Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ වැඩි වෙන පෙට්‍රල් මිල පරද්දන්න ඔබත් ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න හිතනවා ද?

Australia Explained – Fuel in Focus

It is estimated that drivers can save up to 70 per cent on fuel and 40 per cent on servicing costs annually. Source: Moment RF / Tashdique Mehtaj Ahmed/Getty Images

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල අස්ථායීව පැවතීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ විද්‍යුත් වාහන නැතහොත් ඉලෙක්ට්‍රික් වාහන වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පවතී. දත්ත වලට අනුව, 2026 අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ අලෙවි වූ වාහන හයෙන් එකක් ඉලෙක්ට්‍රික් වාහනයක්. මේ වන විට ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රික් වාහන විකිණෙන ප්‍රමණය ඉහළ යමින් පවතින අතරම ඉන්ධන වලින් දුවන වාහන වලින් ඉලෙක්ට්‍රික් වාහනයකට මාරු වීම සඳහා රජය විසින් මූල්‍ය දිරිගැන්වීම් ලබා දෙමින් සිටී. නමුත් ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට ඉලෙක්ට්‍රික් වාහනයකට මාරු වෙන එක කොතරම් ප්‍රායෝගිකද? අද Australia Explained විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නේ මෙන්න මේ කාරණය පිළිබඳවයි.


Published

By Zoe Thomaidou, Athini Amarasiri

Presented by Athini Amarasiri

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල අස්ථායීව පැවතීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ විද්‍යුත් වාහන නැතහොත් ඉලෙක්ට්‍රික් වාහන වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පවතී. දත්ත වලට අනුව, 2026 අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ අලෙවි වූ වාහන හයෙන් එකක් ඉලෙක්ට්‍රික් වාහනයක්. මේ වන විට ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රික් වාහන විකිණෙන ප්‍රමණය ඉහළ යමින් පවතින අතරම ඉන්ධන වලින් දුවන වාහන වලින් ඉලෙක්ට්‍රික් වාහනයකට මාරු වීම සඳහා රජය විසින් මූල්‍ය දිරිගැන්වීම් ලබා දෙමින් සිටී. නමුත් ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට ඉලෙක්ට්‍රික් වාහනයකට මාරු වෙන එක කොතරම් ප්‍රායෝගිකද? අද Australia Explained විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නේ මෙන්න මේ කාරණය පිළිබඳවයි.


  • ඕස්ට්‍රේලියාවේ විදුලි වාහනයක මිල කොපමණ වේද?
  • විදුලි වාහන ධාවනය කිරීම ලාභදායීද?
  • විදුලි වාහන කොපමණ දුරක් ගමන් කළ හැකිද?
  • නිවසේදී විදුලි වාහනයක් ආරෝපණය කළ හැකිද?
  • භාවිතා කළ EV එකක් මිලදී ගැනීමට පෙර ඔබ දැනගත යුතු දේ?

    ඕස්ට්‍රේලියාවේ විදුලි වාහනයක මිල කොපමණ වේද?

ස්වින්බර්න් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන තාක්ෂණය සහ තිරසාරභාවය පිළිබඳ මහාචාර්යවරයෙක් වන හුසේන් ඩියා පවසන ආකාරයට EV සඳහා වන මූලික ආයෝජනය තවමත් පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථවලට වඩා වැඩියි. නමුත් මේ දිනවල ඉලෙක්ට්‍රික් වාහන මිලදී ගැනීම වැඩිවීමත් එක්ක ඒවගේ මිල පහත වැටිලා තියෙනවා.

ඔබ ඉලෙක්ට්‍රික් වාහනයක් මිලදී ගැනීමේදී ඔබේ ප්‍රාන්ත හෝ ටෙරිටරි වල රජයන් ලබා දෙන මූල්‍ය දිරිගැන්වීම් මොනවද කියලා සොයා බැලිය යුතු වෙනවා.

ඔබ Salary Packaging සේවාව ලැබෙන සේවකයෙක් නම්, ඔබ මිලදී ගන්න ඉලෙක්ට්‍රික් වාහනයේ ලීසිං සඳහා ඔබට බදු වට්ටමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ , Royal ඔටෝමොබයිල් Club හි වාහන සහ ඉන්ධන කළමනාකරු වන ඇලෙක්ස් ෆොරස්ට් විසින් Salary packaging ඇති සේවකයන්ට novated ලීස් ක්‍රමය යටතේ ඩොලර් දහස් ගණනක් ඉතිරි කර ගත හැකි බව පැහැදිලි කලා.

විදුලි වාහන ධාවනය කිරීම ලාභදායීද?

පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ හා සංසන්දනය කරන කොට , ඉලෙක්ට්‍රික් වාහන ධාවනය කිරීම ලාභදායී වනවා.

