Key Points
- පාර්ලිමේන්තුව විසින් සාදන ලද ව්‍යවස්ථාපිත නීතිය, රජය විසින් සාදන ලද නියෝජිත නීතිය සහ උසාවිය විසින් සාදන ලද පොදු නීතිය ඕස්ට්‍රේලියාව තුල තිබෙන විවිධ ආකාරයේ නීති වේ.
- සමාන්තර නීති සම්පාදන සහ උසාවි දෙකක් සහිත ඕස්ට්‍රේලියාවේ නීති පද්ධතිය, ඕස්ට්‍රේලියාවේ රාජ්‍යමය වශයෙන් සහ ප්‍රාන්ත මෙන්ම ටෙරිටරි වල එකතුවක් බව පිළිබිඹු කරයි.
- ඔබගේ මූල්‍ය තත්වයන් නොසලකා නීති උපදෙස් සහ සහාය ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ විවිධ විකල්ප තිබේ.
නීතියේ ආධිපත්‍යයට සේවය සිදු කරන ආකාරයට ඕස්ට්‍රේලියානු නීති පද්ධතියට සම්බන්ධ සියලුම ක්‍රියාකාරීන් සහ ආයතන ක්‍රියාත්මක වේ.
මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාලයේ සහකාර මහාචාර්ය William Partlett පැහැදිලි කරන්නේ The rule of law හෙවත් නීතියේ ආධිපත්‍යය යනු නීතිය සියලු පිරිසට සමානව අදාළ සහ එය අපක්ෂපාතී, ස්වාධීන අධිකරණ මගින් ක්‍රියාත්මක වන අතර, ක්‍රියා පටිපාටි ආකාරයෙන් සම්මත කර ගැනීම වන බවයි.

පාර්ලිමේන්තු පනත් ලෙස හඳුන්වනු ලබන පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීති 'ව්‍යවස්ථාපිත නීතිය' ලෙස හඳුන්වනු ලබන නමුත් නීති සම්පාදනය කරනු ලබන්නේ ද ප්‍රඥප්තිවල අධිකරණ අර්ථකථන හරහා වේ.
ඕස්ට්‍රේලියාව තුල, එක්සත් රාජධානිය, හොංකොං, නවසීලන්තය වැනි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රටවල් බොහොමයක් මෙන් පොදු නීති පද්ධතියක් ඇත.
නීතියේ ප්‍රධාන මූලාශ්‍රය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතියක් වන ව්‍යවස්ථාව බව මින් පැහැදිලි කරයි.
උසාවියට ‘case law’ හෙවත් 'නඩු නීතිය' ලෙස හැඳින්වෙන දේ නිර්මාණය කළ හැකි අතර එය ‘common law’ හෙවත් 'පොදු නීතිය' ලෙස අප දන්නා දේ බවට පත් විය හැක.
මෙම 'පොදු නීතිය' සැමවිටම ව්‍යවස්ථාවෙන් යටපත් කළ හැකි බව සහකාර මහාචාර්ය William කියා සිටී.
මේ හේතුවෙන් එය නීතිය ක්‍රියාත්මක කරන සහ නඩු නීතිය නිර්මාණය කිරීමට සමත් ස්වාධීන අධිකරණයක් අතර අන්තර් ක්‍රියාවක් වශයෙන් දැක්විය හැක.
නමුත් මෙහි මූලික මූලාශ්‍රය වන්නේ පාර්ලිමේන්තුව සහ ප්‍රඥප්ති නිර්මාණය කිරීමයි.”

ඔස්ට්‍රේලියාව තුල විධායක රජය මගින් සාදන ලද 'පවරන ලද,' හෝ යටත් වූ, නීති ද ඇත.
අමාත්‍යවරුන් පාර්ලිමේන්තු පනතක බලය යටතේ රෙගුලාසි ආකාරයෙන් නීති සම්පාදනය කිරීම මේ සඳහා නිදසුනක් වශයෙන් ගත හැක.
ෆෙඩරල් සහ ප්‍රාන්ත නීති සහ උසාවි
ඕස්ට්‍රේලියාවේ, ඇතැම් නීති රට පුරා ක්‍රියාත්මක වන අතර අනෙක් ඒවා විවිධ ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව වෙනස් වේ.
මෙහිදී විවාහය සහ දික්කසාදය, බදුකරණය, ආරක්ෂාව, විදේශ කටයුතු සම්බන්ධ ගැටළු, සංක්‍රමණය වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීති සම්පාදනය කිරීමට ෆෙඩරල් රජයට තනි බලය ලබා දී ඇති ක්ෂේත්‍ර තිබෙන බව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ නීති සේවා කොමිසමේ Chris Stone පවසයි
උදාහරණයක් වශයෙන් ඔබ ඕස්ට්‍රේලියාවට පැමිණීමට හෝ ජීවත් වීමට වීසා ලබා ගැනීම වැනි දේ ප්‍රාන්ත වශයෙන් පැනවූ නීති නොවන අතර ඒවා රාජ්‍යමය වශයෙන් ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන නීති ලෙස පෙන්විය හැක.
ඔබගේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය අනුව වෙනස් වන නීති සඳහා "මහා මාර්ග" නීති පොදු උදාහරණයක් වේ.
දකුණු ඕස්ට්‍රේලියාවේ මාර්ග රථවාහන පනත පවතින අතර කෙසේ නමුත් එය අදාළ වන්නේ දකුණු ඕස්ට්‍රේලියාවට පමණි.
එමෙන්ම යමෙක් වික්ටෝරියා ප්‍රාන්තයෙහි සිටී නම්, ඔවුන් වික්ටෝරියා ප්‍රාන්තයෙහි මෝටර් රථ පැදවීම සම්බන්ධයෙන් අදාළ නීතිවලට අවනත විය යුතුය.
Chris පවසන්නේ මේවා ප්‍රන්තමය වශයෙන් ක්‍රියාත්මක වන නීති බවයි.

ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් ක්‍රමය එහි අධිකරණ ව්‍යුහයන් තුළ ද පිළිබිඹු වන අතර, උසාවි සහ විනිශ්චය සභා ධූරාවලි පද්ධතියක් තුළ ක්‍රියාත්මක වේ.
අභියාචනා සඳහා වන අවසාන පියවර ලෙස මහාධිකරණය ක්‍රියා කරයි.
සහකාර මහාචාර්ය William කියා සිටින්නේ පවුල් අධිකරණය ෆෙඩරල් අධිකරණ බල ප්‍රදේශය තුළ වෙනම අංශයක් වන අතර ඕස්ට්‍රේලියාවේ පවුල් නීතිය ජාතික අධිකරණ බල ප්‍රදේශයේ තිබීම ඊට හේතුව වන බවයි.
රාජ්‍ය මට්ටමින්, අපට රාජ්‍ය නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන උසාවි, මහේස්ත්‍රාත් අධිකරණ, ප්‍රාන්ත අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ තවත් බොහෝ අධිකරණ තිබේ.
මහාධිකරණය මගින් ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණ සහ ප්‍රාන්ත මට්ටමින් යන දෙකම අධීක්ෂණය කරයි.
අපරාධ නීතිය සම්බන්ධයෙන් ගත් කල, බොහෝ කරුණු ප්‍රාන්ත සහ ටෙරිටරි මට්ටම් තුළ සිදු කෙරේ.
Law Council of Australia හි ප්‍රධානී Greg McIntyre SC පැහැදිලි කරන්නේ අපරාධ නඩු වලදී නීතිමය ක්‍රියාදාමයන් සාමාන්‍යයෙන් රජය විසින් ආරම්භ කරන බවයි.
සාමාන්‍යයෙන්, ඕස්ට්‍රේලියාවේ පොලිස් සේවය අපරාධ විමර්ශනය කරයි, පසුව ඔවුන් ඒවා රජයේ නඩු අධ්‍යක්ෂ වෙත යොමු කරයි.
අනතුරුව පුද්ගලයෙකුට නඩු පැවරිය යුතුද නැද්ද යන්න පිළිබඳව රජයේ නඩු අධ්‍යක්ෂකවරයා තීරණය කරයි.
නමුත් පුද්ගලයන් සහ / හෝ සංවිධාන අතර ආරවුල් සම්බන්ධයෙන් නීතිමය ගැටළු වලදී මෙය එසේ නොවේ.

සිවිල් ක්‍රමයට නඩු විභාගයක් සිදු වුවහොත් මූලික වශයෙන් එයට රජය සම්බන්ධ නොවේ.
එහිදී පැමිණිලිකරුවෙකු උසාවියට නඩුවක් ගෙන එයි, පිළියම වන්නේ හානියක් හෝ වන්දියක් ලබාදීමයි.
නීති සහය ලබා ගැනීම
සිවිල් නඩු මෙන් නොව, එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල නීති ආධාර කොමිෂන් සභා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නෛතික මූල්‍ය ආධාර යෝජනා ක්‍රම ඇතුළත් රජයේ සහනාධාර නීති ආධාර සේවා තුළ අපරාධ කරුණු සඳහා ප්‍රමුඛත්වය දීම සිදු කරයි.
පුද්ගලයන් සිරගත වීමේ අවදානමක් ඇති තැන, ඔවුන්ට නීතිමය ආධාර ලබා දීම සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලැබේ.
නමුත් පුද්ගලයින් යම් දෙයකට වන්දි ඉල්ලා සිටින civil claims හෙවත් සිවිල් හිමිකම් වලදී, සාමාන්‍යයෙන් නීති ආධාර ලබා ගැනීම දුෂ්කර කාර්යයකි.
නඩුවකදී ඔබ වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙකු බඳවා ගැනීමේදී, ඔවුන්ගේ වලංගුභාවය පරීක්ෂා කිරීම වැදගත් වේ.
Greg පවසන්නේ සියලු නීති වෘත්තිකයින් එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වලට අදාළ වන රෙගුලාසි යටතේ practice certificates හෙවත් වත්මන් පුහුණු සහතිකයක් ලබා ගැනීමට බැඳී සිටින බවයි.
සෑම අධිකරණ බල ප්‍රදේශයකම ප්‍රාන්ත ආයතන මගින් ඔවුනට practice certificates යන සහතික නිකුත් කරනු ලැබේ.
ඔබ සහය ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයාට practice certificates යන නිත්‍යානුකුල සහතිකයක් තිබේද සහ ඒ මත කිසිදු නුසුදුසුකමක් නොමැතිද යන්න ඔබට ඔවුන්ගේ වෙබ් අඩවි ඔස්සේ පරීක්ෂා කළ හැක.
ඔබට එම තොරතුරු එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල නීතීඥ සංගම් සහ නීති සංගම්වලින් ද සොයාගත හැක.

