Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ආරක්ෂිතව රිය පදවන රියදුරන්ට සතියට $120ක්: මුදල් ත්‍යාග දෙන්න යෝජනා කරමින් නවතම පරීක්ෂණයක්

Happy single mother and her son testing new car in a showroom

Photo of young mother spending time with her son by taking him on a road trip Credit: ljubaphoto/Getty Images

මාර්ග නීති පිළිපදින සහ ආරක්ෂිතව වාහන ධවනය කරන රියදුරන්ට මූල්‍යමය ත්‍යාග ලබාදීමේ වැඩ පිළිවෙලක් සම්බන්දව පර්යේෂණ සිදුවේ. මෙහිදී ආරක්ෂිතව රිය ධාවනය කරන රියදුරන්ව මූල්‍යමය ත්‍යාග මගින් දිරිමත් කිරීම මගින් සිදුවන රථවාහන අනතුරු ප්‍රමාණය අඩුකර ගත හැකිද යන්න සම්බන්ධයෙන් විශේෂ තොරතුරු අනාවරණය කරගැනීමට බලාපොරොත්තු වනවා.


මාර්ග ආශ්‍රිත මත්ද්‍රව්‍ය පරීක්ෂණ, ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සහ දැඩි මෝටර් රථ සහ මාර්ග තත්ත්ව ප්‍රමිතීන් සියල්ලම මෑත දශක කිහිපය තුළ ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසකට ආරක්ෂිතව නිවෙස් කරා යාමට උපකාර කර ඇත.

දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව සහ බරපතල තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ කීර්තිනාමයට යම් හානියක් සිදුවී තිබේ.

2023 දී ඕස්ට්‍රේලියානු මාර්ගවල ජීවිත 1,270 කට වඩා අහිමි වී තිබේ

එය වසරක් තුළ සියයට හතකින් ඉහළ යාමක් වන අතර 2011 සිට වාර්තා වන දෙවන ඉහළම වාර්ෂික මරණ සංඛ්‍යාවයි. මෙහිදී වාර්ෂිකව පුද්ගලයින් 39,000 ක් පමණ රෝහල් ගත කරනු ලැබේ.

මේ සතියේ සිඩ්නි හි පැවැත්වෙන ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සංසදයකට පෙර, ආරක්ෂිත ප්‍රවාහනය සඳහා ප්‍රමුඛ පෙළේ උපදේශකයින් හතර දෙනෙක් ඔවුන් ගේ අදහස් ප්‍රකාශ කර තිබේ. මෙහිදී මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන, සෞඛ්‍ය සහ නාගරික පද්ධති පර්යේෂණ විද්‍යාගාරයේ අධ්‍යක්ෂ මාර්ක් ස්ටීවන්සන් පවසන්නේ ඕස්ට්‍රේලියාව නරක හැසිරීම් මැඩලීමට හොඳින් කටයුතු කර ඇති නමුත් මෙයින් ලැබෙන ප්‍රතිලාභ අඩුවීමේ අදහස් වන්නේ නව උපාය මාර්ග අවශ්‍ය බවයි.

 

අපි 20 වැනි සියවසේ ප්‍රවාහන පද්ධතියකට සුළු වෙනස් කම් කිරීමට උත්සාහ කරමින් වර්තමානයේද එම ප්‍රතිඵලම බලාපොරොතු වන බව Stevenson පවසා සිටී. ඔහුගේ පර්යේෂවලින් පෙන්වා දේ තිබෙන පරිදි APP භාවිතා කරමින් එක් එක් රියදුරුට තමන්ට අනන්‍ය උපදෙස් ලබාදීම ඔවුන් ගේ හැසිරීම් රටාවන් වෙනස් කිරීමට එතරම් ඵලදායී ක්‍රියාවක් නොවන බවයි. නමුත් ඔබ මෙයට යම් මූල්‍යමය ත්‍යාග එකතු කිරීමක් සිදු කළහොත් එහිදී ඉතා විශාල පරිවර්තනයක් දැකගත හැකි බව ඔහු වැඩි දුරටත් කියා සිටී.මෙම වසර අගදී ඕස්ට්‍රේලියානු රියදුරන් දහස් ගණනක් සම්බන්ධ කර විශාල අත්හදා බැලීමක් සිදු කිරීමට නියමිත් අතර මෙහිදී මූලාමය ත්‍යාග ලබාදීම සම්බන්දව යම් අදහසක් ලබා ගැනීමට හැකිවනු ඇත.

