Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක් 2023 වසර සඳහා ලොව ජීවත්වීමට සුදුසුම නගර 10 අතරට පැමිණෙයි

Melbourne is the 3rd most liveable city in the world in 2023
Melbourne is the 3rd most liveable city in the world according to the June 2023 liveability survey by the Economist Intelligence Unit (EIU). Source: Supplied

ඔස්ට්‍රේලියාවේ නගර හතරක් 2023 වසර සඳහා ලොව ජීවත්වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කිරීම් වල ඉහළටම පැමිණ තිබේ.


Published

Updated

By Athini Amarasiri, Madeleine Wedesweiler

Presented by Athini Amarasiri

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නගර හතරක් 2023 වසර සඳහා ලොව ජීවත්වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කිරීම් වල ඉහළටම පැමිණ තිබේ.


Key points

  • මෙල්බර්න් යනු ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර වලින් තුන්වන නගරය වන අතර සිඩ්නි නගරය සිව්වන ස්ථානයේ පසුවේ.
  • පර්ත් සහ ඇඩිලේඩ් ද සැලකිය යුතු ලෙස මෙම ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණ තිබේ.

ලෝකයේ වඩාත්ම ජීවත්විය හැකි නගර ශ්‍රේණිගත කිරීම Economist Intelligence Unit (EIU) විසින් නිකුත් කරනු ලබයි.

Economist Intelligence Unit යනු ලොව පුරා රටවල් සදහා ආර්ථික පුරෝකථන සහ උපදේශ සපයන Economist group ආයතනයේ පර්යේෂණ හා විශ්ලේෂණ අංශයයි.

Economist Intelligence Unit (EIU) විසින් 2023 වසරේ ජූනි මස සිදු කරන ලද ජීවත් වීමට උචිත බව මැන බලන සමීක්ෂණයට අනුව "ජීවත්වීමට සුදුසුම නගරය" වීමේ වසර ගණනක සටනේදී, මෙවර Melbourne නගරය විසින් Sydney නගරය එක් ශ්‍රේණිගත කිරීමකින් පරාජය කිරීමට සමත් වී තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරය ඔස්ට්‍රියාවේ වියානා නගරයට සහ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයට පසුව තෙවැනි ස්ථානයට පැමිණි අතර සිඩ්නි නගරයද ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණ හතරවැනි ස්ථානයට පත් ව තිබේ.

පසුගිය වසරේ මෙම ශ්‍රේණිගත කිරීමේදී මෙල්බර්න් දසවන ස්ථානයේ පැවති අතර සිඩ්නි 13 ස්ථානයේ පසු විය. ඊට හේතු වූයේ COVID-19 සීමා කිරීම් ඉවත්කිරීමේ මන්දගාමී බව සහ ආතතියට ලක් වූ සෞඛ්‍ය සේවා පද්ධතියයි.

නමුත් මේ වන විට මෙල්බර්න් සහ සිඩ්නි නගර වල වැඩි දියුණු කළ සෞඛ්‍ය සේවාවක් පැවතීම මෙවර එම නගර දෙක ශ්‍රේණිගත කිරීමේ ඉහළ යාමට හේතු වී තිබේ.

අනෙකුත් ඇතැම් ඔස්ට්‍රේලියානු නගරද පසු ගිය ශ්‍රේණිගත කිරීම් හා සැසදීමේදී විශාල ලෙස ඉදිරියට පියවර තබා තිබේ.ඒ අතර පර්ත් නගරය ස්ථාන 21කින් ඉදිරියට ගොස් 12 වැනි ස්ථානයට පත් ව ඇති අතර ඇඩිලේඩ් නගරයද ස්ථාන 19කින් ඉදිරියට ගොස් 12 වැනි ස්ථානයට පත් ව තිබේ

කැනඩාවේ නගර තුනක්, ස්විට්සර්ලන්තයේ නගර දෙකක් සහ ජපානයේ ඔසාකා නගරයද සහ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයද මෙවර ලොව ජීවත් වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කිරීමේ හොඳම නගර 10 අතර වේ.

A graph depicting the top 10 most liveable cities globally according to a survey by the Economist Intelligence Unit.
A graph depicting the top 10 most liveable cities globally in 2023 according to a survey by the Economist Intelligence Unit. Source: SBS

මෙම සමීක්ෂණය මගින් ලොව පුරා නගර 173 ක ස්ථාවරත්වය, සෞඛ්‍ය සේවා, සංස්කෘතිය, පරිසරය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් වැනි සාධක තක්සේරු කර තිබේ.

