Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වැඩි පිරිසකට Age Pension, Carer Payment සහ DSP ප්‍රතිලාභ ලබා දෙමින් වත්කම් සීමා ඉහළ ගියේ මෙහෙමයි

Senior couple using laptop while working on home budget

Senior couple using laptop while working on home budget Credit: triloks/Getty Images

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට ඇතැම් රජයේ ගෙවීම් හෝ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔබ සතු දේපළ සහ ඉතිරිකිරීම් වැනි වත්කම්වල අගය යම්කිසි මුදල් සීමාවකට යටත් විය යුතු වනවා. මෙම සීමාව වත්කම් සීමාවක් හෙවත් asset limit එකක් වශයෙන් හඳුන්වනවා. මෑතක සිදු වූ වත්කම් සීමාවේ ඉහළ යාම් නිසා පෙරට වඩා වැඩි පිරිසකට පූර්ණ හෝ අර්ධ වශයෙන් Age Pension, Carer Payment හෝ Disability Support Pension ප්‍රතිලාභ ලැබීමට හැකියාව ලැබෙන බව Services Australia වෙබ් අඩවිය සඳහන් කරනවා. මේ කෙටි පොඩ්කාස්ට් විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට ඇතැම් රජයේ ගෙවීම් හෝ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔබ සතු දේපළ සහ ඉතිරිකිරීම් වැනි වත්කම්වල අගය යම්කිසි මුදල් සීමාවකට යටත් විය යුතු වනවා. මෙම සීමාව වත්කම් සීමාවක් හෙවත් asset limit එකක් වශයෙන් හඳුන්වනවා. මෑතක සිදු වූ වත්කම් සීමාවේ ඉහළ යාම් නිසා පෙරට වඩා වැඩි පිරිසකට පූර්ණ හෝ අර්ධ වශයෙන් Age Pension, Carer Payment හෝ Disability Support Pension ප්‍රතිලාභ ලැබීමට හැකියාව ලැබෙන බව Services Australia වෙබ් අඩවිය සඳහන් කරනවා. මේ කෙටි පොඩ්කාස්ට් විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Asset limits යටතට එන වත්කම්වලට ඔබ පූර්ණව සහ අර්ධ වශයෙන් හිමිකම් කියන වත්කම් මෙන් ම නෛතික හෝ මූල්‍යමය අයිතියක් ඇති වත්කම් ද ඇතුළත් වනවා.

Services Australia වෙතින් කොපමණ මුදලක් ඔබ වෙත ලැබෙනවා ද යන්න කරුණු 3ක් මත රඳා පවතිනවා. ඒවා නම් ඔබේ වත්කම්වල මුළු වටිනාකම, ඔබ ජීවත් වන නිවසේ හිමිකරු ඔබ ද යන කාරණය සහ ඔබට සහකරුවෙකු සිටී ද යන්නයි.

Age Pension යටතේ පූර්ණ ප්‍රතිලාභය ලැබීම

ඔබගේ පසුබිමනිවසක් හිමිනිවසක් අහිමි
අවිවාහක$321,500$579,500
විවාහක හෝ එකට වෙසෙන$481,500 (ඒකාබද්ධ වත්කම)$739,500 (ඒකාබද්ධ වත්කම)

* Age Pension ප්‍රතිලාභය යටතේ අර්ධ කාලීනව සහ පැරණි නීතිවලට අනුකූල transitional rate අගයක් ලබන අය වෙත වෙනස් සීමා බලපැවැත්වෙනවා. මෙම සීමා වෙනස් වන ආකාරය Services Australia වෙබ් අඩවියට පිවිසීමෙන් දැකබලා ගැනීමට පුළුවන්.

Carer Payment යටතේ පූර්ණ ප්‍රතිලාභය ලැබීම

ඔබගේ පසුබිමනිවසක් හිමිනිවසක් අහිමි
අවිවාහක$321,500$579,500
විවාහක හෝ එකට වෙසෙන$481,500 (ඒකාබද්ධ වත්කම)$739,500 (ඒකාබද්ධ වත්කම)

* Carer Payment ප්‍රතිලාභය යටතේ අර්ධ කාලීනව සහ පැරණි නීතිවලට අනුකූල transitional rate අගයක් ලබන අය වෙත වෙනස් සීමා බලපැවැත්වෙනවා. මෙම සීමා වෙනස් වන ආකාරය පිළිබඳ දැනුවත් වීම සඳහා Services Australia වෙබ් අඩවියට පිවිසෙන්න.

Disability Support Pension ප්‍රතිලාභය යටතේ පූර්ණ ප්‍රතිලාභය ලැබීම

ඔබගේ පසුබිමනිවසක් හිමිනිවසක් අහිමි
අවිවාහක$321,500$579,500
විවාහක හෝ එකට වෙසෙන$481,500 (ඒකාබද්ධ වත්කම)$739,500 (ඒකාබද්ධ වත්කම)

* Disability Support Pension ප්‍රතිලාභය යටතේ අර්ධ කාලීනව, පැරණි නීතිවලට අනුකූල transitional rate අගයක් ලබන අය වෙත සහ වයස අවුරුදු 21ට අඩු- දරුවන් නොමැති අය වෙත වෙනස් සීමා බලපැවැත්වෙනවා. මෙම සීමා වෙනස් වන ආකාරය පිළිබඳ Services Australia වෙබ් අඩවිය සවිස්තරාත්මකව සඳහන් කරනවා.

මෙම පොඩ්කාස්ට් විශේෂාංගය Services Australia වෙබ් අඩවියේ පළ වූ ලිපියක් අනුසාරයෙන් නිර්මාණය කර ඇත.

Source: Services Australia

——————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now