Type 2 Diabetes අවදානම, හදවත් සහ පරිවෘත්තිය ක්‍රියා ආශ්‍රිත පරීක්ෂාවන් මේ සතියේ නොමිලයේ ළඟම ෆාමසියෙන්

Healthy eating for blood glucose control concept

Healthy eating for blood glucose control concept. High resolution 42Mp studio digital capture taken with SONY A7rII and Zeiss Batis 40mm F2.0 CF lens Source: Getty / fcafotodigital/Getty Images

ජූලි 13වන දා සිට 19වන දා දක්වා ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතිය පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානුවන්ට දැන් ප්‍රයිස්ලයින් ෆාමසියකට ගොස් නොමිලයේ සෞඛ්‍ය පරීක්ෂාවක් කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා. දෙවන ඛාණ්ඩයේ දියවැඩියාව හෙවත් Type 2 Diabetes වැළැක්වීමේ ප්‍රයත්නයට සහායක් ලබා දීම මෙහි අරමුණයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.


ප්‍රයිස්ලයින් ෆාමසි 300කට අධික ප්‍රමාණයක නොමිලයේ සිදු කෙරෙන මේ සෞඛ්‍ය පරීක්ෂාවන් Digital Health Station නමැති උපාංග භාවිත කරමින් තනිවම කරගැනීමට හැකියාව තිබෙනවා. මෙම පරික්ෂා මගින් Type 2 Diabetes අවදානම මෙන් ම හදවත් සහ පරිවෘත්තිය ක්‍රියා ආශ්‍රිත පරීක්ෂාවන් ද විනාඩි 5ක් වැනි කෙටි කාලයකින් කර ගැනීමට පුළුවන්. එමෙන් ම එහි ප්‍රතිඵල ද ඉතා ඉක්මනින් ලබා දෙනවා. Diabetes Australia සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි ජස්ටීන් කේන් පවසන්නේ මේ මගින් ජීවිත දහස් ගණනක් බේරා ගැනීමටත් සෞඛ්‍ය පද්ධතිය මත ඇති පීඩනය අඩු කිරීමටත් හැකියාව ඇති බවයි.

ඕස්ට්‍රේලියානුවන් මිලියන 1.3ක ප්‍රමාණයක් Type 2 Diabetes සමඟ ජීවත් වන බවත්, තවත් මිලියන භාගයක් රෝග නිර්ණයක් නොලබා එම තත්ත්වයෙන් පෙළෙන බවත්, තවත් මිලියන 2ක ප්‍රජාවක් රෝගය වැළඳීම සඳහා ඉහළ අවදානමකින් ජීවත් වන බවත් ඇය කියා සිටියා. සරලව නොමිලයේ කෙරෙන සෞඛ්‍ය පරීක්‍ෂණවලින් හෘදයාබාධ හෝ ආඝාත වැනි බරපතල තත්ත්ව වළක්වා ගැනීමට උපකාරී වන බව ඇය අවධාරණය කරනවා.

වර්තමානයේ සහ අනාගතයේදී ඕස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා දියවැඩියාව වැළැක්වීම, මුල් රෝග විනිශ්චය සහ සංකූලතා වළක්වා ගැනීමේ වැදගත්කම කෙරෙහි ජාතික දියවැඩියා සතිය අවධානය යොමු කරන බව ඇය තවදුරටත් පවසා සිටියා.

ප්‍රයිස්ලයින් ෆාමසි ජාලයේ කළමනාකාරිනියක වන මෙල් ගැනොන් පවසන්නේ ෆාමසියක් යනු මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි, සෞඛ්‍ය අංශයේ වැදගත් මෙහෙවරක් ඉටු කරන්නෙකු බවයි.

සිඩ්නි නුවර ආරක්ෂක විශ්ලේෂකයෙකු ලෙස සේවය කරන 34 හැවිරිදි ලී චින්ප්‍රහස්ට් වසර පහකට පෙර අධික වෙහෙසට පත් වීම නිසා තම වෛද්‍යවරයා හමුවීමට ගොස් තිබෙනවා. සාමාන්‍ය රුධිර පරීක්ෂණයකින් ඔහුට Type 2 Diabetes ඇති බවත්, පසු පරීක්ෂණවලින් අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ඇති බවත් හෙළි වී තිබෙනවා. ලී රෝග විනිශ්චය අපේක්ෂා නොකළ නමුත් කලින් හඳුනා ගැනීම නිසා ඔහුට එම තත්ත්වය පාලනය කර ගැනීමට උපකාරී වුණා. ඖෂධ, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ව්‍යායාම මගින් දැන් ඔහුගේ තත්ත්වය කළමනාකරණය කර ඇති අතර, කලින් පරීක්ෂණ කිරීමේ වැදගත්කම සහ රෝගය වැළැක්වීම වෙනුවෙන් පෙනී සිටිනවා. ඔබේ සෞඛ්‍ය තත්ත්වය දැන ගැනීම පළමු වැදගත් පියවර බව ඔහු අවධාරණය කරනවා.

