ඔස්ට්‍රේලියාව තුල ATM ප්‍රමාණය එන්න එන්නම අඩුවෙනවා. ඔස්ට්‍රේලියාව ඉදිරියේදී මුදල් රහිත සමාජයකට තල්ලු වේවිද?

Young Woman Withdrawing Cash From The ATM

Young woman withdrawing cash from the ATM. Credit: urbazon/Getty Images

බැංකු විසින් තම පාරිභෝගිකයින් වෙත සපයන සේවාවක් වන ATM යන්ත්‍ර සේවාවන් ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී යන බව වාර්තා වේ. එසේම කුඩා ප්‍රමාණයේ බැංකු ශාඛාවන් ද යම් පමණකින් අඩුවී යන බව පෙනෙන්නට තිබේ. මෙහිදී මුදල් පහසුවෙන් ආපසු ලබා ගැනීම සම්බන්දව බොහෝ දෙනෙක් ට ගැටළු කාරී තත්වයක් මතු වී ඇත. ඉදිරියේදී ඔබේ මුදල් ආපසු ගැනීමේදී ඔබට ගෙවීමක් කරන්න සිදු වේවිද? ඔස්ට්‍රේලියාව මුදල් වලින් තොර සමාජයක් කරා යොමුවෙමින් පවතීද?


ඔබට මේ දිනවල ඔබේ බැංකුවෙන් මුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය වීමකදී බොහෝ විට ඔබට ATM යන්ත්‍රයක් සොයාගැනීමේ අපහසු තත්වයක් ඇතිවිය හැක. තවද ඔබේ ප්‍රදේශයේ පැවතුන කඩා ප්‍රමාණයේ බැංකු ශාඛාවන් වැසීයන ආකාරයක් ඔබට දකින්නට ලැබී තිබිය හැක. මෙහිදී කිසිම බැංකුවකට සම්බන්ද නොමැති ATM යන්ත්‍ර ඔබේ ප්‍රදේශයේ අලුතින් ස්ථාපිත වීමක් ඔබට දකින්නට ලැබෙන්නටද ඇත. මෙහිදී එම ATM යන්ත්‍ර හරහා ඔබට මුදල් ආපසු ගැනීමකදී ඒ සඳහා මුදල් ගෙවීමක් කිරීමට අවශ්‍ය බවද ඔබට දකින්නට ලැබී තිබිය හැක.
වර්තමානයේ බොහෝ විට අන්තර්ජාලය හරහා ඉලෙක්ට්‍රොණික මුදල් ගනුදෙනු සිදුවීම තුල මුදල් නෝට්ටු සහ කාසි භාවිතය ජනතාවගෙන් ක්‍රමක් ක්‍රමයෙන් ඈත්වී යමින් තිබේ. මෙහිදී බැංකු විසින් තම බැංකු ශාඛා සහ ATM යන්ත්‍ර ප්‍රමාණය අඩු කිරීමෙන් ඉදිරියීදී ඔබට ඔබේ මුදල් ආපසු ලබා ගැනීමට මුදල් ගෙවීමක් සිදුකිරීමට සිදුවේවිද යන්න විමසා බැලීම වැදගත් වේ.

ගාස්තු රහිත ATM යන්ත්‍ර ඉදිරියේදී භාවිතයෙන් ඉවත් වීමක් සිදුවිය හැකිද?

