ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් නිසා ඕස්ට්‍රේලියාව ළදරු මරණ අවදානමක

A pregnant woman in a ribbed maroon dress, cradling her belly with both hands / Illustration of Treponema pallidum bacteria, which causees syphilis

A pregnant woman in a ribbed maroon dress, cradling her belly with both hands / Illustration of Treponema pallidum bacteria, which causees syphilis Source: Getty, AAP / ROBERT BROOK/SCIENCE PHOTO LIBRA/Getty Images/Science Photo Libra / AAP - Jane Dempster

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් නිසා ඔස්ට්‍රේලියාව ළදරු මරණ අවදානමකට මුහුණ දී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මයිකල් කිඩ් විසින් සිෆිලිස් රෝග තත්ත්වය Communicable Disease Incident of National Significance (CDINS) හෙවත් ජාතික මට්ටමේ අවධානයක් හිමි විය යුතු බෝ වන රෝගයක් ලෙස නම් කළා. සිංහල භාෂාවෙන් උපදංශය ලෙස හඳුන්වන්නේ මෙම රෝගී තත්ත්වයයි. මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන සිෆිලිස් ප්‍රභේදය වන congenital syphilis තත්ත්වය නිසා 2016වසරේ සිට ළදරු මරණ සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.


සිෆිලිස් යනු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (STI) වන අතර එය ප්‍රතිකාර නොකළහොත් බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කරනවා. Primary syphilis, Secondary syphilis, Latent syphilis, Tertiary syphilis යනුවෙන් එම රෝගී තත්ත්වයේ අදියර 4ක් තිබෙනවා.

සිෆිලිස් ඇති බොහෝ දෙනෙකුට කිසිදු රෝග ලක්ෂණයක් පෙනෙන්නේ නැහැ. සමහර විට වෛද්‍යවරුන්ට පවා එය මග හැරිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. රෝග ලක්ෂණ රෝගයේ අවධිය මත රඳා පවතිනවා.

ප්‍රාථමික අවධියේදී, මුඛය, ලිංගාශ්‍රිතව හෝ ගැබ්ගෙල වැනි ස්ථානවල වේදනා රහිත තුවාල දැකීමට පුළුවන්. දෙවන අදියරේදී, රෝග ලක්ෂණ අතර අත්, පාද, පපුව හෝ පිටුපස රතු පැහැති ආසාදන තත්ත්වයක්, උණ, හිසකෙස් ගිලිගිම, හිසරදය සහ වෙහෙසකර බවක් දැනීම ඇතුළත් විය හැකියි. තෙවන අදියරේ දී සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නොමැති වුවත් ආසාදනය ශරීරය තුළ පවතිනවා. ප්‍රතිකාර නොකළහොත්, එය අවසාන අවධිය දක්වා වර්ධනය විය හැකි අතර, එහිදී ශරීරයේ බොහෝ කොටස්වලට හානි ඇති වී බරපතල රෝගාබාධ ඇති වීමේ හැකියාව තිබෙනවා.

සිෆිලිස් රෝගය සහිතව උපදින දරුවන්ගේ කුෂ්ඨ, ඉදිමුණු අවයව, රක්තහීනතාව, අස්ථි සහ සන්ධි ගැටළු, මොළයේ සහ ස්නායු ගැටළු, වර්ධනය ප්‍රමාද වීම, සහ වලිප්පුව දැකිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ප්‍රතිකාර නොකළහොත් සිෆිලිස් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බව වෛද්‍ය නිලධාරි මයිකල් කිඩ් පවසනවා. එහි දී විශේෂයෙන් ගර්භනී පුද්ගලයන් සහ ඔවුන්ගේ ළදරුවන්ගේ තත්ත්වය ඔහු විසින් අවධාරණය කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, සිෆිලිස් රෝගයට HIV ආසාදනය වීමේ අවදානම වැඩි කළ හැකි අතර වෙනත් දරුණු රෝග ඇති කළ හැකි වනවා. එමෙන් ම සිෆිලිස් අවසන් අදියර මාරාන්තික විය හැකි බව ද කියා සිටිනවා.

සිෆිලිස් යනු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් වන අතර එය ලිංගාශ්‍රිත හෝ මුඛ සංසර්ගය අතරතුර අනාරක්ෂිතව වන ස්පර්ශ වීමකින් සිදු වනවා . එය ගර්භනී පුද්ගලයෙකුගෙන් දරුවාට ද සම්ප්‍රේෂණය විය හැකි අතර එමඟින් බරපතල සෞඛ්‍ය ගැටළු ඇති වනවා. මෙය සමහර අවස්ථාවල ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය තවකෙකුගේ සිරුරට ඇතුල් වීමෙන් ද සිදු විය හැකි වනවා.

සිෆිලිස් නිට්ටාවටම සුව කළ හැකි රෝගී තත්ත්වයක් වනවා. සිෆිලිස් රෝගය කලින් හඳුනාගත හොත් එය වළක්වා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට පහසු වන අතර, කල් ඇතිව පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම මගින් ළදරුවන්ට එය බලපාන ආකාරය සම්පූර්ණයෙන්ම නැවැත්විය හැකි බව වෛද්‍ය නිලධාරි මයිකල් කිඩ් කියා සිටියා.

සිෆිලිස් සඳහා එන්නතක් නැහැ. නමුත් ආරක්ෂිත ලිංගික හැසිරීම් වල යෙදීමෙන් එම තත්ත්වය වළක්වා ගත හැකි බව Healthdirect සේවය පවසනවා.

2024 දී, ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ට සිෆිලිස් අනුපාතය අනෙක් ප්‍රජාවට වඩා සත් ගුණයකින් අධිකව පැවතුණා. අනෙකුත් අධි අවදානම් කණ්ඩායම්වලට සමරිසි පුරුෂයන්, දරු ප්‍රසූත වයසේ සිටින කාන්තාවන් සහ අවුට්බැක් වැනි ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන පුද්ගලයින් ඇතුළත් වනවා.

Source: SBS


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now