Telstra ආයතනය ඕස්ට්‍රේලියාව තුල තම 3G දුරකථන ජාලා අක්‍රීය කිරීම අද සිට ආරම්භ කරයි

Telstra, Telcos, communications

Telstra Source: SBS

Telstra ආයතනය විසින් තම 3G දුරකථන ජාලය අක්‍රීය කිරීමට කටයුතු කරමින් සිටිනවා. අද දිනයේ සිට මෙම ක්රියාවලියා ආරම්භ කරන බව Telstra ආයතනය පවසා තිබෙනවා. මේ නිසා ඇතැම් ජංගම දුරකථන භාවිතා කරන්නන් යම් අපහසුතාවයකට පත්විය හැකි බවද Telstra ආයතනය අනතුරු අඟවා සිටිනවා.


Key Points
  • ඔක්තෝම්බර් මස 28 වන දින සිට තම 3G දුරකථන ජාලා අක්‍රීය කිරීම ආරම්භ කරන බව Telstra ආයතනය පවසා සිටී.
  • මෙම ක්‍රියාවලිය සිදුකෙරෙන බවට වසර 5ක පමණ සිට දැනුම් දීම් සිදුකර ඇත.
  • 3G දුරකථන සේවා විසන්ධි වීමට පෙර තම ජංගම දුරකථන පරික්ෂා කරගන්නා ලෙස Telstra ආයතනය තම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

ඔක්තෝම්බර් මස 28 වන දින අලුයම 12 සිට 3G දුරකථන ජාලා අක්‍රීය කිරීම ආරම්භ කරන බව Telstra ආයතනය පවසා සිටිනවා. ඇතැම් ජංගම දුරකථන හදිසි ඇමතුම් සේවා ලබා ගැනීම සඳහා 3G ජාලය භාවිතා කරන බැවින් මේ පිලිබඳ සැලකිලිමත් වීම වැදගත් වනවා. හදිසි ඇමතුම් ලබා ගැනීම සඳහා 3G ජාලය අවශ්‍ය වන මෙවැනි ජංගම දුරකථන සඳහා SMS, දුරකථන ඇමතුම් ඇතුළු කිසිදු Telstra සේවාවක් ලබාගැනීමට නොහැකි තත්වයක් ඇති වනු ඇති බවට Telstra ආයතනයේ තාක්ෂණික කටයුතු සහ සේවා වැඩිදියුණු කිරීම් පිලිබඳ විධායක නිලධාරී චන්න සෙනෙවිරත්න පවසා සිටිනවා. මේ හරහා පැරණි තාක්ෂණය භාවිතා කරන ජංගම දුරකථන ඇතුළු උපාංග ඉවත් කර නව තාක්ෂණය භාවිතා කරන ජංගම දුරකථන වෙත යොමුවීමට ජනතාව කටයුතු කලයුතු බවද ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

3G ජාලය අක්‍රීය වීමේ ක්‍රියාවලිය ටස්මනියානු ප්‍රාන්තයෙන් ආරම්භ වන අතර ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාව පුරා සිදු කිරීමට නියමිත වේ. 3G ජාලය අක්‍රීය කිරීමේ සමස්ත ක්‍රියාවලිය නොවැම්බර් 4 වනදායින් අවසන් වීමට නියමිත වේ.

මෙම ක්‍රියාවලිය හරහා 000 ඇතුළු හදිසි ඇමතුම් ලබාගැනීමට 3G තාක්ෂනය භාවිතා කරන ජංගම දුරකථන බලපෑමට ලක්විය හැකිබවත් එම පිරිස් ඉතා ඉක්මනින් නව තාක්ෂනය භාවිතා කරන ජංගම දුරකථන වෙත යොමුවීමට කටයුතු කලයුතු බවත් චන්න සෙනෙවිරත්න මහතා අවධාරණය කර සිතනවා

ඔක්තෝම්බර් මස 28 වන දින අලුයම 12 සිට 3G දුරකථන ජාලා අක්‍රීය කිරීම ආරම්භ කරන බව Telstra ආයතනයේ විධායක නිලධාරී චන්න සෙනෙවිරත්න පවසා සිටිනවා. 3G ජාලය අක්‍රීය වීමේ ක්‍රියාවලිය ටස්මනියානු ප්‍රාන්තයෙන් ආරම්භ වන අතර ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාව පුරා සිදු කිරීමට නියමිත වනවා. 3G ජාලය අක්‍රීය කිරීමේ සමස්ත ක්‍රියාවලිය නොවැම්බර් 4 වනදායින් අවසන් වීමට නියමිත වන බව ඔහු සඳහන් කර සිටිනවා.

මෙම ක්‍රියාවලිය සිදුකෙරෙන බවට වසර 5කට පමණ පෙර සිට දැනුම් දීම් සිදුකෙරුණු අතර Telstra සමාගම විසින් Optus සහ AMTA ආයතන හා එක්ව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහවැඩසටහන් දියත් කිරීමටද කටයුතු කර තිබුනා.

Telstra ආයතනය සතුව ඕස්ට්‍රේලියාවේ විශාලතම 4G ජංගම දුරකථන ජාලය පවතින අතර ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් 99.7%ක් වෙත මෙම සේවා ලබාදීමේ හැකියාව පවතී. මීට අමතරව 5G තාක්ෂනය හරහා ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් 89%ක් වෙත සේවා ලබාදීමේ හැකියාවද පවතී. 3G තාක්ෂනය නවතාලීම හරහා 4G සහ 5G තාක්ෂනය ලබාදීම සඳහා අවශ්‍ය වන දුරකථන ජාලා ධාරිතාව ඉහල දැමීමට සහ සේවා ගුණාත්මක භාවය වර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කරනවා.

ඔබගේ ජංගම දුරකතනයට මෙම 3G ජාලා අක්‍රීය ලිරීම හරහා බලපෑමක් සිදුවන්නේද යන්න දැනගැනීමට 3498 අංකයට අංක 3 සටහන් කර SMS පණිවිඩයක් එවන ලෙස Telstra ආයතනය දැනුම්දී සිටී.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now