1-B අදියරෙන් ඕස්ට්‍රේලියානුවන් මිලියන 6කට කොරෝනා එන්නත් : මාර්තු 23 "කාලීන තොරතුරු" විශේෂාංගය

A healthcare worker is seen transporting covid19 vaccinations to injecting rooms

A healthcare worker is seen transporting covid19 vaccinations to injecting rooms inside of the Royal Exhibition Building in Melbourne. Source: AAP

මාර්තු මස 23 වනදා SBS සිංහල ගුවන්විදුලියේ කාලීන විශේෂාංගයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් පහතින් ඉදිරිපත් කෙරේ


 

Highlights

  • ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක 1-B කොරෝනා එන්නත් වැඩපිළිවෙල යටතේ එන්නත් ලබාගැනීමට ඕස්ට්‍රේලියානුවන් මිලියන 6කට වඩා වැඩි සංඛ්‍යාවක් සුදුසුකම් ලබයි
  • අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස සඳහා වෙනත් දිනයකදී එන්නත් ලබාගැනීමට දින වෙන්කරවාගැනීමට හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අමාත්‍ය Gladys Berejiklian සඳහන් කරයි
  • ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදිත AstraZeneca එන්නතෙහි පළමු තොගය ඉදිරි දින කිහිපයේදී භාවිත කිරීමට හැකි බව බලධාරීන් පවසයි
  • ඔස්ට්‍රේලියාව තුල කිසිදු කොරෝනා වෛරස ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා නොවී දින 50 ක් ගතවේ

කොරෝනා එන්නත් වැඩපිළිවෙලෙහි 1-B අදියර කොරෝනා වෛරසයට එරෙහිව ඔස්ට්‍රේලියාව සිදු කරන සටනේ වැදගත් පියවරක් වශයෙන් ඕස්ට්‍රේලියානු උප ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Michael Kidd පෙන්වා දෙයි.

ඊයේ (22/03) ආරම්භ වූ මෙම අදියර මගින් වයස අවුරුදු 70 හෝ ඊට වඩා වැඩි ඕස්ට්‍රේලියානුවන් සෑම අයකුම ඉදිරි මාස කිහිපය තුල කොරෝනා එන්නත් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

මීට අමතරව වයස අවුරුදු 55 හෝ ඊට වඩා වැඩි ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් සහ විවිධ සෞඛ්‍ය ගැටලු පවතින තරුණ පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීම සිදු කෙරේ.

එමෙන්ම ඉහල අවධානමක් පවතින කම්කරු පිරිස සඳහාද එන්නත ලබාගැනීමට අයදුම් කල හැකි වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල මේ වනවිට දැඩි ගංවතුර තත්වයක් හටගෙන තිබුනද සිඩ්නි හි පවතින වෛද්‍ය සායන ඔස්සේ එන්නත් ලබාගැනීමට හැකි බව එම ප්‍රාන්ත රජය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු උප ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Michael Kidd සඳහන් කොට සිටින්නේ ජනතාව බලධාරීන්ගේ උපදෙස් පිළිපදිමින් ආරක්ෂාකාරී වීමට කටයුතු කලයුතු බවයි.

1-B මුලික අදියර තවත් සති 6ත් 8ත් අතර කාලයක් දක්වා ක්‍රියාත්මක වන අතර ඉන් පසුව ජනතාවට සිය දෙවන එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකියාව හිමි වේ

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස සඳහා වෙනත් දිනයකදී එන්නත් ලබාගැනීමට දින වෙන්කරවාගත හැකියි

එන්නත ලබාගැනීම සඳහා පවතින වත්මන් වෙන්කිරීම වෙනත් ආරක්‍ෂිත දිනයකට වෙනස් කල යුතු බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Gladys Berejiklian සඳහන් කොට සිටි.

එමෙන්ම ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අයහපත් කාලගුණයක් පැවතියද එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කලයුතු අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් 20,000කට වඩා වැඩි පිරිසක් කොරෝනා එන්නත් මේ වනවිට ලබාගෙන ඇති බවයි.

ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදිත AstraZeneca එන්නතෙහි පළමු තොගය ඉදිරි දින කිහිපයේදී

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් Brendan Murphy සඳහන් කොට සිටින්නේ ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදිත AstraZeneca එන්නතෙහි පළමු තොගය ඉදිරි දින කිහිපයේදී භාවිත කිරීමට හැකි වන බවයි. එමගින් මේ වනවිට එන්නත් නිකුත් කිරීම පිළිබඳව පවතින ගැටළුද ඉවත්වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස Brendan Murphy ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඔහු අවධාරණය කොට සිටින්නේ මෙම කාර්යය දැවැන්ත සහ ඉතා සංකීර්ණ කාර්යයක් වන බවයි.

ඔස්ට්‍රේලියාව තුල කිසිදු කොරෝනා වෛරස ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා නොවී දින 50 ක්

ඔස්ට්‍රේලියාව තුල කිසිදු කොරෝනා වෛරස ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා නොවී දින 50ක කාලයක් ගතවී ඇති බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කරයි.

මෙය මෑතකදී වාර්තා වූ ගෝලීය කොරෝනා සන්ක්‍යලේඛන වලින් සම්පුර්නයෙන්ම වෙනස් වන අතර ඊයේ දිනයේ පමණක් ගෝලීය වශයෙන් කොරෝනා රෝගීන් 400,000 ක් පමණ වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ කොරෝනා එන්නත පිළිබඳව ගෝලීය වශයෙන් විවිධ ගැටළු පැවතියද ඔස්ට්‍රේලියාව තුල ලබාදෙන කොරෝනා එන්නත් ආරක්‍ෂිත බවයි.

කොරෝනා වසංගතයට ප්‍රතිචාර වශයෙන් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය සහ උපකාරක පියවර ඔබේ භාෂාවෙන් ලබාගැනීම සඳහා පිවිසෙන්න sbs.com.au/coronavirus à Sinhala language


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now