ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වල සිංහල භාෂාව විෂයක් ලෙසට උසස්පෙළ විභාගයට හැදෑරීම සඳහා ප්‍රාන්ත රාජ්‍ය මඟින් පහසුකම් ලබාදී තිබුනද සංක්‍රමණික සිංහල ප්‍රජාව ලෙසින් අපි ඉන් උපරිම ප්‍රයෝජනය ලබාගන්නවාද? යන්න පිළිබඳවයි මෙම 2023 වසරේ ජනවාරි මසදී අපගේ මාසික ජනතා මත විමසුම - 'විනිවිද' තුලින් අවධානය යොමුවුණේ ....
මෙවර “විනිවිද" ජනතා මත විමසුමට සම්බන්ද වුනු ආරාධිත පිරිස
SBS සිංහල ගුවන්විදුලි මැදිරියේ සිට,
- ධනික නානායක්කාර - 2022 VCE විභාගයේ සිංහල භාෂාවට ඉහලම ලකුණු ලැබූ සිසුවා
- අසංක ලියනගේ - VSL - Hampton Park සිංහල පාසැලේ VCE උසස්පෙළ විභාගයේ සිංහල පංතිභාර ගුරුතුමා
දුරකතනයෙන් සම්බන්ද වූයේ
- දිල්හානි කපුආරච්චි - පර්ත් සිංහල පාසැලේ WACE උසස්පෙළ විභාගයේ සිංහල පංතිභාර ගුරුතුමිය
- නිලූකා හත්තොටුව - ඇඩිලේඩ් සිංහල බෞද්ධ පාසලේ ලේකම් සහ community language schools of South Australia සඳහා වන ශ්‍රී ලංකික නියෝජිතවරිය
————————————————————————————————————-
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
· SBS සිංහල Facebook පිටුවට
· SBS සිංහල වෙබ් අඩවියෙන්
· SBS Radio APP එකෙන් (Free)





