SBS සිංහල සේවය ගෙන එන "විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " - ලෝක සාහිත්‍ය පිලිබඳ රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය යොමුවුනේ අයර්ලන්ත ජාතික ඇනා බර්න්ස් විසින් රචිත, 2018 වසරේ The Man Booker සම්මානය හිමිකරගත් "මිල්ක්මන්" ලෝකප්‍රකට නවකතාව පිළිබඳවයි. මෙය ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් 'මිල්ක්මන් ' යන නමින්ම සිංහල භාෂාවට පරිවර්තනය කොට තිබේ.
මිල්ක්මන් ග්‍රන්ථයේ සාහිත්‍යමය අන්තර්ගතය පිළිබඳව සාකච්ඡා කිරීමට එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල සහ සිංහල පරිවර්තනය පිලිබඳ අදහස් දැක්වීමට මිල්ක්මන් ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය කල, මෙල්බන් නුවර වෙසෙන ලේඛිකා, ස්වර්ණකාන්ති රාජපක්ෂ යන දෙදෙනා සම්බන්ද වූහ.
පසුගියවර "විශ්ව සාහිත්‍යයේ රස මංපෙත්" වැඩසටහනට සවන්දෙන්න පහතින් ...






