනීමට උත්සාහ කරන්න - ඔබ එසේ කරන්නේ නම්, එය දිවා කාලයේ සිදු කර විනාඩි 15 සිට 20 දක්වා වෙලාවකට සීමා කරන්න.
  • නින්දට පැය හයකට හෝ අටකට පෙර කැෆේන් පානය නොකරන්න.
  • මත්පැන් සහ නිකොටින් භාවිතාව හැකිතාක් සීමා කරන්න. නින්දට පැය හතරකට පෙර මේවා ලබාගැනීමෙන් වලකින්න.
  • නින්දට පැය එකකට හෝ දෙකකට පෙර දීප්තිමත් ආලෝකයට නිරාවරණය වීමෙන් වැළකී නින්දට පෙර සූදානම් වීමේ පුරුද්දක් ඇතිකර ගන්න.
  • රාජකාරී කටයුතු ඇඳ මත සිට සිදුකිරීමෙන් වළකින්න.
  • ඔබේ නිදන කාමරය අඳුරු, නිශ්ශබ්ද, හොඳින් වාතාශ්‍රය එන සහ සීතලව (අංශක 16 සිට 20 අතර ) තබා ගන්න.
  • ඔබට විනාඩි 20කින් නින්ද නොයන්නේ නම්, ඔබට නිදිමත දැනෙන තෙක් මඳ ආලෝකයක් ඇති පරිසරයක සිරිර සැහැල්ලු කිරීමේ අභ්‍යාසයක යෙදෙන්න.
  • ඔබ නිරන්තරයෙන් ගුණාත්මක නින්දක් ලබාගැනීමට අපහසු තත්වයකින් පෙලෙන්නේනම් ඒ සම්බන්ධ වෘත්තිකයෙකු හෝ වෛද්‍යවරයකු සමඟ ඔබේ ගැටලුව සාකච්චා කර සිටින්න.
********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



********************************************************************************


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනෙක් නින්ද හා සම්බන්ද ගැටලුවලට මුහුණදෙන බව හෙළිවේ | SBS Sinhala