ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, වික්ටෝරියා සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල සෞඛ්‍ය සේවකයින්ට අනිවාර්යෙන් කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගත යුතු අවසන් දින පිළිබඳ මෙන්ම එසේ නොමැතිනම් අත්වන ප්‍රතිඵල පිළිබඳව නවතම තොරතුරු රැගත් සැප්තැම්බර් 30 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- සැප්තැම්බර් 30 වෙනිදා වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම සෞඛ්‍ය සේවකයින් අවම වශයෙන් කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා තිබිය යුතුය, නැතහොත් ඔවුන් වැටුප් රහිත නිවාඩු යා යුතුය.
- ක්වීන්ස්ලන්තයේ සෞඛ්‍ය සේවකයින්ද කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ සැප්තැම්බර් 30 ට පෙර ලබාගත යුතුව පවතියි.
- වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයින්ද කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ඔක්තෝබර් 07 වනදාට පෙර ලබාගත යුතුව ඇත.
- කොවිඩ් එන්නත ලබා නොගත් සෞඛ්‍ය සේවකයින්ට COVID රෝගීන් සිටින වාට්ටු වැනි පළමු මට්ටමේ ස්ථානවල රාජකරි කිරීම ඔක්තෝබර් මාසයේ සිට තහනම් වේ.
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
