Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ ළමුන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු නිදන්ගත රෝගයකින් පෙලෙන බව හෙළිවෙයි

19-year-old Sienna (SBS).jpg
19-year-old Sienna Source: SBS

ඕස්ට්‍රේලියාවේ ළමුන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු නිදන්ගත රෝගයකින් පෙලෙන බව නව පර්යේෂණයකින් හෙළි වී තිබේ. නමුත් නව පර්යේෂණවලින් පෙනී යන්නේ මුලික ගැටලුව බොහෝ විට නොසලකා හරිම වන අතර, ඔවුන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට බලපාන රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ප්‍රමාද කිරීමට මෙය හේතු වී තිබේ. වෙනත් අධ්‍යයනයන් විසින් දැනටමත් සදහන් කර අත්තේ මෙම තත්වය ඉතාමත් බරපතල බවයි. ප්‍රතිකාර නොකළ හෝ දුර්වල ලෙස ප්‍රතිකාර කළ නිදන්ගත රෝගයක් ඇති යෞවනයන් බොහෝ විට පාසල් යාමද අඩාල කරන අතර ඔවුන් සමාජයෙන් ඉවත් වී හුදකලා තත්වයට පත් විය හැකිය. Chronic Pain Australia හි උපදේශක කණ්ඩායමේ Nicolette Ellis පවසන්නේ ඔවුන් කාංසාව සහ මානසික අවපීඩනය වැනි මානසික සෞඛ්‍ය ගැටළු වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බවයි.  ඇය පවසයන පරිදි ඔවුන්ගේ දෙමව්පියන්ට රැකියා අහිමි වීම සහ සහෝදර සහෝදරියන් කොන් කිරීමට ලක් වීම මගින් ඔවුන්ගේ පවුල් ද පීඩාවට පත්ව ඇත. තවද ඔවුන්ගේ පාසල් අධ්‍යාපනයෙන් සියයට 22 ක් පමණ මග හරි ඇති බවද ඇය පවසයි. මෙම තත්ත්වය සදහා උපකාර ලබා ගැනීමද පහසු කාර්යයක් නොවන බව පැවසේ . ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය පර්යේෂකයෙකු වන මහාචාර්ය Manuela Ferreira වැනි විශේෂඥයින් පවසන්නේ මෙම ගැටලුවට තවත් හේතුවක් වන්නේ නිදන්ගත රෝග වැඩිහිටියන්ට පමණක් බලපාන දෙයක් ලෙස සැලකීම බවයි. යෞවනයන් තුළ නිදන්ගත රෝග සඳහා වඩාත් ඉක්මන් පියවරක් ගැනීමට ඇයට අවශ්යය බව පැවසේ. මහාචාර්යවරිය පවසන පරිදි සෞඛ්‍ය පද්ධතිය සමස්තයක් ලෙස නිදන්ගත රෝග සමඟ කටයුතු කරන ආකාරය වැඩිදියුණු කිරීමට ද ඉඩක් ඇති බව කියවේ. ඕස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් ළමා සායන හයක් පමණක් ඇති අතර, ඒ සාදහා වසරකට 250ක් පමණ නිර්දේශයන් ලැබෙන බව කියවේ.. මෙයින් අදහස් කරන්නේ මෙවැනි දරුවෙකු වෙනුවෙන් වෛද්ය උපදේශනයට අදාල වෙලාවක් ලබා ගැනීම සාදහා සාමාන්‍ය පොරොත්තු කාලය වසර එකත් - තුනත් අතර වන බවයි. නිදසුනක් වශයෙන්, ඔබගේ කොන්දේ වේදනාවේ ව්‍යාප්තිය සලකා බැලුවහොත්, ඕස්ට්‍රේලියාවේ පමණක් නොව, ලොව පුරා, වසර ගණනාවක් තිස්සේ ඇත්ත වශයෙන්ම රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතන බව පැවසේ. ඒ අයගෙන් කීදෙනෙක් සත්‍ය වශයෙන්ම තම වෛද්‍යවරයා, හෝ භෞතවේදියා හමුවීමට යන්නේද යන්න ගැටලුවක්ව පවතින බව ඇය විසින් සදහන් කරයි.

Published

Updated

By Mahnaz Angury, Sue Lannin, Deborah Groarke

Presented by Sudarshani Ambegoda

Source: SBS

Share this with family and friends

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now