Key Points
- ආචාරශීලී, සුදුසු හෝ රළු ලෙස සලකන ප්‍රතිචාර සඳහා ලිඛිත නොවන බොහෝ නීති පවතී
- ආචාර විධි වල වෙනස්කම්, සංක්‍රමණිකයන්ට සමාජයට හෝ වෘත්තීය පරිසරයට ඇතුල් වීමට බාධාවක් විය හැක
- තමන් ඕස්ට්‍රේලියාවේ අහිතකර දේ සම්බන්ධයෙන් දුෂ්කරව තමන් ඉගෙන ගෙන ඇතැයි ඇතැම් සංක්‍රමණිකයන් සිතයි
සමාජයක, සංස්කෘතියක හෝ යම් වෘත්තීය පරිසරයක සාමාජිකයන් අතර ආචාරශීලී හැසිරීම් සහ යහපත් පුරුදු ලෙස සලකන චාරිත්‍ර, ආචාර විධි වශයෙන් සාමාන්‍යයෙන් නිර්වචනය කිරීම සිදු වේ.
Amanda King, Australian Finishing School හි නිර්මාතෘ වන අතර ඇය ඕස්ට්‍රේලියාව තුළ ආචාර විධි සහ පිළිගත හැකි හැසිරීම් වල සම්මත මොනවාදැයි යන්න සියලුම සංස්කෘතික පසුබිම්වල පිරිසට ඉගැන්වීම සිදු කරයි.
ඇය පවසන්නේ ආචාර ධර්ම යනු, සමාජයේ අපේක්ෂා කරන හැසිරීම් සහ සම්මතයන් වන බවයි. එමෙන්ම යහපත් ආචාර විධික්‍රම ඉතා සරල ප්‍රතිපත්ති කිහිපයකට පමණක් සීමා වී ඇති අතර, එය අපගේ සාමාන්‍ය ආකල්පය වටා තිබිය හැකි බවත් Amanda පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේදී, ඔබේ විශේෂිත පරිසරය සහ තත්වයන් මත ආචාර විධි රඳා පවතී. ඕස්ට්‍රේලියාව, සාමාන්‍යයෙන් ලොව පුරා පවතින විවිධ ජනවිකාස හා සංස්කෘතික තත්ත්ව රැසක ගොන්නක් වේ. මේ අනුව ඔස්ට්‍රේලියාව තුල පදනමක් ලෙස ඉංග්‍රීසි පසුබිම පවතින නමුත් සංස්කෘතිකමය වශයෙන් යුරෝපීය සහ ඇමරිකානුවාදය රට තුල පවතී.
Amanda පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාව තුල පවතින ඇතැම් විට ලිඛිත නොවන ප්‍රොටෝකෝල පිළිගැනීම සිදු කිරීම වැදගත් වන බවයි.
මෙම අචාර විධි වල මූලික කොටස් වශයෙන් ඇය සඳහන් කොට සිටින්නේ පෙනුම, හැසිරීම, ආහාර ගැනීමේ පුරුදු සහ සන්නිවේදනය වන බවයි. කෙසේ නමුත් අවසානයේදී, ඉංග්‍රීසි ඔබේ පළමු භාෂාව නොවන විට එය තරමක් අපහසු වන බව Amanda පවසයි.

නුසුදුසු හෝ තහනම් යැයි සැලකෙන ප්‍රශ්න ඇසීමෙන් වැළකීම, ඕස්ට්‍රේලියාවේ 'යහපත් පුරුදු' ලෙස සලකනු ලබන වැදගත්ම ලිඛිත නොවන රීතිවලින් එකක් වශයෙන් සැලකේ. මේ සඳහා යමකුගේ විවාහක තත්ත්වය, මුදල්, ආගම සහ දේශපාලනය සම්බන්ධ තොරතුරු විමසීම ඇතුළත් වේ.
සාමන්‍යයෙන් මිනිසුන්ට තවත් අයකු සමග කතා කිරීමට අවශ්‍ය වන නමුත් එවැනි කතා බහ සඳහා යමකුගෙන් පෞද්ගලික ප්‍රශ්න විමසීමට වඩා වෙනත් මාතෘකා ගැන කතා කිරීම සිදු කල යුතු වේ.
