පසුගියදා වාර්තා වුනු දත්ත වලට අනුව නොවෙම්බර් මසයෙදී ඔස්ට්‍රෙලියානුවකුගේ සතියක ආදායම $1,888.80 වී ඇති බව පෙන්වා දේ.
2009 න් පසු වාර්තාවන ඉහලම වාර්ෂික වැටුප් වැඩිවීම 2023 වසරේ වාර්තා කර තිබෙනවාBjorn Jarvis- ABS
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ කම්කරු සංඛ්යාලේඛන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන Bjorn Jarvis පෙන්වා දෙන්නේ මෙය වාර්ෂිකව 4.5% ක වැටුප් වැඩිවීමක් ලෙසයි. එනම් මෙය සතියකට $81 ක වැඩිවීමක් වේ. මේඅතර මෙය 2013 වසරේ මැයි මාසයෙන් පසු වාර්තා උණු ඉහලම වැටුප් වැඩිවීම බවද ඔහු වැඩි දුරටත් පවසා සිටී. 2023 දෙසැම්බර් කාර්තුවේ වැටුප් පිලිබඳ දර්ශකය එනම් Wage Price Index එක සියයට 4.2 කින් ඉහළ යාමත් සමඟ මෑතකාලීනවව සේවකයින්ගේ ඉපැයීම්වල ඉතා ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරයි. මෙය 2009 මාර්තු කාර්තුවෙන් පසු වැටුප් වර්ධනයේ සිදු වූ ඉහළම වාර්ෂික වැඩිවීම ලෙස සටහන් වේ.
මෙහිදී පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම 4.4% වන අතර රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම 4.9% වේ.
ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයේ කැපීපෙනෙන වෙනස් කම්
මේ අතර ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයේ කැපීපෙනෙන වෙනස් කම් සිදුවෙමින් පවතී. මෙහිදී පූර්ණ කාලීන රැකියාවේ නිරත අයගේ සතියක ආදායම සලකා බලා ඇති අතර එහිදී ඉහිහාසයේ වාර්තාවන අඩුම ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය වාර්තා කර තිබේ. මෙම ප්‍රවණතාව දිගින් දිගටම පසුගිය කාලයේ දැකගත හැකිවූ අතර පූර්ණකාලීන සේවයේ නියුතු කාන්තාවන්ගේ වැටුප් වර්ධනය මෙසේ වැටුප් පරතරය අඩුවීමට ප්‍රධාන හේතුවක් ලෙස පෙනෙන්නට ඇත. පසුගිය මාස හය තුල 3.5% වැටුප් වර්ධනය පූර්ණකාලීන සේවයේ නිරත කාන්තාවන්ගේ දක්නට ලැබී තිබේ. මෙහිදී පූර්ණකාලීන පිරිමි සේවකයන්ගේ වැටුප් වැඩිවීම පෙන්නුම් කර තිබෙන්නේ 2.3% ක් ලෙසයි.

වැඩිම වැටුප් උපයන ක්ෂේස්ත්රයන් මොනවද කියල අපි දැන් බලමු.
මෙහිදී ඕස්ට්‍රේලියාවේ Mining industry එක එනම් පතල් කර්මාන්තය ඉහලම වැටුප් වාර්තා කර තිබේ. මෙහි සේවකයකුගේ සතියක වැටුපෙහි සාමන්‍යය $2,952ක් ලෙස වාර්තා වේ. මෙහි පූර්ණ කාලීන පිරිමි සේවකයකුගේ වැටුප $3049 වන අතර කාන්තාවන්ගේ සතිය වැටුප් සාමාන්‍යය $2568ක් ලෙස වාර්තා වේ.
මෙම වාර්තාවට අනුව දෙවන ස්ථානය හිමිකරගෙන තියෙන්නේ මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේස්ත්‍ර වේ. මෙම ක්ෂේස්ත්‍රයේ පූර්ණ කාලීන සේවකයකුගේ සතියක වැටුප් සාමන්‍යය $2406 ලෙස වාර්තා වේ. තෙවන ස්ථානයට පත්වී තිබෙන්නේ විද්‍යාත්මක සහ තාක්ෂණික සේවා අංශයයයි. එහිදී සේවකයකුගේ සතියක වැටුප් සාමාන්‍ය $2223ක් වේ.