මෙහිදී රියදුරන්ට Virtuaal Account එකක් හරහා සතියකට $120ක් ලබා දෙන අතර ඔවුන් තමන්ගේ ඉලක්ක සපුරා නොගන්නේ නම් $20ක් ඔවුන්ගෙන් අඩු කරනු ලැබේ

මේ අනුව රිය ධාවනය කරන ආකාරය අනුව ඔවුන්ට $120ක් ලබා ගැනීම හෝ අහිමි වීම සිදු වේ.

මේ අතර මාර්ග අනතුරු අවම කර ගැනීමට තවත් යෝජනා කිහිපයක් ඉදිරිපත් වී තිබේ.

Real-time data of crash scenes

ඔස්ට්‍රේලියාව මාර්ග අනතුරු සහ අවධානම් සම්බන්ධයෙන් Realtime data , සජීවී දත්ත ලබා දීමේ කාර්යයේදී ඉතා පසුගාමී තත්වයක සිටින බව ජාතික මාර්ග සහ මෝටර් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයකු වන Peter Khoury පවසා සිටී.මාර්ග අනතුරු වලදී වේගය සහ මත්පැන් සම්බන්ද දත්ත බොහෝ විට සටහන් වන නමුත් අනෙකුත් සාධක පිලිබඳ දත්ත කිසි විටෙක සටහන් කර ගැනීම හෝ බෙදා ගැනීම සිදු නොවේ. මෙහිදී ප්‍රාන්ත රජයන් තම මාර්ග වල සිදුවන අනතුරු සම්බන්ධයෙන් පවතින දත්ත එසැනින් ජාතික පද්දතිය සමග බෙදාගැනීමට කටයුතු කලයුතු බව Peter Khoury පවසා සිටී. මෙම තොරතුරු එකතු කිරීම නිසියාකාරව සිදු කළහොත් එමඟින් අනතුරු වල ප්‍රවණතා හඳුනාගත හැකි බව ද ඔහු කියා තිබේ.

Painted bike lanes can reduce road trauma

පාපැදි කරුවන්ගේ සංගමයක් පවසා සිටින්නේ පාපැදි මංතීරු සලකුණු කිරීම වැනි සරල දෙයකින් විශාල අනතුරු ප්‍රමාණයක් වලක්වා ගත හැකි බවයි. Bicycle Network හි ප්‍රධාන විධායක Alison McCormack පැවසුවේ බයිසිකල් මංතීරුවක් වීදියක ඇතිවිට විට මාර්ගය භාවිතා කරන සෑම අයෙක්ම ඉන් ප්‍රතිලාභ ලබන බවයි. ඔවුන් යෝජනා කර සිටින්නේ පාපැදි කරුවන් සහ පදික යන සඳහා රජය වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කළ යුතු බවයි. මේ නිසා රථවාහන අනතුරු අඩුවීම මෙන්ම සෞඛය ප්‍රතිලාභද ඉහල මට්ටමක පවතිනු ඇත. 

Proper speed camera enforcement

වේග කැමරා භාවිතය නිසියාකාරව සිදුකලයුතු බවට තවත් මතයක් පලවී තිබේ. මෙහිදී වේග කැමරා ඇත්නම් එය දැනුම් දීමේ පුවරු තිබීම අනිවාර්ය වේ. කෙසේ උවත් මෙය නිෂ්ඵල ක්‍රියාවක් බවද මත පල වේ. මේ නිසා වේගයේ සාමාන්‍ය ගණනය කර එමඟින් ද නියම කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත. ස්ථාන දෙකක් අතර කැමරා රඳවා අදාළ දුර ප්‍රමාණය මගින් ගමන් කල දලවේගය ගණනය කිරීම වඩා ඵලදායක බව Australasian College of Road Safety හි ප්‍රධාන විධායක Ingrid Johnston පවසා තිබේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now