කෙසේ වෙතත්, සෑම සංස්කෘතියකටම සුදුසු යැයි සැලකෙන ප්‍රමිතියක් පවතී. කෙසේ නමුත් කාලයක් පුරා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඇතැම් සංක්‍රමණිකයන් පවසන්නේ තම උපන් රටේ සංස්කෘතියට අනුව, තවකෙකුගෙන් ඇසීමට සාමාන්‍ය වූ ඇතැම් ප්‍රශ්න ඕස්ට්‍රේලියාවේදී නොඇසිය යුතු බවට ඉගෙන ගත් බවයි. නමුත් එලෙස ඉගෙනීම ඉතා දුෂ්කර අත්දැකීම් ඔස්සේ සිදු වූ බවත් ඔවුන් පවසයි.
හොංකොං හි සිට ඕස්ට්‍රේලියාවට පැමිණි Winmas Yu වසර දහයක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වී තිබේ. ඔහු පවසන්නේ තවත් අයකුගේ ශරීර ගැන අදහස් දැක්වීම චීනයේ සාමාන්‍යයක් වන බවයි. Yu පවසන්නේ චීනයේදී තමන් මහතද හෝ කෙට්ටුද යන්න තම දෙමාපියන් සහ වැඩිහිටියන් නිතර පවසන නමුත් ඕස්ට්‍රේලියාවේදී සිරුරේ හැඩය ගැන හෝ ඔවුන් අහාර ගන්නා ප්‍රමාණය ගැන අදහස් දැක්වීම පිළිබඳව බොහෝ පිරිසක් අකමැති වන බවයි.

Sarah මොරොක්කෝවේ සිට වසර 15කට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ. ඇය පවසන්නේ පුද්ගලික මුදල් ගැන විමසීම වැනි ඕස්ට්‍රේලියාවේ නුසුදුසු යයි සැලකෙන ඇතැම් ප්‍රශ්න ඇතැම් අරාබි සංස්කෘතීන් තුළ සාමාන්‍යයක් වන බවයි.එමෙන්ම පළමු වරට මුණගැසුණු අයකුගෙන් විවාහක තත්ත්වය සහ ඔවුනට දරුවන් සිටීද යන්න විමසීමත් සාමාන්‍ය වන බව Sarah පවසයි.
යම් යුවලක් විවාහ වීමෙන් මාස 10කට අනතුරුව දරුවකු නොසිටී නම් ඔවුනට කුමක් හෝ ගැටළුවක් පවතීද යන්න ඇසීමත් Sarah හේ සංස්කෘතිය තුල සාමාන්‍යයක් වේ.
රැකියා සඳහා වන ආචාර විධි වල වැදගත්කම
ඕස්ට්‍රේලියාව තුල පවතින ආචාර විධි පිළිබඳ නීති නොදැන සිටීම, රැකියා සෙවීමේදී සහ රැකියා ස්ථාන වලදී සංක්‍රමණිකයන්ට බාධා ඇති කරයි.
වෙනිසියුලානු කාන්තාවක වන Fabiola Campbell වසර 18ක් ඔස්ට්‍රේලියාවේ සිට ඇති අතර ඇය 2019 දී Professional Migrant Women ආයතනය අරඹා තිබේ.
ඇය පවසන්නේ රැකියා විරහිත හෝ අඩු කාලයකට රැකියා සඳහා බඳවාගෙන සිටින වෘත්තීය හැකියාව සහිත කාන්තාවන් බොහෝ දෙනෙකු සිටින බව අවබෝධ කරගැනීම ඔස්සේ කාන්තාවන් සඳහා සංක්‍රමණය සහ වෘත්තීය රැකියා අතර පරතරය වසා දැමීම එම සංගමනයේ අරමුණ වූ බවයි.

Fabiola ගේ මෙමෙ ජාලය මගින් ඕස්ට්‍රේලියානු රැකියා වෙලඳපොලට පිවිසීමට අපේක්ෂා කරන විදේශීය කාන්තාවන්ට උපදේශන වැඩසටහනක් හරහා දැනුම සහ සහාය ලබාදේ.
ඔවුන් ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොළට තමන්ගේ වටිනාකම හඳුන්වා දෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙහිදී ඉගෙන ගැනීම සිදු කරයි.
කෙසේ නමුත් ඇය පවසන්නේ ආචාර විධි, යහපත් සබඳතා ගොඩනගා ගැනීම සඳහා වන බැවින් සංස්කෘතික වෙනස්කම් සහිත සංක්‍රමණික වෘත්තිකයන් සඳහා මෙය සෘණාත්මක බලපෑමක්ද විය හැකි බවයි. එමෙන්ම ඇතැම් විට යමකු අමාරුවෙන් ඉගෙන ගන්නා දේ පවතින බවත් ඇය පෙන්වා දෙයි. ඇතැම් පිරිස මුලිකත්වය ගැනීමේදී එය තවත් අයකුට යම් අනවශ්‍ය බලපෑමක් ලෙස පෙනීමත් මේ අනුව සිදු විය හැක.
