පවතින ගෝලීය ආර්ථික අර්බුධකාරී තත්වය හමුවේ ඉදිරි මාස කිහිපය අපහසු විය හැකි බවත් ඒ සඳහා සූදානම් වන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යුධමය තත්වයකට ඔස්ට්‍රේලියාව මුහුණ දීම වැනි තීරණාත්මක අවස්ථා වලදී රාජ්‍ය නායකයින් භාවිතා කරන ජාතිය ඇමතීමේ ක්‍රමවේදය අග්‍රාමාත්‍ය වරයා මෙහිදී භාවිතා කළා. අග්‍රාමාත්‍ය වරයා ජාතිය අමතා සිදුකල ප්‍රකාශය විනාඩි තුනක ප්‍රකාශයක් වූ අතර කලින් පටිගත කල වීඩියෝවක් ලෙස බදාදා සවස 7ට ඔස්ට්‍රේලියාව පුරා විකාශනය කිරීම සිදු වුනා. එහිදී ඔහු සඳහන් කල කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය ගෙන එන කෙටි පොඩ්කාස්ට් විශේෂාංගයට සවන්දෙන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






