Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන විදෙස් රටවල සෞඛ්‍ය වෘත්තිකයන්ට ඩොලර් දහස් ගණනින් මුදල්

Support for health workers overseas to make the move to Victoria

2022 අප්‍රේල් 1 වන දින සිට වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවයට පැමිණෙන විදෙස් රටවල සිටින සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන ජාත්‍යන්තර සංචාරක දීමනාව ඉහළ දැමීම පිළිබඳ තොරතුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


2022 අප්‍රේල් 1 වන දින සිට වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවයට පැමිණෙන විදෙස් රටවල සිටින සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන ජාත්‍යන්තර සංචාරක දීමනාව ඉහළ දැමීම පිළිබඳ තොරතුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


විදෙස් රටවල සිටින සෞඛ්‍ය වෘත්තිකයන්ට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය පුළුල් ආරාධනාවක් කරයි.

මේ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය අප්‍රේල් 14 වන දින නිල වශයෙන් නිවේදනය කළේය.


Highlights

  • 2022 අප්‍රේල් 1 වන දින සිට වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවයට පැමිණෙන විදෙස් රටවල සිටින සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන ජාත්‍යන්තර සංචාරක දීමනාව වැඩි කර තිබේ.
  • ඒ අනුව මෙට්‍රොපොලිටන් කලාපයේ මහජන සෞඛ්‍ය සේවාවක රැකියාවක් ලබන සෞඛ්‍ය සේවකයකු සඳහා $10,000 ක් හිමිවේ.
  • දුරස්ථ හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවක රැකියාවක් ලබන සෞඛ්‍ය සේවකයකු සඳහා $13,000 ක් හිමිවේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා

2022 අප්‍රේල් 1 වන දින සිට ජාත්‍යන්තර සෞඛ්‍ය වෘත්තිකයන් සහ ආපසු පැමිණෙන ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සෞඛ්‍ය වෘත්තිකයන් වික්ටෝරියා ප්‍රාන්තයේ නැවත පදිංචිය සඳහා ඩොලර් 13,000 ක් දක්වා ලබාගැනීමට සුදුසුකම් ලබයි.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ ඉහළ පිළිගැනීමක් ඇති සෞඛ්‍ය සේවාවන්ගෙන් එකකට සම්බන්ධ වීමටද වික්ටෝරියා ප්‍රාන්තය ඔවුන්ට ආරාධනා කරයි.

වික්ටෝරියානු සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ඔබට කළ හැකි රැකියා අවස්ථා රාශියක් ඇති බවත් ඒවායින් පහත සඳහන් අවස්ථා ප්‍රධාන ලෙස සඳහන් කළ හැකි බවත් ඔවුහු පවසති.

  • වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයේ සෞඛ්‍ය සේවාවක අර්ධ-කාලීන රැකියාවක් කරමින් වැඩි රැකියා - ජීවිත සමතුලිතතාවයක් ලබාගත හැකිය.
  • වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය සහ දුරස්ථ ප්‍රදේශයක පිහිටි සෞඛ්‍ය සේවාවකට සම්බන්ධ වීමෙන් සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිමක අත්දැකීම් ලබාගත හැකිය.
  • වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සෞඛ්‍ය සේවාවක වෛද්‍ය පර්යේෂණ සහ නවෝත්පාදනවල ඉදිරියෙන්ම සිටිය හැකිය.
Health care worker in PPE.
Source: Getty Images

නැවත ස්ථාපිත වීමේ සහාය

2022 අප්‍රේල් 1 දින සිට වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවයට පැමිණෙන විදෙස් රටවල සිටින සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන ජාත්‍යන්තර සංචාරක දීමනාව පහත පරිදි වැඩි කර තිබේ.

  • මෙට්‍රොපොලිටන් කලාපයේ මහජන සෞඛ්‍ය සේවාවක රැකියාවක් ලබන සෞඛ්‍ය සේවකයකු සඳහා $10,000
  • දුරස්ථ හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවක රැකියාවක් ලබන සෞඛ්‍ය සේවකයකු සඳහා $13,000

වෙනත් රටකට සංක්‍රමණය වීමේදී සිදුවන වියදම් හඳුනාගැනීම සමග මෙම දීමනාව වැඩි කර ඇති අතර නැවත පැමිණෙන ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවකයින්ට ද මෙය ලබා ගත හැකිය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

රැකියාව කරන සෞඛ්‍ය සේවාව හරහා අරමුදල් ලබාදෙන බැවින් ඔබේ පුද්ගලික රැකියා ගිවිසුම පිළිබඳ ඔබේ සේවායෝජකයා සමඟ සාකච්ඡා කරන ලෙස වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඔබ වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාවක රැකියාවක් ලබා ගත් පසු ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පහත සඳහන් දේ ඔබ වෙනුවෙන් සිදු කළ හැකිය:

  • පුහුණුවීම් සඳහා ලියාපදිංචිය ලබා ගැනීම පිණිස අයදුම්පත්වලට සහාය සැපයීම
  • අදාළ වීසා සහ දේශසීමා නිදහස් කිරීම් පිළිබඳ අයදුම්පත්වලට සහාය සැපයීම
  • ඔබට සහ ඔබේ පවුලට ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සැලසුම් සඳහා සහාය සැපයීම

මේ පිළිබඳ වැඩි විස්තර වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගන්න.



Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now