ඕස්ට්‍රේලියාවේ රැකියාවල නියැළෙන්නන් විශ්‍රාම යන වයස මේ වන විට අවුරුදු 67ක් ලෙස සඳහන් වනවා. නමුත් රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස අවුරුදු 51 සිට 55 දක්වා පුද්ගලයන් බොහෝ විට "වැඩිහිටි සේවකයන්" ලෙස සැලකීමට භාජනය කරනු දකින්නට ලැබෙනවා. මේ බව Australian HR Institute සහ ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම විසින් කරන ලද නව පර්යේෂණයකින් හෙලි වී තිබෙනවා. නමුත් මෙය අලුත් දෙයක් වන්නේ නැහැ. වයස අවුරුදු පනස් ගණන්වල සේවකයන් බොහෝ විට වයස නිසා වෙනස්කම්වලට මුහුණ දෙන බව පෙර අධ්‍යයනයන් දැනටමත් පෙන්වා දී තිබෙනවා. එසේ නම් රැකියා ස්ථානවල වයස නිසා වන වෙනස්කම්වලට එරෙහිව සටන් කිරීම තවමත් එතරම් අපහසු ඇයි? අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






