Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS Examines: කෘතිම බුද්ධිය ලෝකයේ විශාලතම ඡන්ද ව්‍යාපාර වලට බලපෑ ආකාරය

Factchequado.png

This TikTok account uses an avatar to spread misinformation about US immigration issues in Spanish. Credit: Source: Factchequeado

පසුගිය ඇමරිකා එක්සත් ජනපද මැතිවරණයේදී කොමියුනිස්ට් පාක්ෂික කමලා හැරිස්ගේ සිට ඉනද්දීයානු මහා මැතිවරණයේදී බොලිවුඩ් නළු නිලියන් යොදා ගනිමින්, AI විසින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සිදු විය.


Published

Updated

By Olivia Di Iorio

Presented by Olivia Di Iorio, Sudarshani Ambegoda

Source: SBS




Share this with family and friends


පසුගිය ඇමරිකා එක්සත් ජනපද මැතිවරණයේදී කොමියුනිස්ට් පාක්ෂික කමලා හැරිස්ගේ සිට ඉනද්දීයානු මහා මැතිවරණයේදී බොලිවුඩ් නළු නිලියන් යොදා ගනිමින්, AI විසින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සිදු විය.


පළමු වතාවට, AI විසින් ජනනය කරන ලද වීඩියෝ සහ ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ දේශපාලන ව්‍යාපාර වලට ඇතුළු වී ඇත.

ඉන්දියාවේ බොලිවුඩ් නළුනිළියන්, දේශපාලන පක්ෂ අනුමත කරන බවට ව්‍යාජ තොරතුරු ඡන්ද දායකයින්ගේ සමාජ මාධ්‍ය තුල සැරිසරන්නට විය.

මෙම නළුනිළියන්ගේ හඩපට වෙනස් කර සකස් අර ඇති අතර සමහර අවස්ථාවලදී ඔවුන් මුල් වීඩියෝවේ පැවසූ දෙය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර එමගින් ඔවුන් යම් පක්ෂයක් අනුමත කරන බව පෙනෙන්නට සකස් කරඇති බව Deepfakes Analysis Unit (DAU)හි ප්රධානී Pamposh Raina පවසා සිටි.

මේ අතර,ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණ ව්‍යාපාරය පවතින විට සෝවියට් නිලධාරියෙකු ලෙස සැරසී සිටින කමලා හැරිස්ගේ AI විසින් ජනනය කරන ලද රූපයක්, විශේෂයෙන් ලතින් ඡන්දදායකයින් අතර පුළුල් ලෙස හුවමාරු විය.

"Hispanic ප්‍රජාව සම්බන්ධයෙන් ගත් කල, ලතින් ඇමරිකාවේ බොහෝ අය ඒකාධිපති පාලන තන්ත්රයන් සමඟ ඉතා වෙනස් අත්දැකීම් ලබා තිබෙන නිසා ඒ වගේ එවැනි අත්දැකීමක් සදහා ප්‍රතික්ෂේපයක් ඔවුන් වෙත තිබෙන බව Factchequeado හි කළමනාකාර සංස්කාරක Ana Marìa Carrano පවසන ලදී.

මෙම SBS Examines විශේෂාංගය මගින් AI විසින් ජනනය කරන ලද අසත්‍ය තොරතුරු ඉන්දියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණ ව්‍යාපාරය වෙත කරණ ලද බලපෑම කෙසේද යන්න විමසා බැලීම සිදු කරයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now