Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

විදෙස් සංචාර වලදී සමහර රටවලට ඔබේ ඖෂධ රැගෙන යාම තහනම් වෙන්න පුළුවන්: මිලදී ගැනීමේදීත් සැලකිලිමත් විය යුතුයි

ecstasy at a house party

illegal Drug use Credit: sturti/Getty Images

සෑම වසරකම අනවසර ඖෂධ සහ මත්ද්‍රවය හේතුවෙන් විදෙස් සංචාරයේ යෙදෙන ඕස්ට්‍රේලියානුවන් විශාල ප්‍රමාණයකට ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාල වල සහාය පැතීමට සිදුවේ . සමහර රටවල ඔස්ට්‍රේලියාවට සාපේක්ෂව විවිද ඖෂධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධව දැඩි නීති පවතී. මේ හේතුවෙන් විදෙස් සංචාරයේදී ඖෂධ රැගෙන යනවානම් පහත කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වීම ඉතාම වැදගත් වේ.


විදෙස් රටවල සංචාරය කරන ඔබ විවිද බෙහෙත් ද්‍රව්‍ය එම රටවලින් මිලදීගනීමෙදී ඉතා සැලකිලිමත් විය යුතු වේ.

මේ අතර ඕස්ටේලියාව තුල නිත්‍යානුකූල වන යම් ඖෂධයක් විදෙස් රටකදී තහනම් ඖෂධයක් විය හැක. මේ නිසා ඔබ යම් රටක සංචාරය කරන විට එම ඖෂධය එභාවිතය එම රටේ නීත්යානුකූලද යන්න සොයා බැලීම ඉතා වැදගත් වේ.

අන්තරාධායක ඖෂධ විදෙස් රටවලදී ලබා ගැනීම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් මියගිය අවස්ථාද වාර්තා වේ

මෙවැනි විවිද ඖෂධ වර්ග ඕස්ට්‍රේලියාවෙන් පිටතදී ලබාගැනීම පහසු වූ පමණින් එසේ නොකිරීමට වගබලා ගත යුතු වේ. විශේෂයෙන්ම මෙවැනි බෙහෙත් ද්‍රව්‍ය අලෙවි කරන්නන් විශ්වාස කල හැකි අය වූවත් විදෙස් රටවලදී මෙසේ ඖෂධ වර්ග වෛද්‍ය උපදේශයකින් තොරව මිලදී ගැනීම ඉතා අන්තරාදායක විය හැක.

ඔබ මින් පෙර භාවිතා කර තිබූ ඖෂධයක් උවත් වෙනත් රටකදී මිලදී ගැනීමේදී ඉතාමත් සලකිලිමත් විය යුතු වේ. බොහෝ ඖෂධ වල ඖෂධ සංයුතිය සහ පිරිසිදුභාවය ඔස්ට්‍රේලියාව හා සැසඳීමේදී ඉතා අඩුමට්ටමක තිබිය හැක.

වෛද්‍ය අනුමතියකින් තොරව ඖෂධ භාවිතය විශාල සෞඛ්‍ය අවධානමක් ඇතිකරයි. අදාළ ඖෂධයට ඇබ්බැහි වීම, මතකශක්තිය අඩු වීම, ලිංගික බෙලහීනතා මෙන්ම alchohol වැනි තවත් මත්ද්‍රව්‍ය සමග භාවිතයෙන් මරණය පවා අත්වීමේ අවධානමක් පවතී.

වෛද්‍ය අනුමැතිය අවශ්‍ය බොහෝ ඖෂධ වර්ග වෛද්‍ය උපදේශයකින් තොරව භාවිතා කිරීම සාමාන්‍යයෙන් නීතියෙන් තහනම් වේ. මේ ආකාරයට භාවිතා කරන ඖෂධ සහ මත්ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත්වී ගිය පසුවද මානසික සෞඛ්‍ය කෙරෙහි දැඩි බලපෑම් එල්ල කිරීමේ හැකියාව පවතී. එහිදී Depression වැනි තත්වයන් ඇතිවීමේ අවස්ථාවද පවතී.

