වික්ටෝරියා ප්‍රාන්තයෙන් පසුගිය අගෝස්තු මාසයේ ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා ලබාගත් පුද්ගලයින් මෙන්න

Victoria updates their 190 & 491 visa nomination for the month of August 2022

Source: Getty / Getty Images/FotografiaBasica

වික්ටෝරියා ප්‍රාන්තයේ 190 සහ 491 වීසා සඳහා නිර්දේශ කිරීම්වල අගෝස්තු මාසයේ සාරාංශය මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තම්න්තුව නිවේදනය කර තිබේ.


වික්ටෝරියා ප්‍රාන්තයේ 190 සහ 491 වීසා සඳහා නිර්දේශ කිරීම්වල අගෝස්තු මාසයේ සාරාංශය මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තම්න්තුව නිවේදනය කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන Skilled nominated වීසා (subclass 190), Skilled Work Regional (Provisional) වීසා (subclass 491) සහ 188 - Business Innovation and Investment (Provisional) වීසා යනුවෙන් කොටස් තුනකින් සමන්විතය.

ඉහත වීසා සඳහා අයදුම් කිරීමට පෙර ඔබ වික්ටෝරියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තම්න්තුව වෙත Register Of Interest එකක් හෙවත් ROI එකක් යොමු කළ යුතුවේ.

ඔබේ ROI එක ඔවුන් සලකා බලා ඔබේ සුදුසුකම් පිළිබඳ සැහීමකට පත් වුවහොත් ඔවුන් ඔබට අදාළ වීසා බලපත්‍රය අයදුම් කිරීම සඳහා නිර්දේශ ලබාදෙයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

Skilled nominated වීසා (subclass 190)

2022-23 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ 190 වීසා සඳහා 9,000 ක කෝටාවක් වෙන් කර තිබේ.

මෙය පසුගිය වසරට සාපේක්ෂව 6,000 ක වැඩි වීමකි.

2022 අගෝස්තු 31 වන විට, වික්ටෝරියා ප්‍රාන්තයේ 2022-23 සංක්‍රමණ වැඩසටහනේ 190 වීසා සඳහා ROI 14,202 ක් ලැබී ඇත.

එයින් 190 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අයදුම්කරුවන් 377 දෙනෙකු හට නිර්දේශ ලබා දී ඇති බව වික්ටෝරියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තම්න්තුව නිවේදනය කරයි.

190 වීසා යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම ලබාදෙන වීසා බලපත්‍රයකි.

Skilled Work Regional (Provisional) වීසා (subclass 491)

2022-23 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා සඳහා 2,400 ක කෝටාවක් වෙන් කර තිබේ.

මෙය පසුගිය වසරට සාපේක්ෂව 1,900 ක වැඩි වීමකි.

2022 අගෝස්තු 31 වන විට, වික්ටෝරියා ප්‍රාන්තයේ 2022-23 සංක්‍රමණ වැඩසටහනේ 491 වීසා සඳහා ROI 4,734 ක් ලැබී ඇත.

එයින් 491 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අයදුම්කරුවන් 35 දෙනෙකු හට නිර්දේශ ලබා දී ඇති බව වික්ටෝරියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තම්න්තුව නිවේදනය කරයි.

491 වීසා යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ඇති වසර 5 කට බලාත්මක වීසා බලපත්‍රයකි.

මෙහි අදාළ කොන්දේසි නිසි ලෙස සම්පුර්ණ කිරීමෙන් වසර 3 කට පසුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් සපුරයි.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now