රැකියා ස්ථානවල දී වයස නිසා වෙනස් කොට සැලකීමේ ප්‍රවණතාවක් පවතින බව අධ්‍යයනයක් හෙළි කරයි: කාලීන විග්‍රහය

Engineer mentoring apprentice on traditional lathe in engineering factory

Studies show people in their 50s face age discrimination at work Credit: Monty Rakusen/Getty Images

ඕස්ට්‍රේලියාවේ රැකියාවල නියැළෙන්නන් විශ්‍රාම යන වයස මේ වන විට අවුරුදු 67ක් ලෙස සඳහන් වනවා. නමුත් රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස අවුරුදු 51 සිට 55 දක්වා පුද්ගලයන් බොහෝ විට "වැඩිහිටි සේවකයන්" ලෙස සැලකීමට භාජනය කරනු දකින්නට ලැබෙනවා. මේ බව Australian HR Institute සහ ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම විසින් කරන ලද නව පර්යේෂණයකින් හෙලි වී තිබෙනවා. නමුත් මෙය අලුත් දෙයක් වන්නේ නැහැ. වයස අවුරුදු පනස් ගණන්වල සේවකයන් බොහෝ විට වයස නිසා වෙනස්කම්වලට මුහුණ දෙන බව පෙර අධ්‍යයනයන් දැනටමත් පෙන්වා දී තිබෙනවා. එසේ නම් රැකියා ස්ථානවල වයස නිසා වන වෙනස්කම්වලට එරෙහිව සටන් කිරීම තවමත් එතරම් අපහසු ඇයි? අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service