Medicare system එකට අවුරුදු 40ක් සපිරෙන නිමිත්තෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් සමරු කාර්ඩ් පතක් නිකුත් කරලා තියනවා.
ඒත් ඒ කොල පාට පුංචි කාඩ් පත වැඩ කරන විදිය ඔබ දන්නවද?
විශේෂණයන් බොහෝ දෙනෙක් මේ සමරු කාඩ්පතට පමණ්ක් සීමා නොවී ඉන්න රජයට බලපෑම් කරනවා.
මෙඩිකෙයා පාරිභෝගිකයන් සහ වෛද්‍ය වුර්තිකයන් කියන්නේ රජය මේ සම්බ්න්දයෙන් වන අද්යාපනික වැඩසටහනකට අරමුදල් යෙදවිය යුතු බවයි.
ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සංසදයේ ප්‍රධාන විධායක නිලධාරීනී එලිසබෙත් ඩිවෙනි කියනවා, සෞඛ්‍ය සේවා පද්ධතිය ඔස්ට්‍රේලියානුවන්ට ඉතාම වැදගත් සේවාවක්. මොකද , ඇය පවසන විදියට , ඔවුන්ගේ බදු, ඔවුන්ගේ Medicare බද්ද, ඔවුන්ගේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය, ඔවුන්ගේ ඖෂධ මිලදී ගැනීම හරහා, හෝ නොයෙකුත් ආකාරයන්ට ඔවුන් මේ සදහා ගෙවීම් කරන නිසා, හැම ඔස්ට්රේලියානුවෙක්ටම ඒ ගැන දැනගන්න අයිතිවාසිකමක් තියෙනව කියල
1984 මුල් වතාවට මේ මෙඩිකෙයා සේවාව හදුන්වා දුන්න වෙලාවේ සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මිනිස්සු සහෙන්න කතා බහ කලා සහ මිනිස්සුන්ට මේ සේවාවෙන් වෙන්නෙ මොකක්ද, මේකෙ පරමාර්ථය මොකක්ද, කියල අවබෝදයක් තිබ්බා කියලත් එතුමිය කීව්වා. සහ එවකට හිටිය රජය මේ පිලිබදව මිනිස්සු දැනුවත් කරන්න පිරිසක් යොමු කරන්නටත් මුදල් වෙන් කල බව වෛද්‍යවරිය මේ විදියට කිව්වා.
ඇය පවසන්නෙ 1984න් පස්සෙ රටට ආව තරුණ පරපුර මෙඩිකෙයා සේවාවත් එක්කම උස් මහත් වුණ නමුත් එහි ක්‍රියාවලිය පිළිබඳව දැනගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ කියලා. මොකද පාසල් වලත් මේ ගැන ඉගැන්වීමක් වෙන්නෙ නැහැ. ඒ වගේම සායන වල සේවයේ යෙදෙන අය පවා පුහුණුවෙන් පසු රැකියාව පටන් ගත්තට පස්සෙ දැන ගන්නවා, මෙඩිකෙයා සිස්ටම් එකේ තවත් ඔවුන්ට නොතේරෙන බොහොමයක් දේ තියන වග
තව දුරටත් ඇය පවසන විදියට , සෞඛ්යසේවාංසදය මේ ගැන බෙහෙවින් සැළකිලිමත් වෙන්නෙ, මහ ජනතාව මෙඩිකෙයා සේවාව ගැන හරි හැටි දැනුවත් නැති නිසා ඔවුන්ට නොයෙකුත් කරුණු මග හැරිලා සෞඛ්‍යසේවා සදහා අනවශ්‍ය විදියට ගෙවිම් කරන් නිසායි .
ඔවුන්ගේ මේ අදහසට සමාන අදහසක් , Royal Australian College of. General Practitioners විසින් ඉදිරිපත් කෙරුව සටන්ක පැහැදිලිව සදහන් වෙනවා. ඒ ජනතාවට මනා සෞඛ්‍ය සේවා දැනුමක් විශේෂයෙන් මෙඩිකෙයා ගැන ලබාදීම උදෙසා ක්‍රියා කරන්න කියන දේ ගැන.
මේ සංවිදාන 2ම විවාද කරන්නේ, ඔස්ට්‍රේලියාව තුළ ආර්ථික අර්බුදයක් පවතින මේ කාලේ ජනතාව අනිවාර්යයෙන් ඔවුන්ට අයිති වරප්‍රසාද ගැන හොදින් දැනුවත් වෙන්න ඕන කියලයි.
පහුගිය අවුරුද්ද තුළ මිළ වැඩිවීම නිසා, ලෙඩකදි පවුලේ වෛද්‍යවරයා හමු වීම කල් දැමීම හෝ නොගිය පිරිස 30% දක්වා ඉහල ගියා .
කණගාටුවට කාරණය නම්, දිගුකාලීනව රොගයන්ගෙන් පෙළෙන පුද්ගලයන් අදික වියදම නිසා කාලෙන් කාලෙට වෛද්‍යවරුන් හම්බවෙන එක මග අරිනවා. ඒ නිසා මේ යෝජිත දැනුවත් කිරීමේ වැඩසටහන් වලින් වැඩිම වාසිදායක වෙන්න් ඔවුන්ටයි.