එමගින් රියදුරන්ට වාර්ෂිකව ඉන්ධන සඳහා සියයට 70 ක් සහ සේවා පිරිවැය සඳහා සියයට 40 ක් ඉතිරි කර ගත හැකි බව ඇස්තමේන්තු කර තිබෙනවා.

විදුලිය කිලෝමීටරයකට යන වියදම පෙට්‍රල් වලට වඩා බෙහෙවින් ලාභදායී වනවා. ඉලෙක්ට්‍රික් වාහන යාන්ත්‍රිකව සරල නිසා ඒවා service කරන්න යන්නේ අඩු වියදමක්
ස්වින්බර්න් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන තාක්ෂණය සහ තිරසාරභාවය පිළිබඳ මහාචාර්යවරයෙක් වන හුසේන් ඩියා

නමුත් ඔබ ඔබේ ඉලෙක්ට්‍රික් වාහනයට විදුලිය මිලදී ගන්නේ පොදු Charging point එකකින් නම් ඔබේ ඉතිරිකිරීම් අඩු බව මතක තබා ගන්න ඕනේ

වත්මන් වෙළඳපොලේ තිබෙන ඉලෙක්ට්‍රික් වාහන වල ධාවන පරාසය ගැන දැන් අපි විමසා බලමු.

Basic model එකක ඉලෙක්ට්‍රික් වාහනයකට එක පාරක් charge කළාම කිලෝමීටර 400 සිට 500 දක්වා ගමන් කරන්න පුළුවන්.

ඉලෙක්ට්‍රික් වාහනේක ඔබට ඉතා දුර ගමනක් යන්න ඕනෙ වුණොත්, උදාහරණයක් විදියට ප්‍රාන්ත දෙකක් අතර ගමන් කරන්න ඕනෙ වුණොත් ඒ වගේම ප්‍රාදේශීය ප්‍රදේශ වල ගමන් කරන්න ඕනේ වුණොත් එතනදි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්.

මොකද කිලෝමීටර දහස් ගණනක් යනකන් fast chargers නැති වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා ඔබේ ඉලෙක්ට්‍රික් වාහනේ නවත්තන්නේ කොහෙද අයෙත් charge කරගන්නේ කොහෙද කියන එක ගැන ඔබට හොද සැලසුමක් තියා ගන්නම වෙනවා.

බොහෝ රියදුරන්ට ඉලෙක්ට්‍රික් වාහනයේ කේබල් එක ගෘහස්ථ විදුලි පරිපථයේ outlet එකකට සම්බන්ධ කරලා charge කර ගන්න පුළුවන් කියලා ෆොරස්ට් මහතා පවසනවා.

බොහෝ රියදුරන්ට ඉලෙක්ට්‍රික් වාහනයේ කේබල් එක ගෘහස්ථ විදුලි පරිපථයේ outlet එකකට සම්බන්ධ කරලා charge කර ගන්න පුළුවන්
බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ , Royal ඔටෝමොබයිල් Club හි වාහන සහ ඉන්ධන කළමනාකරු වන ඇලෙක්ස් ෆොරස්ට්

භාවිතා කළ EV එකක් මිලදී ගැනීමට පෙර ඔබ දැනගත යුතු දේ

ඔස්ට්‍රේලියාවේ වාහන වෙළෙඳ පොළට ඉලෙක්ට්‍රික් වාහන ඇවිත් තවමත් ගත වෙලා තියෙන්නේ වසර 20 කටත් වඩා අඩු කාලයක් නිසා second hand market එක තාමත් තියෙන්නේ මුල් අවධියේ.

කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපය තුළ භාවිතා කළ EV , එහෙමත් නැත්නම් second hand ඉලෙක්ට්‍රික් වාහන සඳහා පාරිභෝගික විශ්වාසයේ වැඩිවීමක් දකින්න ලැබුණා. ඒ විතරක් නෙමෙයි EV වල නැවත විකුණුම් වටිනාකම, පෙට්‍රල් වාහන සමඟ සැසඳිය හැකි හොද මට්ටමකටත් ඇවිත් තිබුණා.

ඕනෑම නව වාහනයක් මිලදී ගැනීමකදී වගේම ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ගන්නකොටත් , after sales and aervices, අලෙවියෙන් පසු සහාය සහ සේවා විකල්ප ගැන සලකා බැලීම වැදගත් වෙනවා.

අනාගතයේදී ඔබත් EV එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් වාහනයේ බැටරියේ වගකීම් සහතිකය නැත්නම් warranty එක ගැන සොයා බලන එක වැදගත්.

ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන ඔබට කියන්න තියෙන සුබ ආරංචිය තමයි EV වෙළඳපොළ තරඟකාරී වෙලා තියෙන එක

එය පාරිභෝගිකයින්ට වාසිදායක බවයි ෆොරස්ට් මහතා පවසන්නේ.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now