දෙවන වර පත්වූ ලේබර් රජය නිසා සිදුවන වෙනස්කම් ගැන තොරතුරු මෙන්න

Labor_Promises.jpg

Housing and cost of living promises are among those Prime Minister Anthony Albanese and Labor have made for their second term. Source: AAP, Getty

ඇන්තනී ඇල්බනීසි මහතා දෙවන වරටත් ජයග්‍රහණය කර තිබෙනවා. මේ අනුව නැවත පත්වන ලේබර් රජය විසින් පූර්ව මැතිවරණ කාලයේ යෝජනා කර සිටි පරිදි සිදුකිරීමට නියමිත වෙනස්කම් පිළිබඳව සලකා බැලීමට මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

සෞඛ්‍ය සේවාව

  • Bulk billing සේවාව වෙනුවෙන් මුදල් වෙන්කිරීමට නියමිත වේ.
  • පැය 24 පුරා ක්‍රියාත්මක 1800MEDICARE ටෙලි හෙල්ත් සේවාව පිහිටුවීමට නියමිත වේ.
  • දැනටමත් ක්‍රියාත්මක වන සායන 87 ට අමතරව 2026 ජුනි මාසය වන විට අමතර හදිසි සත්කාර සායන 50ක් ඉදිකිරීඒමට නියමිත වේ.
  • එන්ඩොමෙට්‍රියෝසිස් හෝ ආර්තවහරණය හේතුවෙන් පීඩාවිඳින කාන්තාවන්ට වඩාත් විශේෂිත සායන මෙන්ම මිල අඩු ඖෂධ සඳහා ප්‍රවේශය ලබා දීමට යෝජනා වී ඇත.
  • PBS ක්‍රමවේදය යටතේ ලබා දෙන ඖෂධ වට්ටෝරුවල උපරිම මිල $25කට සීමා කෙරේ.
  • මානසික සෞඛ්‍ය සේවා සඳහා ඇති ප්‍රවේශය වඩාත් පුළුල් කිරීමට යෝජනා කර ඇත.
  • මානසික සෞඛ්‍ය සේවා සඳහා වෘත්තිකයන් 1200 කට අධික සංඛ්‍යාවක් පුහුණු කිරීමට සහ තවත් වෛද්‍යවරුන් සහ හෙදියන් පුහුණු කිරීමට අරමුදල් වෙන්කිරීමට බලාපොරොත්තු වේ.

නිවාස ගැටලුව

  • ආදායම් සීමාවන් හෝ නිවාස මිලදී ගන්නා ස්ථාන සම්බන්ධයෙන් ඇති සීමා වලින් තොරව සෑම පළමු නිවාස ගැනුම්කරුවෙකුම සුදුසුකම් ලබන පරිදි ලේබර් රජය තම 5% තැන්පතු යෝජනා ක්‍රමය පුළුල් කරනු ඇත.
  • පළමු නිවාස ගැනුම්කරුවන් සඳහා පමණක් දැරිය හැකි මිලගණන් යටතේ නව නිවාස 100,000ක් ඉදිකිරීමට ප්‍රතිඥා දී ඇත.
  • Help to Buy ක්‍රමවේදය යටතේ 2%ක අවම තන්පතුවකින් රජය සමග හවුලේ නිවසක් මිලදී ගැනීමේ අවස්තාව ලබාදීමට නියමිත වනවා. මෙහිදී නිවසෙන් 30%ක හෝ 40%ක හිමිකාරීත්වයක් රජයට හිමි වනවා.
    2025-05-05_16-03-56.jpg

ජීවන වියදම් අර්බුදයට විසඳුම්

  • ඕස්ට්‍රේලියානු නිවාස සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 150 ක වට්ටමක් ලැබෙනු ඇත
  • සෑම බදු ගෙවන්නකුටම පාහේ බිල්පත් හෝ වියදම් හෙලිකිරීමකින් තොරව $1000ක ක්ෂණික බදු සහනයක් ලබාගැනීමට හැකිවේ. මෙය 2026/2027 මූල්‍ය වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. මීට අමතරව $45000ට වඩා වැඩි ආදායමක් උපයන අය සඳහා බදු කප්පාදු ලබාදීමට අවශ්‍ය පනත් මේවන විට සම්මත කර ඇත.
  • සුපිරි වෙළඳසල් විසින් අසාධාරණ ලෙස සිදුකරන මිල ඉහල දැමීම් මැඩපැවැත්වීමට දැඩි ක්‍රියාමාර්ග ගනු ඇත.

Childcare සේවා

  • Childcare සේවා සඳහා සහන මිල ගණන් යටතේ දින තුනක සේවා ලබා දීමට කටයුතු කර බව ලේබර් රජය පවසා සිටී.
  • Childcare සේවා සඳහාඇති Activity test පරීක්ෂණ ඉවත් කිරීමට කටයුතු කෙරේ.

සංක්‍රමණ

  • ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තු ඩොලර් 1,600 සිට ඩොලර් 2,000 දක්වා වැඩි කිරීමට කම්කරු පක්ෂය ප්‍රතිඥා දී ඇත
  • 2024/25 කාලයේදී ස්ථිර සංක්‍රමණ ස්ථාන ප්‍රමාණය 190,000 සිට 185,000 දක්වා අඩු කිරීමට පියවර ගැනේ

බලශක්තිය සහ පරිසර හිතකාමි ප්‍රතිපත්ති

  • සූර්ය බලශක්තිය ගබඩා කෙරෙන බැටරි මිලදී ගැනීමට සහනාධාර දීමට ලේබර් පක්ෂය පොරොන්දු වී ඇති අතර එමඟින් නිවෙස් වලට වසරකට ඩොලර් දහස් ගණනක් බලශක්ති බිල්පත් වලින් ඉතිරි කර ගත හැකිවනු ඇති බව අපේක්ෂා කරයි
  • හයිබ්‍රිඩ් සහ විදුලිබලයෙන් ක්‍රියාත්මක වාහන මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන්ට සහන ලබාදීමට බලාපොරොත්තු වේ.
  • ෆෙඩරල් පරිසර ආරක්ෂණ ඒජන්සියක් පිහිටුවීමට ලේබර් පක්ෂය ප්‍රතිඥා දී ඇත

කාන්තා හිංසනය මැඩලීම

  • අධි අවදානම් අපරාධකරුවන් සඳහා වළලුකර පළඳින ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ උපාංග සඳහා අරමුදල් වෙන් කිරීම
  • ගෘහස්ත හිංසන වලදී වින්දිතයන් වූ අයගේ අභාවයකින් පසුව ඔවුන්ගේ Superannuation ගිණුම් වල මුදල් සහ වරප්‍රසාද එහි චූදිතයන් වූ අනෙකුත් පාර්ශවය වෙත ලැබීම වැළක්වීම
  • පිරිමින් සහ තරුණ පිරිමි ළමුන්ගේ කළහ කාරී දැඩි හැසිරීම් වෙනස් කිරීමේ වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම ඉහල දමනු ඇත
  • ගෘහස්ත හිංසනය හේතුවෙන් නිවාස අහිමි වන කාන්තාවන්ට නිවාස ලබා දීම සඳහා කටයුතු කිරීම

 Source: SBS News

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now