'කාලීන' විශේෂාංගය: තමන්ට කිසිදු උපකාරයක් නොකළ බවට ඇෆ්ගන් පවුලකින් ඕස්ට්‍රේලියාවට චෝදනා

Afghans prepare to board a US plane during an evacuation at Hamid Karzai International Airport, Kabul.

Afghans prepare to board a US plane during an evacuation at Hamid Karzai International Airport, Kabul. Source: US Marine Corps

ඇෆ්ගනිස්ථානයේ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක හමුදා සඳහා සේවය කළ මේ වනවිට ජීවිත අවදානමක් මතුව ඇති ඇෆ්ගන් වැසියන් ගෙන්වා ගැනීමට වන ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත් වීම සහ මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් වන විවිධ මත පිළිබඳව තොරතුරු රැගත් අගෝස්තු 24 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


 Highlights

  • ඇෆ්ගනිස්ථානයේ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක හමුදා සඳහා සේවය කළ මේ වනවිට ජීවිත අවදානමක් මතුව ඇති ඇෆ්ගන් වැසියන් ගෙන්වා ගැනීමට ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත් වීම
  • ඕස්ට්‍රේලියානු රජයේ මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් පවතින විවිධ මත

ඇෆ්ගන් වැසියන් ගෙන්වා ගැනීමට ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත් වීම

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක හමුදා සමග සේවයේ යෙදී සිටියදී මියගිය හිටපු ඇෆ්ගන් භාෂා පරිවර්තකයෙකුගේ පවුල් සාමාජිකයින් මේ වනවිට බර්ලිනයට රැගෙන ගොස් ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඔවුන් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටී.

එම පවුල් සාමාජිකයින් පෙන්වා දෙන්නේ ඔවුන් ඕස්ට්‍රේලියාවට පදිංචිය සඳහා රැගෙන ඒම සඳහා ඕස්ට්‍රේලියානු රජයට වගකීමක් පවතින බවයි.

Hashmatullah නම් වූ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක හමුදා සමග සේවය කල මෙම භාෂා පරිවර්තකය මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියානු සොල්දාදුවකුද සමග ඝාතනයට ලක්ව තිබේ.

මේ වනවිට එම පුද්ගලයාගේ පවුල් සාමාජිකයින් තලෙයිබාන් පලිගැනීම් වලින් බේරීමට උත්සාහ දරන අතර ඔවුන් ඇමරිකානු හමුදා යානයකින් මැදපෙරදිග පිහිටි ඇමරිකා හමුදා කඳවුරකට පැමිණීමට සමත්ව තිබේ.

ඔවුන් සිටින හමුදා කඳවුරට පැය දෙකකටත් වඩා අඩු දුරකින් ඕස්ට්‍රේලියානු බලධාරීන් සිටි නමුත් ඔවුන් එම ස්ථානයට රැගෙන ගොස් නොමැති අතර ඔවුන් ඉන් අනතුරුව ජර්මානු සරණාගත කඳවුරකට රැගෙන ගිය බව වාර්තා වේ.

කෙසේ නමුත් එම පුද්ගලයින් නැවතත් වෙනත් ස්ථානයකට මාරු කිරීමට හැකියාවක් පවතින නමුත් එම එකම ස්ථානය උගන්ඩාව වන බව ඇමරිකා ආරක්ෂක නිලධාරියකු පවසා තිබේ.

ජර්මානු සරණාගත කඳවුරේ සිටින සිය නම හෙළි කිරීමට අකමැති එම පවුල් සාමාජිකයකු SBS සේවයට සඳහන් කොට ඇත්තේ තම නඩුව ඕස්ට්‍රේලියානු බලධාරීන් වෙත යොමු කලද ඔවුන් කිසිදු උපකාරයක් තමන්ට සිදු නොකළ බවයි.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ගෙන් කල විමසුමකදී ඔහු සඳහන් කොට සිටියේ මෙම සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම එම එක් එක් සිදුවීමට අදාලව කටයුතු කරන අතර හිංසනයෙන් පලා යාමට උත්සාහ දරන සෑම අයකුම ඉන් මිදවීම වැදගත්ම කාර්යය වන බවයි.

ඕස්ට්‍රේලියානු රජයේ මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් පවතින විවිධ මත

කාබුල් අගනුවර ඕස්ට්‍රේලියානු රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ආරක්‍ෂාවට සිටි ආරක්ෂකයින් අයදුම් කල වීසා පසුගිය සති අන්තයේදී ප්‍රතික්ෂේප වීම සිදු වූ අතර එම පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් එල්ල කල පීඩනය හමුවේ එම වීසා නැවත සලකා බැලීමට තීරණය කෙරින.

මෙම කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර ස්වදේශ කටයුතු අමාත්‍ය Karen Andrews පවසන්නේ එම වීසා සැකසීම සහ වීසා බලපත් ලබාදීමද මේ වනවිට සිදු කොට ඇති බවයි.

තලෙයිබාන් සංවිධානය ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති සංවිධාන සමග සිදු කල සාකච්චා අතරතුරදී එම සංවිධානයේ ප්‍රකාශකයකු වන Suhail Shaheen SBS සේවයේ Pashto භාෂා වැඩසටහන සමග සාකච්චා සිදු කොට තිබේ.

එහිදී ඔහු සඳහන් කොට ඇත්තේ වලංගු ලිපි ලේඛන ඇති ඕස්ට්‍රේලියානුවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම වැලක්වීමට තලේබාන් සාමාජිකයින් මුරපොලවල් භාවිතා කරන බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම ඔහු පවසන්නේ ඇතැම් ISIS සාමාජිකයින් ගුවන්තොටුපල වෙත පැමිණ කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වීමට සුදානම්ව සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර යුද සමයේ සිදු වූ විනාශයෙන් පසු ඇෆ්ගනිස්ථානය නැවත ගොඩ නැංවීමට උපකාර කිරීමේ වගකීම ඕස්ට්රේලියාවට මේ වනවිට පවතින බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක Anthony Albanese සඳහන් කරන්නේ තලෙයිබාන් සංවිධානය ලබාදෙන මෙම සහතිකය විශ්වාස නොකරන බවයි.

එමෙන්ම ඔහු එම සංවිධානයට සඳහන් කොට සිටින්නේ / තලෙයිබාන් සංවිධානය යටතේ මේ වනවිට පවතින රට මීට වසර 20කට පමණ පෙර වෙනස් වූ අතර කිසිදු පලිගැනීමක් සිදු නොවුනහොත් හෝ කාන්තාවන් දෙවන පුරවැසියන් ලෙස නොසැලකුව හොත් ජාත්‍යන්තරයෙන් ඔබව පිළිගනු ඇති බවයි.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now