මේ ආකාරයේ මානසික සෞඛ්‍ය තත්වයන් සැලකීමේදී වෙනත් රටවල නීතිමය තත්වයන් ඔස්ට්‍රේලියාවට වඩා වෙනස් විය හැක.එහිදී මානසික රෝගී තත්වයක් යටතේ සිදුකරන වැරදි ක්‍රියා සම්භන්ධයෙන් උවද ඔබව සිරගත කිරීමේ හැකියාව පවතී. ඔබ භාවිතා කල ඖෂධ එම රට වල නීතියෙන් තහනම් කර ඇත්නම් ඔබට නීතියෙන් දඬුවම්න්කිරීමේ හැකියාව එම රටවලට පවතී.

මත්ද්‍රව්‍ය වැරදි සඳහා දැඩි දඬුවම් පවතී

විදෙස් රටක සංචාරයේදී ඔබ එම රටේ නීතියට යටත් වීමක් සිදුවේ. මෙහිදී ඉතා කුඩා ප්‍රමාණයේ නීත්‍යානු කූල නොවන ඖෂධ හෝ මත්ද්‍රව්‍ය ප්‍රමාණයකට උවද ඉතා දැඩි දඬුවම් පැමිණවීමේ හැකියාව එම රටවලට පවතී.

මෙහිදී විදෙස් සංචාරකයින් ගැවසෙන ස්ථාන කෙරෙහි එම රටවල බලධාරීන් ගේ විශේෂ අවධානයක් යොමුවේ. ඔබ ඔස්ට්‍රේලියානුවකු වීම නිසා ඔබට විශේෂ සැලකීමක් නොලැබෙන බැවින් එම රටවල නීතියට ගරුකිරීම ඉතා වැදගත් වේ. ඔබ විදෙස් රටකදී සිදුකරන නීති කඩකිරීම් සඳහා ඕස්ට්‍රේලියානු රජයට කළහැකි මැදිහත්වීම් ඉතා සීමිත වේ. ඔඑම රටවල පවතින නීතිමය තත්වයන් වෙනස්කිරීමට ඕස්ට්‍රේලියානු රජයට නොහැකි අතර ඔබව සිරගත කිරීමකට ලක් උවහොත් එයින් නිදහස් කරගැනීමේ හැකියාවක් ඕස්ට්‍රේලියානු රජයට නොපවතී.

පාලනය කළ සහ තහනම් ඖෂධ

ඔබ සාමාන්‍ය ජීවිතයේ භාවිතා කරන ඖෂධ වර්ග පවා අනකුත් රටවල තහනම් වී තිබිය හැකියි. මෙහිදී වේදනා නාශක, නිදිපෙති, depression සඳහා භාවිතාවන ඖෂධ, pseudoephedrine සහිත උන සෙම්ප්‍රතිශ්‍යාවට ගන්නා ඖෂධ වර්ග මෙයට ඇතුලත් විය හැකියි.

වෛද්‍ය අනුමැතිය සහිතව ඔබ මෙවැනි ඖෂධ වර්ග වෙනත් රටකට රැගෙන යනවානම් සංචාරයට පෙර එම රටේ මෙම ඖෂධ පිලිබඳ නීතිමය තත්වය සලකා බැලීම ඉතා වැදගත් වේ. මෙහිදී වෛද්‍ය වරයාගේ බෙහෙත් ලබාගැනීමට දුන් බෙහෙත් වට්ටෝරුව, එනම් prescription එක රැගෙන යාම ඉතා වැදගත් වේ.

  • එම වෛද්‍ය වරයා නිර්දේශ කල මාත්‍රාව සහිත බෙහෙත් වට්ටෝරුව සහ අදාළ බෙහෙත් පැකට්ටුවේ සඳහන් මාත්‍රාව සමානද යන්න පිරික්සීම වැදගත් වේ.
  • මෙම බෙහෙත් පුද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිතා කරන බවට වෛද්‍ය වරයාගේ ලිපියක් රැගෙනයාම වැදගත් වේ.

මෙහිදී ඔස්ට්‍රේලියාවට නැවත පැමිනීමෙදීත් විදෙස් රටවලින් ඔබ මිලදීගත් ඖෂධ ඕස්ට්‍රේලියාවේ භාවිතයට අනුමැතිය තිබේද යන්න සම්භන්දයෙන් සොයා බැලීම අත්‍යවශ්‍ය කාරණයක් වේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now