Highlights
- ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති ගංවතුර තත්වයත් සමග අද දින ආරම්භ වීමට නියමිත ඔස්ට්‍රේලියානු ප්‍රජාවට කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල සඳහා එන්නත් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාදය
- ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදනය කල AstraZeneca කොරෝනා එන්නත් සඳහා ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනයේ අනුමැතිය හිමි වීම
- 2022 වසරේදී ජාත්‍යන්තර සංචාර යලිත් සිදු කිරීමට හැකි වෙතැයි ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් Brendan Murphy සඳහන් කිරීම
අද (22/03) ක්‍රියාත්මක කිරීමට නියමිත 1-B අදියර යටතේ ඔස්ට්‍රේලියානු ප්‍රජාවට එන්නත් ලබාදීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ එන්නත් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති ගංවතුර තත්වයත් සමග ප්‍රමාද වී තිබේ.
මෙම තත්වය යටතේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල ඇතැම් පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන වෙත කොරෝනා එන්නත් ලබාදීමට නොහැකි වී ඇති අතර ඒ අනුව ඇතැම් ඕස්ට්‍රේලියානුවන් හට බලාපොරොත්තු වූ පරිදි අද දිනයේදී කොරෝනා එන්නත් ලැබීම සිදු නොවන බව වාර්තා වේ.
එමෙන්ම ගංවතුර තත්වය හේතුවෙන් ඇතැම් පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන වසා දැමීමටද පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු උප ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය Michael Kidd සඳහන් කරන්නේ කොරෝනා එන්නත හැකිතාක් ඉක්මනින් බෙදාහැරීමට කටයුතු කරන පිරිස සඳහා ස්තුතිය පලකරන අතර එන්නත් ප්‍රවාහනය කල් ගියද එම පිරිසගේ , කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහ රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳව පළමු කොට සලකන බවයි.
ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබාදීමේ 1-B අදියර යටතේ වයස අවුරුදු 70 හෝ ඊට වඩා වැඩි පුද්ගලයින්, වයස අවුරුදු 55 හෝ ඊට වඩා වැඩි ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් සහ විවිධ සෞඛ්‍ය ගැටලු පවතින තරුණ පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීම සිදු කෙරේ.
ඕස්ට්‍රේලියානු අමාත්‍ය Simon Birmingham සිය අදහස් දක්වමින් Sky News ප්‍රකාශ කොට ඇත්තේ නිව් සවුත් වේල්ස්හි පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ වුවද කොරෝනා එන්නත් අදාළ ප්‍රදේශ කරා හැකි ඉක්මනින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අදාළ එන්නත් පරවහනය සිදු කරන සමාගම් සමග කටයුතු කරන බවයි.
ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය Chris Moy සඳහන් කරන්නේ මේ වනවිට කොරෝනා එන්නත් ලබාදීම සඳහා ලයිස්තුගතකොට ඇති, ඔස්ට්‍රේලියාව පුරා පවතින පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන 1,000න් 900 කටම පමණ මේ වනවිට අදාල කොරෝනා එන්නත් ලැබී ඇති අතර නිව් සවුත් වේල්ස්හි ඇතැම් පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන වෙත කොරෝනා එන්නත් තවමත් ලැබීමට නියමිතව තිබෙන බවයි.
ඔහු සඳහන් කරන්නේ කෙසේ නමුත් අද වනවිට කොරෝනා එන්නත් අදාළ ස්ථාන වෙත ලබාදීමට අදාළ සමාගම් උත්සාහ කරන බවයි.
ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදනය කල AstraZeneca එන්නත් සඳහා ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනයේ අනුමැතිය
AstraZeneca එන්නත් සීමා සහිතව ආනයනය කිරීමට සිදුවීම මත ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල යම් මන්දගාමී තත්වයකට පත්කිරීමට බලපා ඇති අතර ඇතැම් පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා සතියකට එන්නත් මාත්‍රා 50 ක් පමණක් ලැබේ. මේ හේතුවෙන් ඔවුනට වැඩිහිටි හා අත්‍යවශ්‍ය රෝගීන් හට ප්‍රමුඛතාවය දෙන ලෙස ඔවුනට උපදෙස් ලබා දී තිබේ.
කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදනය කල AstraZeneca කොරෝනා එන්නත් සඳහා ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනයේ අනුමැතිය හිමි වීමත් සමග මහාචාර්ය Michael Kidd පවසන්නේ දේශීයව නිපදවන ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු කාණ්ඩ ඉදිරි දිනවලදී නිකුත් කිරීමට හැකිවන බවයි.
මේ හේතුවෙන් එන්නත් වෙන්කරවාගැනීම් කටයුතු ඉවසීමෙන් යුතුව සිදු කරන ලෙසද ඔහු ජනතාවට සඳහන් කොට සිටි.
වෛද්‍ය Chris Moy ද ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඔහු පෙන්වා දෙන්නේ එන්නත් ලබාදීම සඳහා සේවයේ නිරත පිරිසට යහපත් ලෙස ප්‍රතිචාර දක්වන ලෙසයි.එමෙන්ම ඔස්ට්‍රේලියාව තුල මේ වනවිට කොරෝනා වෛරස ව්‍යාප්තියක් නොපැවතීම පෙන්වා දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ සෑම අයකුටම ක්‍රමානුකුලව එන්නත් ලැබීම සිදුවන බව තේරුම් ගන්නා ලෙසයි.
නැවතත් ජාත්‍යන්තර සංචාර ඇරඹීම සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් Brendan Murphyගේ අදහස්
මේ අතර 2022 වසරේදී ජාත්‍යන්තර සංචාර යලිත් සිදු කිරීමට හැකි වෙතැයි ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් Brendan Murphy සඳහන් කොට සිටී
ඕස්ට්‍රේලියානු රජය, මේ වනවිට පවතින හදිසි කාල සීමාව මාස තුනකින් දීර්ඝ කිරීමට පියවර ගත් අතර ඒ ඔස්සේ විශේෂ අවසර නොමැති පිරිස සඳහා ජාත්‍යන්තර සංචාර තවදුරටත් සීමා සහිතව පවතී.
Sky News වෙත අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් Brendan Murphy සඳහන් කොට ඇත්තේ ලොව වෙනත් රටවල සහ ඔස්ට්‍රේලියාව තුල කොරෝනා වෛරසය සඳහා එන්නත් ලබාදීම, වත්මන් නිරෝධායන ක්‍රමයට සහ ජාත්‍යන්තර සංචාර සඳහා ඉක්මනින්ම පහසුවක් සලසනු ඇති බවයි.
එන්නත් ලබාදීම හේතුවෙන් දැනට පවතින නිරෝධායන කාලසීමාව අඩු කිරීමට හැකිවීම නිදසුන් වශයෙන් ඔහු පෙන්වා දෙන නමුත් මේ සම්බන්ධයෙන් ස්ථිර ලෙසම පැවසීමට කල් වැඩි බවද Brendan Murphy පවසයි.
කොරෝනා වසංගතයට ප්‍රතිචාර වශයෙන් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය සහ උපකාරක පියවර ඔබේ භාෂාවෙන් ලබාගැනීම සඳහා පිවිසෙන්න sbs.com.au/coronavirus à Sinhala language