ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල හඬක්, මෙන්ම වසර ගණනාවක් පුරා රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය තුළ සිය සුවිශේෂී සලකුණක් තැබූ, සම්මානලාභී නිවේදකයෙකු ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ඉන්ද්‍රසිරි සුරවීර සමඟ SBS මෙල්බර්න් මැදිරි සංකීර්ණයේ සිට SBS සිංහල පැවැත් වූ සජීව සාකච්ඡාවට සවන් දෙන්න.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථවේ සහ ස්වාධීන රූපවාහිනී ආයතනයේ ජනප්‍රිය වැඩසටහන් රැසකට දායක වූ ඔහු, නිවේදකයෙකු පමණක් නොව ගීත රචකයෙකු, නිෂ්පාදකයෙකු සහ තරුණ මාධ්‍යවේදීන්ගේ මාර්ගෝපදේශකයෙකු ලෙසද කටයුතු කරයි.
ඉන්ද්‍රසිරි සුරවීර මහතාගේ මෙල්බර්න් සංචාරයක් අතරතුර SBS සිංහල වැඩසටහන සමඟ සාකච්ඡාවට ඔහු සම්බන්ධ වුණා.
ඔහුගේ මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් මෙන්ම අභියෝග ගැන වගේම වත්මන් මාධ්‍ය කලාවේ නව ප්‍රවණතා ගැන ඔහුගේ අදහස ගැනත් අපි විමසා සිටියා.
රාජ්‍ය මාධ්‍ය වල යාන්ත්‍රණයට අභියෝග කරන්න දේශපාලනයට ටිකක් අමාරුයි මොකද අපි පැලවෙලා ඉන්නේ අපේ ප්‍රේක්ෂකයා එක්ක. ඒ නෙට්වර්ක් එක කඩනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි.ජේෂ්ඨ මාධ්‍යවේදි ඉන්ද්‍රසිරි සුරවීර
මේ සාකච්ඡාව මුලදී ඉන්ද්‍රසිරි සුරවීර නම් මාධ්‍යවේදියාත් එහි අවසානයේදී ඉන්ද්‍රසිරි සුරවීර නම් කලාකරුවාත් ඔබට මුණ ගැහේවි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






