Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ වාහන නඩත්තු වියදම් උද්දමනය වගේ තුන්ගුණයකින් වැඩිවෙලා. වාහන නඩත්තු වියදම් වැඩිම නගර මෙන්න

Young Man at Gas Station in Shock Over Sale Price

Young Man at Gas Station in Shock Over Sale Price Credit: jhorrocks/Getty Images

ඔස්ට්‍රේලියාව තුල වර්තමානයේ පවතින උද්දමනය හේතුවෙන් බොහෝ භාණ්ඩ හා සේවා මිලගණන් ඉතා ඉහල ගිහින් තිබේ. මේ අතර කැපී පෙනෙන මිල ඉහල යාමක් වාර්තාකරණ අංශයක් වන්නේ ප්‍රවාහන අංශයයි. බොහෝ ඕස්ට්‍රේලියානුවන් පුද්ගලික වාහන භාවිතා කරණ අතර මෙහිදී ඒ සඳහා යන වියදම උද්දමන අගය මෙන් තුන්ගුණයක් දක්වා ඉහල ගොස් තිබේ.


ඕස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගේ සංගමය වාහන නඩත්තුව හා සම්බන්ද පිරිවැය දැරීමේ හැකියාව සම්බන්දයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

උද්දමන අගය වාර්තා වන්නේ 4.1 ලෙසයි. කෙසේ උවත් වාහන සඳහා යන වියදම 13%කින් ඉහල ගොස් තිබේ . නගර ආශ්‍රිත වාහන භාවිතා කරන්නන් 12.4% ක අමතර පිරිවැය වැඩිවීමකට මුහුණ දුන් අතර ප්‍රාදේශීය ප්‍රදේශවල එම අගය 13.7%ක් වී තිබේ.

වාහන මිල ඉහල යාම,වාහන ණය සඳහා ගෙවිය යුතු පොලී අනුපාත ඉහල යාම, රක්ශාවරණ ලබාගැනීමේදී රක්‍ෂණ වාරික මිල ඉහල යාම වැනි කාරණා මේ ආකාරයට වාහන භාවිතාව සඳහා යන වියදම් ඉහල යාමට හේතු වී තිබේ

2022 දෙසැම්බර් මාසය වනවිට ගමනා ගමනය සඳහා වියදම් කල ප්‍රමාණය නිවසේ මුළු ආදායමෙන් 15.6 වී තිබුනද එම අගය මේ වනවිට වසරක් තුල 17% දක්වා වැඩි වී තිබේ.

වාහන සහ ගමනාගමනය සඳහා මිල අධිකම නගර මොනවාද?

ගමනාගමන වියදම අතින් අඩුම ගමනාගමන වියදමක් පෙන්නුම් කරන ප්‍රදාන නගරය ලෙස Hobart නගරය වාර්තා වේ. කෙසේ උවත් Hobart නගරයේ ජීවත් වන අයකුගේ ආදායම සහ ප්‍රවාහන වියදම සසඳා බැලූ විට දැරිය හැකි මිලකර ප්‍රවාහන පහසුකම් ඇති නගර අතරින් අවසන් තැනට හෝබාර්ට් 6නගරය පත් වී තිබේ.මෙහිදී සාමාන්‍ය ආදායමක් ලබන පව්ලකට තම ගමනාගමනය සඳහා ආදායමෙන් 19.3ක් වය කිරීමට සිදුවී තිබේ.

මෙහිදී Brisbane නගර වැසියන් තම ආදායමෙන් 18.7ක් ප්‍රවාහනය සඳහා වය කරන අතර මෙල්බෞර්නෙ නගර වැසියන් තම ආදයෙමේ 17.9 ක් ද වැයකිරීමට සිදුවේ.. Darwin වල මෙම අගය 17.4ක් වේ. මෙහිදී මිල අදිකම ප්‍රවාහන සේවාවන් සහිත නගරය ලෙස Sydney වාර්තා උවත් එහි වැසියන් තම ආදායමෙන් ප්‍රවාහනය සඳහා වය කරන ප්‍රමාණය 16.6 බව වාර්තා වේ.

මේ අතර ප්‍රාදේශීය ප්‍රදේශ අතරින් Tasmania වේ Launceston නගරය මෙම දර්ශකයේ පහළින්ම සිටින අතර එහිදී තම ආදායමෙන් 20.1% ප්‍රවාහනය සඳහා වෙන්කිරීමට එහි ජනතාවට සිදුවී තිබේ

Sabrina කියන්නේ Sydney නුවර වාසය කරන අයෙක්. යට තම රාජකාරී කටයුතු සඳහා නිතර NSW ප්‍රාන්තයේ සංචාරය කිරීමට සිදුවේ. ඇය මෙම වාහන නඩත්තු වියදම් සහ ප්‍රවාහන වියදම් වැඩිවීම් ඉතා හොඳින් අත්දැකපු අයෙක්. ඇය පවසන ආකාරයට වාහන ලියාපදිංචි ගාස්තු සහ රක්ෂණ වාරික $300කින් පමණ ඉහල ගොස් තිබේ. ඊට අමතරව ඇය ගෙවන Toll ගාස්තු දෙගුණයක් බවට පත් වී ඇතිබව ඇය සඳහන් කර තිබේ. 2022 වසරේදී ය petrol ලීටර් 1ක් සඳහා $1.20 ගෙවා තිබුනද 2023 වසරේ සිට ලීටර් එකක් සඳහා $1.60ක් ගෙවීමට ඇයට සිදුවී තිබේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now