කෙනෙක් Medicare හි කිසියම් මුදලක් වියදම් කලාම රජය ඔවුන්ට පවසනවා ඔවුන් යම් මුදලක් වියදම් කර ඇති බව, ඒ නිසා දැන් ඔවුන්ට දේවල් අඩු මිලට ලබා ගත හැකි බව. කෙනෙක් ඖෂධ ලබා ගන්නා විට ත්, එම් ක්රමයම අදාළ වෙනවා. එ නිසා රජයෙන් අරමුදල් සපයන ඖෂධ සඳහා ජනතාවට විශ්වාසයක් තියෙනවා. නමුත් ඔවුන් ගෙවීමෙ සීමාවට අවට පස්සේ, කිසි කෙන්ක් ඔවුන්ව ඒ ගැන දැනුවත් කරන්නේ නැහැ කියල එලිසබෙත් කියනවා
මේ තත්ත්වයට සරල විසදුමක් විදියට ජනතාව දැනුවත් කිරීම වටිනබව ඇය පැවසුවා
වෛද්‍ය මද්‍යස්ථානයක සාමාන්‍ය ක්‍රියාවලිය නොවුනත්, ඔවුන් රෝගියාගේ ඉල්ලීම මත bulk billing පහසුකම සලස්වන ආකාරය බොහොමයක් අය නොදන්නා බවත් එලිසබෙත් පවසන්වා.
වෛද්‍යවරයාට සම්පූර්ණ වට්ටම් සහිත සේවාවක් ලබා දිය නොහැකි අවස්තාවකදී, වට්ටම් ලබෙන වෙනත් සේවාවන් සමඟ රෝගියා සම්බන්ධ කිරීමක් සිදු කරනවා.
චාල්ස් ඩාවින් උනිව්ර්සිටි එකේ ජේශ්ට කථිකාචාර්ය වරියක් වෙන ආචාර්ය දේවකී මොනානි පවසනවා , ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාව ඇතුළත ඔවුන්ගේ දේශපාලන හා සංස්කෘතික වටපිටාව ගැනත් කියවෙන අධ්‍යාපනික වැඩසටහන් හදුන්වා දෙන්න අවශ්‍ය බව.
මෙඩිකෙයා සේවාව ලබා ගන්නටහැකි වන්නේ ඇතැම් වීසා බලපත්‍ර හිමි සංක්‍රමණිකයන් පිරිසකට පමණ්ක් බවත් පෙන්වා දුන්නා.
මොනානි පවසන ආකාරයට මෙම සෞඛ්‍ය සේවාව්ව තුළ තිබෙන තවත් විශාල ගැටළුක් තමයි භාෂා ප්රශ්නය. ඒක විශේෂයෙන් ම බලපාන්නෙ පණිවිඩ හුවමාරු කරගනිද්දියි.
මොනානි මතක් කර සිටිනවා.සංක්‍රමණිකයෙකු ලෙස ඔබ රට තුළට ආවම ඔබ ප්රජාතන්ත්රවාදී, අයිතිවාසිකම් පදනම් වූ වෙල් ෆෙයා සිස්ටම් එකකට යටත් ව පදින්චිවී සිටින බව. නමුත් මේ ගැන සංක්‍රමණිකයන්ව දැනුවත් කිරීම ඵලදායී විදියට නොවෙන බවත් කියා සිටිය. මේ හේතුවෙන් තාවකාලික පදින්චි කරුවන් මහා බියකින් ජීවත් වෙන බවත් මොනානි මේ ලෙස පෙන්වා දුන්නා.
චාල්ස් ඩාවින් උනිව්ර්සිටි කථිකාචාර්යවරයකු වන මොනානි තව පවසනවා, Medicare කියන්නෙ මූලික මිනිස් අයිතිවාසිකමක් බව සංක්‍රමණිකයන්ට සහ, ඕස්ට්‍රේලියාවේ අනෙකුත් සංක්‍රමණ නොවන කණ්ඩායම්වලට මතක් කළ යුතුයි යන්න. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ එම සෞඛ්‍ය පහසුකම් තිබීම ඔවුන් ට ලැබුන භාග්‍යක් බව මොනානි පවසන්වා. ඒ නිසා මෙඩිකෙයා පහසුකම ස්ංක්රමණිකයන්ගේ මූලික
මින්ස් අයිතිවාසිකමක් ලෙස ඇය පෙනවා දුන්නා
ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සංසදයේ ප්‍රධාන විධායක නිලධාරීනිය මෙය දකින්නේ ජනතාවට අධ්‍යාපනයට ඇති අයිතිවසි කමක් විදියටයි.
ඇය පවසන්නේ, ඔවුන්ගේ අයවැය ඉදිරිපත් කිරීමේදී ඔවුන් තර්ක කරන්නේ මිනිසුන්ට Medicare ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දිය යුතු බවත්, ඔවුන්ට හොඳින් අවබෝධ කර ගත හැකි වන පරිදි විවිධ භාෂාවලින් දැනුම ලබා දීමෙන් ඔවුන්ට සහය වෙන්නට අවශ්‍ය බවයි.





