ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අනුව ඔබට ලබා ගත හැකි සූර්ය පැනල, විදුලි බැටරි සහ විද්‍යුත් වාහන සඳහා වන වට්ටම් සහ දිරි දීමනා

EV charging station road sign with solar panels in background.

The federal government introduced the Cheaper Home Batteries program last year. Source: Getty / Raja Islam

ඕස්ට්‍රේලියාව පුරා, ෆෙඩරල්, ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සූර්ය පැනල පද්ධති, විදුලි බැටරි සහ විදුලි වාහන (EV) සඳහා වැය වන මූලික පිරිවැය අඩු කිරීම අරමුණු කර ගත් විවිධ වට්ටම් සහ දිරිගැන්වීම් ලබා දෙනවා. මේ කෙටි විශේෂාංගය හරහා ඕස්ට්‍රේලියාව පුරා දැනට පිරිනමනු ලබන එවැනි සහන සහ දිරි දීමනා පිළිබඳ දැනුවත් වන්න.


සූර්ය පැනල සහ බැටරි

ඕස්ට්‍රේලියාව පුරා

2011 දී, ෆෙඩරල් රජය කුඩා පරිමාණ පුනර්ජනනීය බලශක්ති යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර, එමඟින් සූර්ය පැනල, සූර්ය රෝපිත බැටරි, සූර්ය ජල තාපක, සුළං ටර්බයින, ජල පද්ධති සහ වායු ප්‍රභව තාප පොම්ප ස්ථාපනය සඳහා වැය වන මිලට රජයෙන් වට්ටමක් ලබා දේ.

සූර්ය පැනල ස්ථාපනය කර ඇති නිවෙස් වල එකී පද්ධති හරහා ජනනය වන අමතර විදුලිය ජාතික බලශක්ති ජාලයට ලබා දී මුදල් හෝ භාවිත විදුලි ඒකක සඳහා ගැලපුමක් ලබා ගත හැකිය.

එම අමතර විදුලිය සඳහා සේවා සපයන්නන් වෙතින් සූර්ය බලශක්ති ජනන ගාස්තුවක් අදාල නිවෙස්හිමියන්ට ලබා ගැනීමට හැකිය.

දැනට, මෙම යෝජනා ක්‍රමය නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය, දකුණු ඕස්ට්‍රේලියාව සහ වික්ටෝරියා යන ප්‍රාන්තවල ක්‍රියාත්මක වේ.

ෆෙඩරල් රජය පසුගිය වසරේ දී විදුලි බැටරි වැඩසටහනක් හඳුන්වා දුනි. එමඟින් නිවාස සහ ව්‍යාපාරවලට සියයට 30 ක වට්ටමක් සහිතව සුදුසුකම් ලත් කුඩා පරිමාණ විදුලි බැටරි ස්ථාපනය කිරීමට ඉඩ සලසයි.

බහු ඒකක (Apartments, Units) නිවාසවල පදිංචිකරුවන් සඳහා, ෆෙඩරල් රජය විසින් ප්‍රජා සූර්ය බැංකු වැඩසටහන හඳුන්වා දෙනු ලැබිණි. එය මහල් නිවාස ගොඩනැගිලිවල සූර්ය පැනල ස්ථාපනය කිරීමට සහාය වේ.

මෙම වැඩසටහන ප්‍රාන්ත ආණ්ඩු ආරම්භ කර ඇති ව්‍යාපෘති හරහා දැනුට ක්‍රියාත්මක වේ.

වර්තමානයේ, නිව් සවුත් වේල්ස්, බටහිර ඕස්ට්‍රේලියාව, වික්ටෝරියා, ACT, උතුරු භූමි ප්‍රදේශය සහ දකුණු ඕස්ට්‍රේලියාව මෙම වැඩසටහන ලබා දීම සඳහා ෆෙඩරල් රජය සමඟ හවුල් වී ඇත.

නිව් සවුත් වේල්ස්

ෆෙඩරල් රජයේ නිවාස විදුලි බැටරි වැඩසටහනට අමතරව, NSW රජය විසින් Virtual Power Plant Initiative හඳුන්වා දී ඇත. එමගින් NSW පදිංචිකරුවන්ට තමන්ගේ සූර්ය බැටරි කුඩා බලාගාරයක අකාරයෙන් ජාතික පද්ධතිය හා සම්බන්ධ කිරීම හා එමගින් ප්‍රතිලාභ ඉපයීමේ හැකියාව පවතියි.

කලින් මුදල් ගෙවා බැටරි ලබා ගත හැකි අතර ධාරිතාව ඉහළ බැටරි සඳහා විශාල දිරි දීමනාවක් ලැබේ.

ACT

නිවාස බලශක්ති ආධාරක වැඩසටහන යටතේ, සමහර නිවාස හිමියන් සූර්ය පැනල සඳහා පොලී රහිත ණය සඳහා සුදුසුකම් ලබන අතර, තවත් සමහරුන්ට වහල මත සූර්ය පැනල සැපයුමේ සහ ස්ථාපනය කිරීමේ මුළු පිරිවැයෙන් සියයට 50 ක වට්ටමක් හෝ ඩොලර් 2,500 ක් දක්වා ලබා ගැනීමට සුදුසුකම් ලැබිය හැකිය.