Migrant Professional Women ආයතන නිර්මාතෘ පවසන්නේ වෙනත් පුද්ගලයින් සමග බලහත්කාරයෙන් මෙන් කටයුතු නොකොට වෘත්තීයමය වශයෙන් සම්බන්ධ වීමට ඔවුන්ගේ කැමැත්ත ගෞරවයෙන් ඉල්ලා සිටීම ජාලගත වීමේදී හොඳ උපාය මාර්ගයක් වන බවයි.
ඔවුන්ගේ කතාව ඔබ සමග බෙදාගැනීමට අවස්ථාව දිය යුතු අතර, 'ඔබේ පළමු රැකියාව ලැබුණේ කෙසේද?. වැනි දේ ඔබ ඇසීමත් වැදගත් වන බව Fabiola පෙන්වා දෙයි.
එමෙන්ම 'කරුණාකර' සහ 'ස්තුතියි' වැනි ආචාරශීලී වාක්‍ය ඛණ්ඩ නිතිපතා භාවිතා කිරීම සිදු කල යුතු අතර එය නිරන්තරයෙන් සිදු නොකළ යුතු බවත් ඇය පවසයි.

ඇය තවදුරටත් පවසන්නේ ඉංග්‍රීසි තම පළමු භාෂාව නොවන අතර, හොඳ චේතනාවෙන් පණිවිඩයක් සන්නිවේදනය කිරීමට උත්සාහ කළත්, එය ඇතැම් විට ඒ ආකාරයෙන්ම අනෙක් පුද්ගලයාට වැටහිය නොහැකි බවයි.
මේ සඳහා පිලියමක් වශයෙන් ඇය පෙන්වා දෙන්නේ, ඔස්ට්‍රේලියාව තුල පවතින සන්නිවේදන ශෛලීන් සහ ඉංග්‍රීසි භාෂාවේ පවතින සිද්යුම් ස්ථාන සෙසු අයගේ ප්‍රතිචාර ඇසීම ඔස්සේ දැනගැනීම සිදු කරන ලෙසයි. එමගින් තම සනිවේදන හැකියාව වැඩිදියුණු කළ හැකි අතර තමන් අපේක්ෂිත පණිවිඩය ලබා දිය හැකි වේ.
Amanda King පවසන්නේ ඕස්ට්‍රේලියාවේ සමාජ හෝ වෘත්තීය තත්වයන් තුළ "නියමිත වේලාවට" කටයුතු කිරීම ඉතා වැදගත් වන බවයි. රැස්වීමකට ප්‍රමාද වන්නේ නම්, අවම වශයෙන් විනාඩි 15-20කට පෙර එය අදාළ පුද්ගලයාට දැන්වීම වැදගත් වේ.
එමෙන්ම ඔබ අන් අයට පැහැදිලිව සහ විශ්වාසයෙන් ඔබව හඳුන්වා දීමට වග බලා ගන්නා ලෙසත් Amanda පවසයි.
විවිධ සංස්කෘතික හා භාෂාමය පසුබිම්වලින් පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ අත්දැකීම් බොහෝ දෙනෙකුට පැවතීම හේතුවෙන් සංක්‍රමණිකයන් ආතතියකින් තොරව යම් ආකාරයක පහසුවකින් යුතුව කටයුතු කිරීම වැදගත් වේ.
ඕස්ට්‍රේලියාවේ බොහෝ පුද්ගලයින් විශේෂයෙන්ම සංක්‍රමණිකයන් සමඟ සම්බන්ධතා පවත්වයි. එමෙන්ම ඉංග්‍රීසි සංක්‍රමණිකයන්ගේ දෙවන භාෂාව වේ. Fabiola පවසන්නේ මේ හේතුවෙන් ඇතැම් පිරිස අදහස් කරන දෙය වැරදි ලෙස සෙසු පිරිස වටහාගන්නා අවස්ථා ඇති අතර භාෂා දැනුම අඩු වීම හේතුවෙන් සන්නිවේදනය කිරීමටද දැඩි බාධා පවතින බවයි.
_______________________________________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_______________________________________________________________________________________________
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න





