Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රලියානුවන්ගේ සතියක වැටුප $1888ක් වෙලා. ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයේද කැපී පෙනෙන වෙනස්කම්

Preparing the food display

Owner getting ready the food display for the clients at a coffee shop. Credit: xavierarnau/Getty Images

ඕස්ට්‍රේලියාවේ වැඩකරන ජනතාවගේ ආදායමේ එනම් සතිපතා ලැබෙන වැටුපේ ප්‍රබල වර්ධනයක් දක්නට ඇති බව වාර්තා වේ. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ Average Weekly Earnings, Australia වාර්තාව පසුගියාදා එළිදක්වා ඇත. මෙහිදී පසුගිය වසරේ නොවෙම්බර් මාසයේ දත්ත ඉදිරිපත් කරමින් වැටුප් වර්ධනයන් මෙන්ම වැඩිම වැටුප් ලබන රැකියා ක්ෂේස්ත්රයන් පිලිබඳ දත්ත ඇතුළු සුවිශේෂ දත්ත සමූහයක් එලි දක්වා ඇත.


පසුගියදා වාර්තා වුනු දත්ත වලට අනුව නොවෙම්බර් මසයෙදී ඔස්ට්‍රෙලියානුවකුගේ සතියක ආදායම $1,888.80 වී ඇති බව පෙන්වා දේ.

2009 න් පසු වාර්තාවන ඉහලම වාර්ෂික වැටුප් වැඩිවීම 2023 වසරේ වාර්තා කර තිබෙනවා
Bjorn Jarvis- ABS

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ කම්කරු සංඛ්යාලේඛන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන Bjorn Jarvis පෙන්වා දෙන්නේ මෙය වාර්ෂිකව 4.5% ක වැටුප් වැඩිවීමක් ලෙසයි. එනම් මෙය සතියකට $81 ක වැඩිවීමක් වේ. මේඅතර මෙය 2013 වසරේ මැයි මාසයෙන් පසු වාර්තා උණු ඉහලම වැටුප් වැඩිවීම බවද ඔහු වැඩි දුරටත් පවසා සිටී. 2023 දෙසැම්බර් කාර්තුවේ වැටුප් පිලිබඳ දර්ශකය එනම් Wage Price Index එක සියයට 4.2 කින් ඉහළ යාමත් සමඟ මෑතකාලීනවව සේවකයින්ගේ ඉපැයීම්වල ඉතා ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරයි. මෙය 2009 මාර්තු කාර්තුවෙන් පසු වැටුප් වර්ධනයේ සිදු වූ ඉහළම වාර්ෂික වැඩිවීම ලෙස සටහන් වේ.

මෙහිදී පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම 4.4% වන අතර රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම 4.9% වේ.

ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයේ කැපීපෙනෙන වෙනස් කම්

මේ අතර ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයේ කැපීපෙනෙන වෙනස් කම් සිදුවෙමින් පවතී. මෙහිදී පූර්ණ කාලීන රැකියාවේ නිරත අයගේ සතියක ආදායම සලකා බලා ඇති අතර එහිදී ඉහිහාසයේ වාර්තාවන අඩුම ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය වාර්තා කර තිබේ. මෙම ප්‍රවණතාව දිගින් දිගටම පසුගිය කාලයේ දැකගත හැකිවූ අතර පූර්ණකාලීන සේවයේ නියුතු කාන්තාවන්ගේ වැටුප් වර්ධනය මෙසේ වැටුප් පරතරය අඩුවීමට ප්‍රධාන හේතුවක් ලෙස පෙනෙන්නට ඇත. පසුගිය මාස හය තුල 3.5% වැටුප් වර්ධනය පූර්ණකාලීන සේවයේ නිරත කාන්තාවන්ගේ දක්නට ලැබී තිබේ. මෙහිදී පූර්ණකාලීන පිරිමි සේවකයන්ගේ වැටුප් වැඩිවීම පෙන්නුම් කර තිබෙන්නේ 2.3% ක් ලෙසයි.

Average weekly ordinary time earnings, full-time adults, seasonally adjusted.png

 

වැඩිම වැටුප් උපයන ක්ෂේස්ත්රයන් මොනවද කියල අපි දැන් බලමු.

මෙහිදී ඕස්ට්‍රේලියාවේ Mining industry එක එනම් පතල් කර්මාන්තය ඉහලම වැටුප් වාර්තා කර තිබේ. මෙහි සේවකයකුගේ සතියක වැටුපෙහි සාමන්‍යය $2,952ක් ලෙස වාර්තා වේ. මෙහි පූර්ණ කාලීන පිරිමි සේවකයකුගේ වැටුප $3049 වන අතර කාන්තාවන්ගේ සතිය වැටුප් සාමාන්‍යය $2568ක් ලෙස වාර්තා වේ.

මෙම වාර්තාවට අනුව දෙවන ස්ථානය හිමිකරගෙන තියෙන්නේ මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේස්ත්‍ර වේ. මෙම ක්ෂේස්ත්‍රයේ පූර්ණ කාලීන සේවකයකුගේ සතියක වැටුප් සාමන්‍යය $2406 ලෙස වාර්තා වේ. තෙවන ස්ථානයට පත්වී තිබෙන්නේ විද්‍යාත්මක සහ තාක්ෂණික සේවා අංශයයයි. එහිදී සේවකයකුගේ සතියක වැටුප් සාමාන්‍ය $2223ක් වේ.

Average weekly ordinary time earnings, full-time adults by industry, original.png

මෙහිදී අවම වැටුප් ලබන ක්ෂේස්ත්රයන් ලෙස නවාතැන් සහ ආහාර සේවා අංශය සහ සිල්ලර වෙළඳාම් ක්ෂේස්ත්‍රය වාර්තා වේ. නවාතැන් සහ ආහාර සේවා අංශයේ සේවකයකුගේ සතියක වැටුප් සාමාන්‍යය $1397 වන අතර සිල්ලර වෙළඳාම් ක්ෂේස්ත්‍රයේ සේවක වැටුප සතියකට $1435 ලෙස වාර්තා වේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now