බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී විජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය.
පර්ත් තතු මංජරී පෙළගැස්ම
- පර්ත් ශ්‍රී ලංකා ප්‍රජා පුවත්
- පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ වෙසක් පොසොන් සැමරුම් පිළිබඳ අදහස් දැක් වූ විහාරාධිපති පූජ්‍ය බේරුවල සිරි සෝභිත නායක හිමි
- බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා ගරු කොන්සල් චිරන්ත වීරවර්ධන සමග සිදු කල සාකච්ඡාව
- පර්ත් මිණිමුතු: Rossmoyne ජ්‍යෙෂ්ඨ උසස් පාසලේ යොනාල් ද වාස් පුතා සිය ජයග්‍රහණ හා අත්දැකීම් ගැන කල කතාබහ සමග ඉදිරිපත් කල මියුරු වාදනය සහ ගායනය
- නව බදු වෙනස්කම් සහ පර්ත් නිවාස වෙළඳපළට එහි බලපෑම ගැන මූල්‍ය උපදේශක දිමුතු හතුරුසිංහ සිදු කල අදහස් දැක්වීම
- Perth Lightscape රාත්‍රී ආලෝකකරණ අත්දැකීම
- පර්ත් ශ්‍රී ලංකා ප්‍රජා දැන්වීම්





පර්ත් නිවාස වෙළඳපළ සහ බදු සංශෝධන සම්බන්ධ සාකච්ඡාවේ දී සම්පත්දායකයා මතු කල කරුණු සාමාන්‍ය පොදු කරුණු වන අතර එය පුද්ගල හා අවස්ථා තත්ත්ව අනුව වෙනස් විය හැකි බව අපි සිහිපත් කරනවා.
ඔබට මෙම කරුණු අදාල වන ආකාරය දැන ගැනීම සඳහා සුදුසුකම් ලත්, ලියාපදිංචි, වෘත්තීය උපදේශන සඳහා යොමු වන ලෙස අපි කාරුණිකව දන්වා සිටිනවා.
මීළඟ ‘පර්ත් තතු මංජරී’ වැඩසටහන අගෝස්තු මස තුන්වන සිකුරාදා (අගෝස්තු 21 වෙනි දා) බලාපොරොත්තු වන්න.
සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.
- පළමු සිකුරාදා - කුමුදිනි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
- දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
- දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
- තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
- සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
- සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






