අධික මිල නිසා චොක්ලට් තිත්ත වෙයිද? Easter කාලයේ chocolate මිල ගැන ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

Off The Charts Costly Chocolate

Sweet Easter baskets will likely come at a bitter cost this year for consumers as the price of cocoa climbs to record highs. (AP Photo/Virginia Mayo, File) Source: AP / Virginia Mayo/AP

ඕස්ට්‍රේලියාවේ Easter holidays එනම් පාස්කු නිවාඩු කාලය ඉතා ආසන්නයටම පැමිණ තිබේ. මේ කාලයේ බොහෝ දෙනෙක් chocolate මිලදී ගැනීම සිදු කරයි. කෙසේ උවත් chocolate මිල ගණන් සම්බන්දව ඕස්ට්‍රේලියානුවන්ට යම් අනතුරු ඇඟවීමක් ද කර තිබේ.


මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ කොකෝවා (Cocoa) මිල ඉතා ඉහල යාමයි. අප්‍රිකාවේ කොකෝවා නිෂ්පාදනය අඩාල වීම හේතුවෙන් ලෝක වෙළඳ පොලේ කොකෝවා ටොන් එකක මිල ඕස්ට්‍රේලියානු ඩොලර් 15000ක් වැනි වාර්තාගත මිලකට අලෙවි වීම සිදු වේ.

Easter නිවාඩු කාලය ආසන්න වීමත් සමග චොක්ලට් මිල වැඩිවීම මේ වනවිට බොහෝදෙනෙක්ට ක්‍රමක් ක්‍රමයෙන් දැනෙමින් තිබේ. ගෝලීය කෘෂි ව්‍යාපාර බැංකු සමාගම වන RoboBank ආයතනය පවසා සිටින්නේ 2024 දී කොකෝවා මිල දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවයි. මේ නිසා ඔස්ට්‍රේලියාව තුල චොක්ලට් මිල 8.8% කින් පසුගිය වසර තුල ඉහල ගොස් ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ. මෙම මිල වැඩිවීම පාස්කු කාලයේ අලෙවි වන චොකලට් වලටද බලපානු ඇති බව RaboBank විශ්ලේෂකයෙකු වන Pia Piggott පවසා සිටී.
මේ සතියේදී කොකෝවා මිල වාර්තාගත ලෙස ඉහල ගොස් තිබේ. කොකෝවා ටොන් එකක මිල AUD 15432 කට New York Futures Exchange හිදී අලෙවි වී තිබෙන අතර මේ නිසා කොකෝවා මිල තඹ වැනි ලෝහ වලටත් වඩා ඉහල ගොස් තිබේ. අප්‍රිකාවේ කොකෝවා අස්වැන්න අඩුවීම මෙයට ප්‍රදාන හේතුව වී තිබේ.
මෑත කාලීනව චොක්ලට් මිල ගණන් අඩුවීමක් අපේක්ෂා කල නොහැකි බව Saxo Bank Australia හි විධායක අධ්‍යක්ෂ Adam Smith පවසා සිටී.
කොකෝවා නිෂ්පාදනය බහුලව සිදුකරන්නේ බටහිර අප්‍රිකාවේ රටවල් වල වේ. Ivory Coast සහ Ghana රාජ්‍යයන් විශාලතම කොකෝවා නිෂ්පාදකයින් ලෙස හැඳින් වේ. ජාත්‍යන්තර කොකෝවා සංවිධානය පවසන පරිදි මෙම රටවල් දෙකේ නිෂ්පාදනය ලෝක කොකෝවා නිෂ්පාදනයෙන් 60%ක් පමණ වේ. කොකෝවා නිෂ්පාදනය අඩුවීමට විවිද සාදක බලපෑ ඇති බව Pia Piggott පවසා සිටී.

කාලගුණික තත්වයන්ගේ පවතින ගැටළු සහ විවිද රෝග වැළඳීම හේතුවෙන් 2023/2024 කාලයේ ලෝක කොකෝවා සැපයුම තවදුරටත් අඩුවනු ඇති බව ජාත්‍යන්තර කොකෝවා සංවිධානය පවසා සිටී. මෙම අඩු වීම 11%ක් පමණ වනු ඇති බවට ඔවුන් බලා පොරොත් තුවේ.

මෙම අධික මිල වැඩිවීම චොක්ලට් නිෂ්පාදකයින්ට, වෙළෙන්දන්ට සහ අවසානයේ පාරිභෝගිකයින්ට ඉතා දැඩි ලෙස බලපෑ තිබේ.

සිඩ්නි නුවර ChocolArts ආයතනයේ හිමිකරු Arthur Lazarou පවසා සිටින්නේ මෙම තත්වය තමන්ගේ ව්‍යාපාරයට තදින්ම දැනෙන බවයි. කෙසේ උවත් කොකෝවා වගා කරුවන්ට සිදුවී ඇති බලපෑම ඉතා වැඩි බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.

මෙම වසරේ පමණක් 20% කින් පමණ නිෂ්පාදන පිරිවැය ඉහල ගොස් ඇති බව ChocolArts ආයතන ප්‍රධානී Arthur Lazarou පවසා සිටී. ඔවුන්ට අකමැත්තෙන් උවද තම නිෂ්පාදන වල මිල වැඩිකිරීමට සිදුවී ඇතිබව ඔහු පවසා සිටී. කෙසේ උවත් විවිද මිල ගණන් යටතේ විවිද නිෂ්පාදන කිහිපයක්ම ලබා දීමට තමන් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

පාරිභෝගිකයකු සාමාන්‍යයෙන් easter කාලයේදී $62ක චොක්ලට් මිලදී ගන්නා බව Finder ආයතනය පෙන්වා දී තිබේ. කෙසේ උවත් මෙම අගය මේ වසරේ වෙනස් විය හැකි බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

වර්තමානයේ පවතින කොකෝවා නිෂ්පාදන ක්‍රියාවලිය සලකා බැලූවිට, මෑත කාලීනව චොක්ලට් මිල ගණන් අඩුවීමක් අපේක්ෂා කල නොහැකි බව Saxo Bank Australia හි විධායක අධ්‍යක්ෂ Adam Smith පවසා සිටී.


ඕස්ට්‍රේලියාව සිදුවන රසවත් සිදුවීම් කෙටි පොඩ්කාස්ට් ලෙස සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති ඕනෑම podcast මාද්‍යයක SBS සිංහල ලෙස search කරන්න. වැඩි විස්තර සඳහා www.sbs.com.au/sinhala අපේ වෙබ් අඩවියට පිවිසෙන්න.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service