නමුත් එහිදී එම නගර වල දැරිය හැකි මිලකට නිවසක් ලබා ගත හැකිද යන්න තක්සේරු කර නොමැත.

මෙහිදී සෑම නගරයකටම දර්ශක 100ක එකතුවකින් ලකුණු ලබා දී තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ ආසියානු කලාපයේ නගර පසුගිය වසර වලට වඩා ස්ථාන ගණනාවක් ඉහළට ගමන් කරමින් ලොව අනෙකුත් නගර වලට වඩා මෙවර ශ්‍රේණිගත කිරීමේ දී සැලකිය යුතු ජයග්‍රහණයක් ලබා ගෙන ඇත.

කම්කරු වැඩ වර්ජන, සිවිල් සමාජයේ නොසන්සුන්තා සහ ජීවන වියදම ඉහළ යාම හා බැඳුනු අපරාධ වැඩිවීම නිසා ස්ථායිතාවයේ පහත වැටීම හේතුවෙන් බොහෝ බටහිර යුරෝපීය නගර මෙවර ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටී තිබෙන බවයි දක්නට ලැබේ.

උද්ධමනය ඉහළ යාමත් සමග ඉන්ධන සහ භාණ්ඩ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම නොසන්සුන්තාවය තවදුරටත් වැඩි විය හැකි බව සඳහන් කරන Economist Intelligence Unit ගෝලීය ස්ථාවරත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි ඔවුන් අපේක්ෂා නොකරන බව කියා සිටී.

—————————————————————————————————————————-

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

—————————————————————————————————————————-

ස්කොට්ලන්තයේ එඩින්බරෝ සහ ස්වීඩනයේ ස්ටොක්හෝම් නගර දෙක පිළිවෙළින් ස්ථාන 23ක් සහ 22ක් ලෙස මෙම ශ්‍රේණිගත කිරීම්වල වඩාත් දරුණතම පහත වැටීම් වලට ලක් ව තිබේ.

එමෙන්ම එංගලන්තයේ මැන්චෙස්ටර් සහ ලන්ඩන් මෙන්ම ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ සැන්ඩියාගෝ යන නගර දෙකද මෙවර ශ්‍රේණිගත කිරීමේදී සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

මෙම නගර කිසිවක් ඔවුන්ගේ දර්ශක ලකුණුවල විශේෂ තියුනු පහත වැටීමක් නොපෙන්වන නමුත් අනෙකුත් බොහෝ නගර, විශේෂයෙන්ම ආසියාවේ ඇතැම් නගර පසුගිය වසර තුළ ලබා ගත් වාසිය ලබා ගැනීමට ඔවුන් අපොහොසත් වී ඇති බව Economist Intelligence Unit විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

යුද්ධයෙන් විනාශ වූ යුක්රේනයේ අගනුවර වන Kyiv නගරය ලොව ජීවත්වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කිරීමේ පහළම ස්ථාන 10 හි සිටින නමුත් එය ශ්‍රේණිගත කිරීමේ පහළම නගරය බවට පත්වී නොමැත.

මෙම ශ්‍රේණිගත කිරීමේ පහළම නගරය වන්නේ සමාජ නොසන්සුන්තාව, ත්‍රස්තවාදය සහ ගැටුම් හේතුවෙන් ගෝලීය ශ්‍රේණිගත කිරීම් වල පසුබෑමට ලක්ව ඇති සිරියාවේ ඩැමස්කස් නගරයයි.

ග්‍රීසියේ ට්‍රිපොලි, ඇල්ජීරියාවේ අල් ජසාර් , නයිජීරියාවේ ලාගෝස් සහ පාකිස්ථානයේ කරච්චි යන නගර සෞඛ්‍ය ආරක්ෂණය සහ ස්ථාවරත්වය පිළිබඳ අඩු ලකුණු හේතුවෙන් මෙම ශ්‍රේණිගත කිරීමේ අවසන් නගර 5 අතරට පැමිණ තිබේ.

රුසියාවේ ආක්‍රමණයෙන් පසු 2022 සමීක්ෂණයට Kyiv නගරය ඇතුළත් නොවූ අතර, එහි යටිතල පහසුකම් සහ ස්ථාවරත්වයට දැඩි ලෙස හානි වී ඇති බව මෙවර සමීක්ෂණයෙන් පෙන්වා දේ.

මෙල්බර්න් නගරය 2011 සිට වසර හතක් පුරා ලොව ජීවත්වීමට සුදුසුම නගරය යන විරුදාවලිය දරමින් සිටි අතර එය 2018 දී ඔස්ට්‍රියාවේ අගනුවර වන වියානා නගර විසින් හිමි කර කර ගනු ලැබීය.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now