දියවැඩියාව නිසා සෞඛ්‍ය පද්ධතියට වාර්ෂිකව ඩොලර් බිලියන 9.1ක් පමණ වැය වන බව Diabetes Australia හෙළි කිරීමෙන් පසුව මෙම සෞඛ්‍ය පරීක්ෂණ වැඩසටහන ආරම්භ වුණා. එම වියදම පෙර කළ ඇස්තමේන්තුවලට වඩා තුන් ගුණයකින් පමණ වැඩි බව වාර්තා වනවා.

Diabetes Australia නව විශ්ලේෂණයක් විසින් ඕස්ට්‍රේලියාවේ Type 2 Diabetes තත්ත්වයේ බරපතලකම පෙන්වා දෙනවා.

ඒ අනුව සෑම මිනිත්තු 8කට වරක් යමෙකු Type 2 Diabetes රෝග විනිශ්චයක් ලබන බවත්, කිසිවක් වෙනස් නොවන්නේ නම්, 2050 වන විට ඕස්ට්‍රේලියානුවන් මිලියන 3.2ක් දක්වා ප්‍රමාණයකට Type 2 Diabetes වැළඳිය හැකි බවත් ජස්ටීන් කේන් පවසනවා. සියලුම රෝගී තත්ත්වයන් වළක්වා ගත නොහැකි වුවද, හැකි සෑම තැනකම දැඩි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බව ඇය අවධාරණය කරනවා. බොහෝ අය ආඝාතය, හෘද රෝග සහ පෙනීම නැතිවීම වැනි බරපතල සංකූලතාවන්ට මුහුණ දෙන බැවින්, මෙම ගැටලු වළක්වා ගැනීමට ද වැඩි උත්සාහයක් අවශ්‍ය බව ඇය අනතුරු අඟවා සිටියා.

පියයුරු පිළිකා සහ මෙලනෝමා වැනි රෝග වැළැක්වීමේදී ඕස්ට්‍රේලියාව ප්‍රගතියක් ලබා ඇතත්, දියවැඩියාවට එම අවධානය ලැබී නොමැති බව ජස්ටීන් කේන් පවසනවා.

Type 2 Diabetes වැළැක්වීමේදී ඕස්ට්‍රේලියාව අනෙකුත් රටවලට වඩා පිටුපසින් සිටින බවත් ශක්තිමත්, සම්බන්ධීකරණය කරන ලද මහජන සෞඛ්‍ය සැලැස්මක් අවශ්‍ය බවත් ඇය පවසනවා.

මෙම සැලැස්මට අධ්‍යාපනික වැඩමුළු, පැහැදිලි ආහාර ලේබල්, පාසල් වැඩසටහන්, වැළැක්වීමේ සහ මූලික ප්‍රතිකාර සේවා සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ඇතුළත් විය යුතු බව ඇය තවදුරටත් පවසා සිටියා.

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය මත ඇති පීඩනය අඩු කිරීම සඳහා රෝග වැළැක්වීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා වැඩි මුදලක් ආයෝජනය කිරීම ඉක්මනින් සිදු කරන ලෙස Diabetes Australia රජයෙන් ඉල්ලා සිටිනවා.

නොමිලේ සෞඛ්‍ය පරීක්ෂාවන් කිරීම හොඳ ආරම්භයක් බව ඔවුන් පවසන නමුත් වර්ධනය වෙමින් පවතින Type 2 Diabetes අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා එය විශාල, දිගුකාලීන සැලැස්මක කොටසක් විය යුතු බව ඔවුන් කියා සිටිනවා.

ඔබට ළඟම Priceline Pharmacy Health Station මධ්‍යස්ථානය සොයා ගැනීමට portal.sisuhealthgroup.com/find-health-stations වෙත පිවිසෙන්න.

මෙම පොඩ්කාස්ට් විශේෂාංගය Diabetes Australia වෙබ්අඩවියේ පළ වූ මාධ්‍ය නිවේදනයක් අනුසාරයෙන් නිෂ්පාදනය කර ඇත.

——————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Type 2 Diabetes අවදානම, හදවත් සහ පරිවෘත්තිය ක්‍රියා ආශ්‍රිත පරීක්ෂාවන් මේ සතියේ නොමිලයේ ළඟම ෆාමසියෙන් | SBS Sinhala