2017 වසරේ සිට බැංකු ශාඛා සංඛ්‍යාව සියයට 37 කින් අඩු වී ඇත. 2017 දී ඔස්ට්‍රේලියාවේ බැංකු සතු ATM යන්ත්‍ර 13,814ක් තිබූ නමුත් 2023 වසරේ ජුනි වන විට එම ප්‍රමාණය 5693 දක්වා පහත වැටී ඇත. කෙසේ උවත් මුදල් භාවිතා කරන්නනට මෙය විශාල ගැටළුවක් නොවනු ඇති බවට Canstar වෙබ් අඩවියේ Steve Mickenbecker පවසා තිබේ. බොහෝ බැංකු මේ ආකාරයට ATM යන්ත්‍ර ප්‍රමාණය අඩු කලද අනෙකුත් බැංකු හා එක්ව තම සේවාවන් සැපයීමට කටයුතු කරන බව හෝ පෙන්වා දේ.
ඔස්ට්‍රේලියාව ක්‍රමක් ක්‍රමයෙන් මුදල් රහිත සමාජයක් කරා ගමන් කරන බව ව්‍යාපාර හා ආර්ථික විද්‍යා විද්‍යාලයේ සහකාර මහාචාර්ය Phong Ngo පවසා සිටී
මෙහිදී ප්‍රධාන බැංකු හතර විසින් වෙනත් බැංකුවක කාඩ් පතකින් මුදල් ආපසු ගැනීමේදී ගාස්තු අයකිරීමක් සිදු කලද මේවන විට එම සේවාවන් නොමිලයේ ලබා දීමට ප්‍රධාන බැංකු හතර කටයුතු කරන බව ඔහු පෙන්වා දේ. මේ හේතුවෙන් පවතින ATM යන්තර ප්‍රමාණය අඩු වුවද මුදල් ලබා ගැනීමට ඇති හැකියාව වැඩි වී තිබෙන බව Steve Mickenbecker පවසා සිටී.

ඔබ සතුව ඕස්ට්‍රේලියානු බැංකු කාඩ්පතක් තිබේ නම්, ඔබට ඔබේ බැංකුව සතු ATM යන්ත්‍රයකින් හෝ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරේ ATM යන්ත්‍ර හරහා (ANZ, Commonwealth Bank, Westpac හෝ NAB) ගාස්තුවකින් තොරව මුදල් ලබාගත හැක.

මුදල් ආපසු ගැනීමේ ගාස්තු වළක්වා ගන්නේ කෙසේද?

සාමන්‍යයෙන් පුද්ගලික ATM යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීමේදී ඔබෙන් $2ත් $5ත් අතර ගාස්තුවක් අය වීම සිදුවේ. කෙසේ උවත් ඔබේ බැංකුව විසින් මෙම පුද්ගලික ATM සේවා සපයන්නන් සමග ගිවිසුම් ගතවී තිබිය හැකියි. එවැනි අවස්තාවලදී ඔබට මෙම ATM යන්ත්‍ර නොමිලයේ භාවිතා කල හැක.

සුපිරි වෙළඳ සල් සහ අනෙකුත් වෙළඳ ආයතන තම පාරිභෝගිකයින්ට මුදල් ආපසු ගැනීමේ සේවාවන් සැපයීම සිදුකරයි. මෙහිදී ගාස්තුවකින් තොරව මුදල් ආපසු ලබාගැනීමේ හැකියාව ඔබට පවතී. Australia Post හරහා Bank@Post වැඩ සටහනට සම්භන්ද බැංකු කාඩ් පත් භාවිතයෙන් ගාස්තු රහිතව මුදල් ලබා ගැනීමේ හැකියාව පවතී.

ATM යන්ත්‍ර සහ මුදල් භාවිතයේ අඩුවීම කෙබඳුද?

ඕස්ට්‍රේලියානු බැංකු සංගමයේ (ABA) පාරිභෝගික ප්‍රවණතා 2023 වාර්තාවට අනුව, මුළු ගනුදෙනුවලින් සියයට 98.9ක් දැන් සිදු කරනු ලබන්නේ අන්තර් ජාලය සහ APP භාවිතා කිරීමෙනි.

ගෙවීම්වලින් සියයට 13ක් සඳහා පමණක් දැන් මුදල් භාවිත කරන බව ද මෙම වාර්තාවේ දැක්වේ. මෙය 2007 වසරට සාපේක්ෂව සියයට 57 ක අඩුවීමකි.
 
ඔස්ට්‍රේලියාව ක්‍රමක් ක්‍රමයෙන් මුදල් රහිත සමාජයක් කරා ගමන් කරන බව ව්‍යාපාර හා ආර්ථික විද්‍යා විද්‍යාලයේ සහකාර මහාචාර්ය Phong Ngo පවසා සිටී. පසුගිය කාලයේ ඇති වූ Covid 19 වසංගත තත්වය හේතුවෙන් මෙම තත්වය වඩාත් වේගවත් වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටී.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service