Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාව තුල සේවක වැටුප් වැඩි විය යුතු ප්‍රතිශතය ගැන වෘත්තීය සමිති සහ ව්‍යාපාරික ප්‍රජාව මත දෙකක.

A lady holding Australian currency

Salary increase Source: Moment RF / Toni Faint/Getty Images

ඕස්ට්‍රේලියාවේ පවතින වර්තමාන ආර්ථික තත්වය තුල සාම දෙයකම පාහේ මිලගණන් ඉහල ගොස් තිබේ. කෙසේ උවත් වැටුප් වැඩිවීම උද්දමනයට සාපේක්ෂව සිදු නොවන බව වෘත්තීය සමිති පවසා සිටී. මේ නිසා ව්‍යාපාර සහ වෘත්තීය සමිති අතර යම් මත ගැටුමක් ඇති වී තිබේ.


ජීවන වියදම් හමුවී ජනතාවට ඇති පීඩනය සමනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ අවම වැටුප කොපමණ ප්‍රමාණයක් වැඩි කළ යුතුද යන්න සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ ව්‍යාපාරික කණ්ඩායම් අතර මතභේද පවතී.

ඕස්ට්‍රේලියාවේ උද්ධමනය සියයට 4.1 ක මට්ටමක පැවතීමත් සමග, වාර්ෂික වැටුප් වැඩිවීම ඊට සාපේක්ෂව සිදුවිය යුතු බව ෆෙඩරල් ආන්ඩුව යෝජනා කර ඇති නමුත් ඒ සඳහා නිශ්චිත ප්‍රතිශතයක් මේ වනතෙක් හෙළි කර නොමැත.

මෙම වැටුප් වැඩිවීම අඩු වැටුප් ලබන ජනතාවට ඉතා අවශ්‍ය බවත් ව්‍යාපාර වලට මෙම 5% වැඩිවීම දරාගත හැකි බවත් ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ප්‍රධානී Sally McManus පවසා සිටී.

අඩු වැටුප් ලබන ජනතාව මෙහිදී අමතක නොකළයුතු අතර පවතින ආර්ථික පීඩනය හමුවේ මෙම වැටුප් වැඩිකිරීම අත්‍යවශ්‍ය බව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් (Jim Chalmers) පවසා සිටී.

Fair Work Commission's හි සමාලෝචන වාර්තාවේ නිර්දේශ මෙම වැටුප් වැඩිවීම් වලට බලා තිබේ. ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය (ACTU) සියයට 5ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඇති අතර එමඟින් අවම පැයක ගාස්තුව ඩොලර් 24.39 දක්වා හෝ පූර්ණ කාලීන සේවකයන් සඳහා වැටුප වසරකට ඩොලර් 48,200 දක්වා ඉහළ යනු ඇත.

මෙම වැටුප් වැඩිවීම අඩු වැටුප් ලබන ජනතාවට ඉතා අවශ්‍ය බවත් ව්‍යාපාර වලට මෙම 5% වැඩිවීම දරාගත හැකි බවත් ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ප්‍රධානී සැලී මැක් මානස් (Sally McManus) පවසා සිටී. උද්දමන තත්වයකදී ව්‍යාපාරවලට ඉතා පහසුවෙන් භාණ්ඩ මිල වැඩිකිරීමෙන් තම පාඩුව පියවාගැනීම සිදුකරන නමුත් වැටුප් වැඩිවීම් සිදුවීම ඉතාමත් සෙමින් සිදුවන බව ඇය වැඩිදුරටත් පවසා සිටී.

ඕස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (ACCI) සියයට 2 ට නොවැඩි වැටුප් වැඩි කිරීමක් සඳහා යෝජනා කර ඇත. එහිදී අවම පැයක වැටුප් අනුපාතය ඩොලර් 23.69 ක් හෝ පූර්ණ කාලීන සේවකයින් සඳහා වසරකට ඩොලර් 46,823 ක් වනු ඇත.

වර්තමාන ආර්ථික තත්වය හමුවේ ව්‍යාපාර ඉතා අසීරු තත්වයක පසුවන අතර ව්‍යාපාර සඳහා යෝජනා කිරීම් වල අඩුවක් ඇති බවද ඕස්ට්‍රේලියානු වාණිජ මණ්ඩලයේ සභාපති ඇන්ඩ්රු මැක්කෙලර් (Andrew McKellar) පවසා සිටී.

Fair Work කොමිසම විසින් 2023 වසරේදී 5.75%ක ප්‍රතිශතයකින් වැටුප් වැඩි කල අතර මෙහිදී අධි උද්දමන තත්වය සහ සේවක හිඟය වැනි කාරණා සැලකිල්ලට ගෙන තිබේ.

ඕස්ට්‍රේලියානු රජය විසින් ගෙන ආ තුන්වන අධියරේ බදු සහනය ක්‍රියාත්මක වීමට නියමිත අතර බදු සහන ලබා දුන්නද අවම වැටුප් ලබන ජනතාව වෙනුවෙන් වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු බව රජයේ මතය වී තිබේ. මේ ආකාරයට අවම වැටුපෙහි යම් වැඩිවීමක් සිදුවන්නේ නම් එය මූල්‍ය වර්ෂය ආරම්භයේ එනම් ජුලි පළමු වනදා හෝ ඉන් පසුව ක්‍රියාත්මක වනු ඇති.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now