'රණවිරුවා' යෙදුම ලේඛන කලාවට හඳුන්වා දුන් ඇගයීම් නොලද ජන හදවතේ පත්තරකාරයා - චන්ද්‍රසිරි දොඩන්ගොඩ

SBS Sinhala Chandrasiri Dodangoda.jpg

A look back at the life and work of late Chandrasiri Dodangoda—an underappreciated novelist, poet and journalist whose writing continues to resonate with readers. Source: Supplied / Chandrasiri Dodangoda Memorial Foundation.

කෘතහස්ත පුවත්පත් කලාවේදියෙක්, නවකතා හා කෙටිකතාකරුවෙක් සහ කවියෙක් ලෙස දශක ගණනාවක් ජන හදවත් දිනූ චන්ද්‍රසිරි දොඩන්ගොඩ සූරීන් දැයෙන් සමුගෙන මාර්තු 27 වෙනිදා ට වසර 8 ක් පිරීම නිමිත්තෙන් SBS සිංහල සේවය ඔහු පිළිබඳ ගෙනෙන ගුණානුස්මරණ ප්‍රත්‍යාවලෝකනයයි.


මේ සඳහා අදහස් දැක්වීමට එක් වූයේ ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි සහ සම්මානනීය ලේඛක නෝබට් අයගමගේ යන මහත්වරු සහ අභාවප්‍රාප්ත චන්ද්‍රසිරි දොඩන්ගොඩ සූරීන්ගේ බිරිඳ ප්‍රවීණ ලේඛිකා සුනිලා විජේසිංහ මහත්මියයි.

දොඩන්ගොඩ සතුව පැවති අසීමිත නිර්මාණ කුසලතාව අපව එදවස මෝහනයට පත් කළා
සම්මානනීය ලේඛක නෝබට් අයගමගේ
SBS Sinhala Chandrasiri Dodangoda Jayantha Chandrasiri Borbert Ayagamage Sunila Wijesinghe.jpg
(L-R) Veteran filmmaker Jayantha Chandrasiri, renowned novelist Norbert Ayagamage, and Sunila Wijesinghe, prominent writer and wife of the late Chandrasiri Dodangoda. Source: Facebook
චන්ද්‍රසිරි දොඩන්ගොඩ කියන්නෙ ජනතාව අසීමිතව ආදරය කළ හොඳ පත්තරකාරයෙක්
ප්‍රවීණ ලේඛිකා සුනිලා විජේසිංහ
SBS Sinhala Chandrasiri Dodangoda novels.jpg
A curated collection of some of Chandrasiri Dodangoda’s most renowned works. Source: Supplied / Chandrasiri Dodangoda Memorial Foundation.
‘රණවිරුවා’ කියන වචනය දිවයින පුවත්පත හරහා ජනගත කළේ චන්ද්‍රසිරි දොඩන්ගොඩ
ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි
SBS Sinhala Chandrasiri Dodangoda fans.jpg
Chandrasiri Dodangoda continued to mesmerise many fans across generations. A collection of online memoirs shared by his readers reflects his lasting impact. Source: Facebook / Aruni Bulathsinhala/ Ivor Virantha Fernando/ Hema Perera/ පොත් සමග ජීවිතේ.....
සම්භාව්‍ය නවකතාකරුවෙක් විදිහට සමාජ සම්භාවනාවට ඔහු පාත්‍ර නොවීම අදත් මගේ හිත පෙළන කාරණයක්
සම්මානනීය ලේඛක නෝබට් අයගමගේ
SBS Sinhala Chandrasiri Dodangoda mage sanda oba.jpg
Several of Chandrasiri Dodangoda’s popular novels have been adapted into teledramas, including “Mage Sanda Oba.” Source: YouTube / Torana Video Movies.
ඔහු පුවත්පත් විශේෂාංග ලිපි කලාවේ අත්පොතක් වගේ වටිනා මනුස්සයෙක්
ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි
SBS Sinhala Chandrasiri Dodangoda family.jpg
Chandrasiri Dodangoda’s life journey was closely associated with many prominent journalists, writers, poets, and literary figures of his time, including Dharmasiri Gamage, Sunil Madhawa Premathilaka, Karunadasa Sooriyarachchi, Gamini Sumanasekara, Thilakarathna Kuruwita Bandara, Kithsiri Nimalshantha, Dayasena Gunasinghe, Anura Siriwardena, Tissa Weerasekara, Gamini Mendis, and Sarath Wijesuriya, among others. (Lower Centre) Chandrasiri Dodangoda with his wife Sunila and their only son, Nipuna Dodangoda, a producer at SBS Sinhala. Source: Facebook / Sunila Wijesinghe/ In memory of Chandrasiri Dodangoda.
ඔහුට ඕනෑම මාතෘකාවක් ගැන ලිවීමේ හැකියාව තිබුණා. ඒ වගේම කවරදාවත් ලියපු කිසිම ලිපියක් ගැන බය වුණෙත් නෑ, ඕනෑම ප්‍රශ්නයක් ගැන ලියන්න බය වුණෙත් නෑ
ප්‍රවීණ ලේඛිකා සුනිලා විජේසිංහ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now