ඇතැම් නීතීඥයින් සහ නීති සමාගම් රාජ්‍ය අරමුදල් සහිත නීති ආධාර සඳහා පුද්ගලයන් සුදුසුකම් නොලබන විට යම් යම් කරුණු සඳහා pro bono හෙවත් වෘත්තිකයෙකු විසින් නොමිලේ හෝ අඩු වියදමකින් සපයනු ලබන සේවා සහය ලබා දේ.
පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ නඩු සඳහා නීතිමය සහාය ලබා දීම සඳහා විශේෂිත වූ එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කාන්තා නීති සේවා ඇතුළුව ඔස්ට්‍රේලියාව පුරා ප්‍රජා නීති මධ්‍යස්ථාන ද තිබේ.
නීති ආධාර කොමිෂන් සභාවලට, මිල ගණන් දැරිය නොහැකි අයගේ සුදුසුකම් ලත් නඩු සඳහා නීතිමය නියෝජනය පිරිවැය ආවරණය කිරීම සඳහා සීමිත ප්‍රදාන ඇත.
කෙසේ වෙතත්, SA Legal Services හි Chris පවසන්නේ බොහෝ විට නීති ආධාර යනු නියෝජනයක් සම්බන්ධයෙන් නොවන බවත් ඕනෑම කෙනෙකුට ප්‍රවේශ විය හැකි සේවාවන් පවතින බවත්ය.
ඕස්ට්‍රේලියාවේ බොහෝ නීති ආධාර කොමිෂන් සභා නීති ආධාර ප්‍රදානයක් මත යැපෙන්නේ නැති පුද්ගලයින්ට උපදෙස් වැනි වෙනත් සහය ලබා දීම සිදු කරයි.

උසාවියේදී දඩයක් සම්බන්ධයෙන් විවාද කිරීමට හෝ කුඩා මුදල් ප්‍රමාණයක් සම්බන්ධයෙන් සිවිල් ආරවුල් සම්බන්ධයෙන්, නීතිඥයෙකු නොමැතිව තමන් වෙනුවෙන් පෙනී සිටීමට පුද්ගලයන්ට තෝරා ගත හැක.
නමුත් සෑම විටම තමන් විසින්ම මෙම කාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට හෝ උසාවියට යාමට පෙර උපදෙස් ලබා ගැනීමට ජනතාව දිරිමත් කරන බව Chris කියා සිටී.
විශේෂයෙන් ඔබ ඕස්ට්‍රේලියාවේ නීති පද්ධතිය ගැන සම්පූර්ණයෙන්ම හුරුපුරුදු නැතිනම් නීති උපදෙස් ලබා ගැනීම සැමවිටම නිර්දේශ කරන බවත් Chris පවසයි.
විවිධ රටවලින් සහ සංස්කෘතීන්ගෙන් ඕස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින් සමඟ ගනුදෙනු කිරීමේ බොහෝ අත්දැකීම් තම සතු වන බවත්, නීති පද්ධති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔවුන්ට විවිධ අවබෝධ තිබිය හැකි බවත් Chris කියා සිටී.
ඇතැම් විට මිනිසුන්ට වෙනත් තැන්වල ඉතා නරක අත්දැකීම් ඇති අතර, එය නීතිය සහ නෛතික ක්‍රියාවලිය කෙරෙහි ඔවුන්ගේ ආකල්පය අනුව ඔවුන්ට බලපෑමක් වේ.
මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නීති පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ උපදෙස් ලබා ගැනීම සැමවිටම හොඳ අදහසකි.
නීතිමය ගැටළු ඇති පුද්ගලයින්ට රජයෙන් අරමුදල් සපයන සේවාවන් රාශියක් මගින් උපකාර ලබාගත හැක.
නීති ආධාර කොමිෂන් සභා සහ විශේෂඥ ගෘහස්ත හිංසන නීති සේවා ඇතුළුව නීති ආධාර සපයන්නන්ගේ ලැයිස්තුවක් සඳහා ag.gov.au/legal-system/legal-assistance-services වෙත පිවිසෙන්න.