ක්වීන්ස්ලන්තය

පසුගිය වසරේ අගභාගයේදී ක්වීන්ස්ලන්ත රජය විසින් කුලී නිවැසියන් සඳහා සුපිරි ආරෝපණ සූර්ය බලශක්ති වැඩසටහන ප්‍රකාශයට පත් කරන ලද අතර, එමඟින් ප්‍රාන්තය පුරා කුලී දේපලවල සූර්ය පැනල පද්ධති ස්ථාපනය කිරීම සඳහා සුදුසුකම් ලත් ඉඩම් හිමියන්ට ඩොලර් 3,500 දක්වා වට්ටම් ලබා දෙන ලදී.

වික්ටෝරියා

වික්ටෝරියානු සූර්ය නිවාස වැඩසටහන මඟින් සූර්ය පැනල පද්ධති ස්ථාපනය කිරීම සඳහා ඩොලර් 1,400 දක්වා වට්ටමක් ලබා දේ.

කුලී නිවැසියන්ගේ ඒකාබද්ධ ආදායම වසරකට ඩොලර් 210,000 ට වඩා අඩු නම්, කුලී සපයන්නන්ට මූල්‍ය වර්ෂයකට උපරිම වශයෙන් කුලී දේපළ දෙකකට සූර්ය පැනල සවි කිරීම සඳහා ඩොලර් 1,400 ක් දක්වා වට්ටමක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

උතුරු මෙල්බර්න් හි කෝබර්ග්, බ්‍රන්ස්වික් සහ ග්ලෙන්රෝයි පදිංචිකරුවන් මෙරි-බෙක් කවුන්සිලයේ නිවාස බලශක්ති සහනාධාර වැඩසටහන සඳහා සූර්ය පැනල සහ ඒවා ස්ථාපනය කිරීම සඳහා ඩොලර් 3,000 ක් දක්වා සුදුසුකම් ලබයි.

දකුණු ඕස්ට්‍රේලියාව

ඇඩිලේඩ් නගරය, සූර්ය පැනල පද්ධතියේ ධාරිතාව අනුව, සහන කාඩ්පත් හිමියන්, කුලී නිවැසියන් සහ ප්‍රජා ගොඩනැගිලිවල ජීවත් වන පදිංචිකරුවන් සඳහා ඩොලර් 1,000 ත් 5,000 ත් අතර වට්ටමක් සඳහා තිරසාර දිරි දීමනා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරයි.

බටහිර ඕස්ට්‍රේලියාව

ෆෙඩරල් රජයේ නිවාස විදුලි බැටරි වැඩසටහනට අමතරව, බටහිර ඕස්ට්‍රේලියානු රජය 10KWh බැටරි අයදුම්කරුවෙකු සඳහා ඩොලර් 5,000 ත් 7,500 ත් අතර වට්ටමක් ලබා දෙයි.

විදුලි වාහන

විදුලි වාහන මිලදී ගැනීම සඳහා ආධාර සීමිතය.

ෆෙඩරල් රජය විසින් EV වාහන සඳහා ආන්තික ප්‍රතිලාභ බද්දෙන් (Fringe Benefits Tax) නිදහස් කිරීම අවසන් කර ඇති අතර, දැන් EV සඳහා දුර මත පදනම් වූ ජාතික මාර්ග පරිශීලක ගාස්තුවක් සලකා බලමින් සිටී.

ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත 2024 දී ඔවුන්ගේ ප්‍රාන්ත පාදක වට්ටම් අවසන් කළහ.

ACT

ඔස්ට්‍රේලියානු අගනුවර භූමි ප්‍රදේශයෙ හි තිරසාර නිවාස යෝජනා ක්‍රමයේ කොටසක් ලෙස, සුදුසුකම් ලත් පදිංචිකරුවන්ට විදුලි වාහනයක් සහ විදුලි වාහන ආරෝපණ යටිතල පහසුකම් මිලදී ගැනීම සඳහා ඩොලර් 2,000 සිට ඩොලර් 15,000 දක්වා ණයක් ලබා ගත හැකි අතර, ඒ සඳහා සියයට 3 ක පොලී අනුපාතයක් ඇත.

ඒ අනුව ඩොලර් 15,000 ට ගුණාත්මක පෙර භාවිත කළ EV රථයක් සොයා ගැනීමට ACT පදිංචිකරුවන්ට අවස්ථාව සැලසේ. මෙම යෝජනා ක්‍රමය මඟින් EV රථයක් සඳහා මූලික තැන්පතුව ලෙසත් අදාල ණය මුදල භාවිතා කිරීමට ඉඩ සලසා ඇත.

ව්‍යාපාර තම පරිශ්‍රයන්හි EV ආරෝපණ යටිතල පහසුකම් ස්ථාපනය කිරීම දිරිගැන්වීම සඳහා ACT රජය විසින් ව්‍යාපාරික විදුලි ආරෝපණ උපකරණ සඳහා වට්ටම් ද හඳුන්වා දෙන ලදී.

සුදුසුකම් ලත් ව්‍යාපාරවලට පිරිවැයෙන් සියයට 50 ක් දක්වා වට්ටම් ලබා ගත හැකි අතර, GST හැර උපරිම ඩොලර් 3,000 ක් දක්වා වට්ටම් ලබා ගත හැකිය.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now