ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ Graduate Work stream 485 වීසා සඳහා වෙනස්කම් කිහිපයක්

A university graduate is seen outside Parliament House in Canberra.

A university graduate is seen outside Parliament House in Canberra. Source: AAP / AAP Image/Lukas Coch

2023 ජූලි 01 සිට සිදුකෙරෙන මෙම වෙනස්කම් අදාළ වන්නේ Graduate Work stream හරහා යොමු කරන Temporary Graduate වීසා බලපත්‍ර (Subclass 485) සඳහා පමණි.


ඔබ මෑතකදී ඔස්ට්‍රේලියාවේ ඔබේ පාඨ මාලාව සම්පුර්ණ කළ හෝ ඉදිරියේදී සම්පූර්ණ කිරීමට අපේක්ෂාවෙන් සිටින ජාත්‍යන්තර ශිෂ්‍යයෙක්ද?

එසේනම්, ඔබේ පාඨ මාලාව සම්පුර්ණ කර Temporary Graduate වීසා බලපත්‍රයක් (Subclass 485) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ සඳහා ඇති අවශ්‍යතා කිහිපයක් 2023 ජූලි 01 සිට වෙනස් වන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. 

Graduate Work stream 485 වීසා සඳහා ජූලි 01 සිට සිදුවන වෙනස්කම්

2023 ජූලි 01 සිට සිදුකෙරෙන මෙම වෙනස්කම් අදාළ වන්නේ Graduate Work stream හරහා යොමු කරන Temporary Graduate වීසා බලපත්‍ර (Subclass 485) සඳහා පමණි.

එම වෙනස්කම් පහත පරිදි වේ:

  • ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කටයුතුවලට අදාළ skilled occupation ලැයිස්තුවේ ඇති රැකියාවකට අදාළ අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුය
  • ඔබ 485 වීසා සඳහා අයදුම් කරන විට ඔබ අදාළ රැකියාව නම් කළ යුතුය
  • ඔබ අයදුම් කිරීමෙන් පසු ඔබ නම් කරන රැකියාව වෙනස් කළ නොහැකිය
  • නම් කරන ලද රැකියාව සඳහා සුදුසු ලෙස ඔබේ කුසලතා අදාළ තක්සේරු කිරීමේ අධිකාරියක් විසින් තක්සේරු කළ යුතුය
  • ඔබ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබාගෙන සිටියදී ඔස්ට්‍රේලියාවේදී ලබාගත් සුදුසුකමක් මත ඔබේ කුසලතා තක්සේරු කරන්නේ නම්, එම සුදුසුකම CRICOS හි ලියාපදිංචි වූ පාඨමාලාවක් හැදෑරීම විය යුතුය
  • ඔබ අවම වශයෙන් නිපුණතා තක්සේරුවක් සඳහා ඉල්ලුම් කර ඇති බවට හෝ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට සාක්ෂි ඉදිරිපත් කළ යුතුය

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

2022 ජූලි 01 සහ 2023 ජූනි 30 අතර ඉදිරිපත් කරන ලද අයදුම්පත් සඳහා මෙම වෙනස්කම් බලාත්මක නොවන බවත් මෙම අවශ්‍යතාවය 2023 ජූලි 01 හෝ ඊට පසුව ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා අදාළ වන බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Graduate Work stream 485 වීසා

මෙම වීසා බලපත්‍රය ඔස්ට්‍රේලියාවට අවශ්‍ය විශේෂිත රැකියාවලට අදාළ කුසලතා සහ සුදුසුකම් සමඟ මෑතකදී සිය පාඨ මාලාව සම්පූර්ණ කර ඇති ජාත්‍යන්තර සිසුන් සඳහා වේ.

මෙම වීසා බලපත්‍රය ඔබට ඔස්ට්‍රේලියාවේ තාවකාලිකව ජීවත් වීමට, ඉගෙනීමට සහ රැකියා කිරීමට ඉඩ සලසයි.

ඉහත අවශ්‍යතාවලට අමතරව මේ සඳහා අයදුම් කිරීමට නම් ඔබ මෙම අවශ්‍යතා ද සැපිරිය යුතුය:

  • වයස අවුරුදු 50 ට අඩු විය යුතුය
  • ඔස්ට්‍රේලියාවේ වලංගු වීසා බලපත්‍රයක් දැරිය යුතුය
  • අයදුම් කිරීමට පෙර පසුගිය මාස 6 තුළ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් දරා සිටිය යුතුය
  • මෙම වීසා සඳහා අයදුම් කරන විට ඔබ සහ ඔබේ සියලුම අයදුම්කරුවන් සඳහා ප්‍රමාණවත් සෞඛ්‍ය රක්ෂණයක් පිළිබඳ සාක්ෂි සැපයිය යුතුය
  • අයදුම් කරන විට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ පොලිස් සහතිකයකට අයදුම් කර ඇති බවට සාක්ෂි සැපයිය යුතුය
  • අයදුම්පත සමඟ ඊට අදාළ ඉංග්‍රීසි භාෂා මට්ටම පිළිබඳ සාක්ෂි සැපයිය යුතුය


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now